Ads 468x60px

.

මීටර් 5000 ධාවන තරගය පැවැත්වෙමින් තිබියදී සිසුවියක් ධාවන පථය මත ඇද වැටී මියගිහින්...

සිසුවිය ඇද වැටුණේ මීටර් 5000 දෙවැනි වටයේදී... 

අරණායක රිවිසඳ ජාතික පාසලේ අද (26) පෙරවරුවේ පැවැති නිවාසාන්තර ජවන හා පිටිය මළල ක්‍රිඩා මූලික තරග වටයේ මීටර් 5000 ධාවන තරගය පැවැත්වෙමින් තිබිය දී ධාවන පථය මත සිහිසුන්ව ඇද වැටුන සිසුවියක් පසුව මියගොස් තිබෙනවා. 

මීටර් 5000 දෙවන වටයේ දී මෙම සිසුවිය ඇද වැටී තිබෙනවා

මෙසේ මියගියේ අරණායක,රහල නැගෙනහිර පදිංචි වී සිටි ඩබ්.ටී.ඊ. හෂිනි අනූෂා කුමාරි නැමැති 17 හැවිරිදි සිසුවියයි. ඇය රිවිසඳ ජාතික පාසලේ 13 වැනි ශ්‍රෙණියේ වානිජ අංශයේ ඉගෙනුම ලබමින් සිටියා. 

මීට පෙරද මෙම සිසුවිය ක්‍රිඩා තරග ආදියට සහභාගී වී ඇති අතර ත්‍යාග සහ සහතික පත්‍ර ද දිනා තිබෙනවා. ඇයට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙක් සිටින අතර හෂිනි පවුලේ එකම ගැහැණු දරුවායි.

සිසුවිය ධාවන පථය මත ඇද වැටීමෙන් පසු සෙසු සිසු සිසුවියන් සහ ගුරුවරියන් ඇය නිවාසය වෙත රැගෙන ගොස් ප්‍රථමාධාර ලබා දෙමින් සිහි ගන්වන්නට උත්සහ කර තිබෙනවා

අනතුරුව ත්‍රීවිලරයක් මගින් ඇය මාවනැල්ල රෝහලට රැගෙන ගොස් තිබෙන අතර ඒ වන විටත් ඇය මියගොස් තිබුනා.




 
Related Posts with Thumbnails