Ads 468x60px

.

සෙක්ස් සොයා ලංකාවට SEX වලින් වාර්තාවක්...

ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ලංකාව ඉදිරියෙන්...

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ...

ගූගල් සෙවුම් යන්ත්‍රයෙන්  එක්තරා වචනයක්  පිරික්සන ලොව මුල් තැන ගන්නා රට ශ්‍රී ලංකාව බව ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවිය කියනවා.

සෙක්ස් හෙවත් ලිංගිකත්වය යන වචනයෙන් ලංකාව මුල් තැනට ද, ඉන්දියාව දෙවැනි තැනට ද, පැපුආ නිව්ගිනියාව තෙවැනි තැනට ද පත්ව සිටිනවා. මේ සමීක්ෂණය කැරුණේ මේ වසර වෙනුවෙනුයි.


ඉතියෝපියාව, පාකිස්ථානය, බංගලිදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව හා කාම්බෝජය සෙසු රටවල් දහය අතර වෙනවා. ඉන්දියාවේ බැංගලෝරය, ඉන්දියා ලැයිස්තුවේ මුලටම සිටිනවා.

චෙන්නායි, පූන්, නවදිල්ලිය හා කල්කටා ඊළඟට ගැනෙන ඉන්දියාවේ ප්‍රධාන නගර වේ. පකිස්ථානයේ ලාහෝරයටමුල් තැන හිමි වෙනවාඉන්දියාවේ චන්දිගාර් හා මුම්බායි නගර ද, වියට්නාමයේ හෝ චිං මිං හා හැනෝයි නගර ද, එම වචනයේ ප්‍රධාන කොටස් කරුවෝය.

මේ අනුව ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය. 

මෙහිදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ රැඳී තිබෙනවා.  2012 වසරේ ලාංකිකයන් විසින් ලිංගිකත්වය පිලිබඳ වැඩිපුර සොයා ඇත්තේ 2012‍ අප්‍රේල් මස 15 වනදා සිට අප්‍රේල් 21 දක්වාත් 2012 දෙසැම්බර් මස 23 වන දින සිට දැනට ගතවන සතිය බව හෙළිවී තිබෙනවා

ඒ අනුව පෙනී යන්නේ නිවාඩු සහිත කාල වකවානු වල එම යෙදුම ගුගල් ඔස්සේ සෙවීම ඉහලගොස් ඇති බවය .එසේම ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් විසින් 2012 නොවැම්බර් ස 11 වනදා සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012 ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු සොයා තිබෙනවා.

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 මෙසේය. 






  

Top regions for sex. Web Search. Worldwide, 2004 - present.




ගුගල් ඔස්සේ වැඩිපුරම සොයා ඇති යෙදුම් වන්නේ 

මේසේ  ගුගල් ඔස්සේ සොයන ලද සෙවුම් වදන් වැඩිපුරම සොයා ඇති රටවල් පිලිබද අවබෝධයක් ලබාගැනීමට පහත සබැඳියෙන් පිවිස අදාළ යෙදුම ඇතුලත් කරන්න.  
http://www.google.com/trends/


Google trend වාර්තාව මෙතනින්

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 මෙසේය.

01 ශ්‍රී ලංකාව

02 ඉන්දියාව

03 පැපුවා නිව් ගිනියාව

04 ඉතියෝපියාව

05 පාකිස්තානය

06 බංගලාදේශය

07 වියට්නාමය

08 නේපාලය

09 සෝමාලියාව

10 කාම්බෝජය
 
Related Posts with Thumbnails