Ads 468x60px

.

ගයානුයි චතුරිකායි මොකවත් නොදන්න ගානට කතාකරන්නේ - ගයාන්ගේ බිරිඳ ඇත්ත කියයි

සමහර දවස්‌වලට පාරේ බැහැලා යන්න බැරිතරමට මම ගුටිකාලා තියෙනවා...

මම දරුදෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක්‌. මාව අසරණ කළා මදිවට... 

මාධ්‍යයෙනුත් මට මඩ ගහන එක කොච්චර වැරදිද...

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා.

රොෂාන්-චතුරිකා ආදර කතාවේ දෙදරායාම පසුගිය සතියේ සිට කලා ලෝකයෙන් ඇසෙන තොරතුරු අතර මුල්තැන ගත්තා. මේ කතාවට තුන් වැන්නෙක්‌ ලෙස එකතු වී තිබුණේ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වන ගයාන් වික්‍රමතිලකගේ නමයි. 

ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ නිර්දෝෂී භාවය හා සත්‍ය අසත්‍ය තාවය මාධ්‍ය මගින් ප්‍රකාශකර සිටියත් එම කතාබහට ලක්‌වී තිබුණු ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් ට එම අවස්‌තාව උදාවී තිබුණේ නැහැ. 


ඇය මේ හෙළිදරව්ව හමුවේ ඉතාමත් අපහසුතාවයකට ලක්‌වී තිබෙන බවට ලැබුණු ආරංචිය හා සැමට සාධාරන වූ මාධ්‍ය භාවිතාවක්‌ අනුගමනය කරීම අපගේ ප්‍රතිපත්තියවූ නිසා අප මේ පිළිබඳව ෆර්ෂිනා ලතීෆ්ගෙන් තොරතුරු විමසා සිටියා. එහිදී මේ සියළු දේයට පිළිතුරු ලෙස ඇය අප සමග පවසා සිටියේ මෙවැන්නක්‌. 

ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. නමුත් මේ පවුල්වලට සම්බන්ධ හැමෝම දන්නවා ඇත්තටම සිදුවුණේ මොකක්‌ද කියලා. මේ දෙන්නගේ සම්බන්ධය නිසා අද මම දරුපැටව් දෙන්නෙක්‌ සමග අන්ත අසරණයි.

පසුගිය කාලේ ෂූටින් කිය කියා ගයාන් නිතරම ගෙදරින් පිටවෙලා ගියා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබෙන බව. මම හිතුවේ ඇත්තටම එයාට ගොඩක්‌ වැඩ ඇති කියලයි.

අන්තිමට ඒ හැමදෙයක්‌ම එළිවුණා. ඊට පස්‌සේ චතුරිකයි එයාගේ අම්මයි තාත්තයි රොෂානුයි අපේ ගෙදර ආවා මේ ගැන කතාකරන්න. ඒ වෙලාවේ මගේ අම්ම තාත්තත් හිටියා. අපි මේ ගැන අහනකොට චතුරිකා අපි හැමෝම ඉදිරියේදී

පිළිගත්තා ගයාන් එක්‌ක ආදර සම්බන්ධයක්‌ තිබෙන බව.

මම කවදාවත් ගයාන්ව ගෙදරින් එළියට දැම්මේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ. මම එහෙම කළොත් දරුපැටව් දෙන්නයි මාවයි බලාගන්නේ කව්ද. නමුත් එයා මාධ්‍යයට කියලා තිබුණා මම එයාව ගෙදරින් එළියට දැම්මා කියලා. ඒක බොරුවක්‌. මේ හැම දෙයක්‌ම එළිවුණහම එයාම තමයි ගෙදරින් දොට්‌ට බැහැලා ගියේ.

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා. එතකොට අපිට දරුවෝ හිටියේ නැහැ. ඒ දේවල් නිසා මම එයාගෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නකොට එයාම ඇවිත් මගෙන් සමාව අරගෙන ආයේ එහෙම දෙයක්‌ වෙන්නේ නැහැ කියල පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ආයේ එයා කැඩුවා. මගේ ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.

මම දන්න විදිහට ඇත්තටම මගෙන් එයාට කිසි වරදක්‌ වෙලා නැහැ. ඒත් පසුගිය කාලේ එයා දිගින් දිගටම මාත් එක්‌ක රණ්‌ඩුකරන්න පටන් ගත්තා. නිතර නිතර මට පහරදුන්නා. ඒ වෙලාවට මම ඇහුවා ඇයි මට මෙහෙම කරන්නේ කියලා. සමහර දවස්‌වලට පාරේ බැහැලා යන්න බැරිතරමට මම ගුටිකාලා තියෙනවා. ඒ වෙලාවට එයා කියන්නේ මාත් එක්‌ක ජීවත් වෙන්න බැහැ කියලා.

මම දරුදෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක්‌. මාව අසරණ කළා මදිවට මාධ්‍යයෙනුත් මට මඩ ගහන එක කොච්චර වැරදිද. එහෙම වුණහම මම කොහොමද දරුදෙන්නත් එක්‌ක සමාජෙට මුහුණ දෙන්නේ. ඒ නිසයි මගේ නිර්දොaaෂි භාවය වෙනුවෙන් මේ ටික හරි මාධ්‍යට කියන්න හිතුවේ.

ගයාන් කියලා තිබුණා රොෂාන් පිලපිටියයි අපේ පවුලේ අයයි මමයි එකතුවෙලා එයාගෙන් පලිගන්න එයාට මඩගහනවා කියලා. ඇත්තටම රොෂාන්ව මීට කලින් මම කවදාවත් හමුවෙලාවත් කතා කරලවත් තිබුණේ නැහැ. ඒ කතාව බොරුවක්‌. මම රොෂාන්ව දැනගෙන හිටියේ නළුවකේ විදිහට විතරයි.

ගයානුයි මමයි විවාහවෙලා අවුරුදු හතක්‌ වෙනවා. එත් අද දරු දෙන්නත් සමග මම තනිවෙලා. කඩවත පැත්තේ රෙන්ට්‌ එකට ගත්ත ගෙදරක තමයි තවමත් අපි ජීවත් වෙන්නේ.

මම මැලේ ජාතික කෙනෙක්‌. මම ගයාන් එක්‌ක විවාහ වුණේ ලොකු විශ්වාසයකින්. ගයාන්ගේ ආගම බෞද්ධ. ඒ නිසා මමත් මගේ ආගම පවා අත්හැරලා බෞද්ධ වුණා. මම අදත් බුදුන්ට මල්පහන් පූජා කරනවා. මේ හැමදේම වෙනස්‌ වුණේ එයා වෙනුවෙන්.

නමුත් අද මගේ පිහිටට ඉන්නේ මගේ දෙමව්පියෝ විතරයි.

නීතිමය උපදෙස්‌ මත මම මේ ගැන කඩවත පොලීසියේ පැමිණිල්ලක්‌ දැම්මා. අපි මුණගැසුණේ මහේන්ද්‍ර පෙරේරාගේ ඩ්‍රාමා ක්‌ලාස්‌ එකේදී. එයා නිසා මම කලා කටයුතුවලිනුත් ඉවත්වුණා. මේ හැමදේම කැප කරපු මට එයා අද සැලකුවේ මේ විදිහටයි.
 
Related Posts with Thumbnails