Ads 468x60px

.

හුලං නොබසින ටයරයක් හැදු යක්කල කොල්ලෙක්

ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකියි...

යක්කලමුල්ල කොට්ටව ප‍‍්‍රදේශයේ විදුලි කාර්මිකයකු නවතම ක‍්‍රමවේදයක් අනුව හුලං නොබසින ටයරයක් නිර්මාණය කර තිබෙනවා.

මේ ටයරය ටියුබය නොමැතිව නිර්මාණය කර තිබෙනවා.

හුලං පුරවන ලද කුඩා රබර් බෝල උපයෝගි කර ගනිමින් තියුණු තුඩු සහිත ඕනෑම මතුපිටක් උඩින් ටයරය ධාවනය කළ හැකි ආකාරයට මෙය සකස්කර තිබෙනවා.

ටයරයට හෝ රබර් බෝලවලට හානියක් නැත.

බයිසිකල් ටයරයක ටියුබය ඉවත් කොට හුලං ගසන කරාමය තුළින් සිහින්ව සකසන ලද සුළං පුරවන ලද කුඩා රබර් බෝල ඇතුළත් කිරීම මගින් මෙම ටයරට නිර්මාණය කර තිබෙනවා.


ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි ලෙස ටයර් නිර්මාණය කිරීමට දක්ෂ මෙම තරුණයා මෝටර් රථයේ ප‍්‍රමාණය අනුව මෙම රබර් බෝල පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට සකස් කර තිබෙනවා.


බස්, කාර්, ලොරි ආදි වහනවලටද යතුරු පැදි පාපැදි ආදි ඕනෑම වාහනයකට මෙම ක‍්‍රමය මගින් ටියුබ් රහිතව හුලං වෙනුවට හුලං පුරවන ලද මෙම රබර් බෝල උපයෝගි කර ගෙන ටයරය ධාවනය සඳහා යෙදවිය හැකි බවද පැවසෙනවා.

මෙම ටයරයේ රිම් එකේ ඇති හුලං ටයරයට ඇතුළු කරන ස්ථානයෙන් තෙල් ස්වල්පයක්ද යොදා හුලං පුරවන ලද රබර් බෝල ඇතුළත් කිරීම සිදුකරනු ලබ
නවා.




 
Related Posts with Thumbnails