Ads 468x60px

.

ගොසිප්9 වෙබ් අඩවිය ලංකාව තුල තහනම් කරයි..

මෑත කාලීනව ලංකාවේ සැඟවුණු පුවත් හෙලිකල ආකර්ශණීය පුවත් වෙබ් අඩවියක් වූ ගොසිප්9 වෙබ් අඩවියට පෙරේදා (20) සවස් භාගයේ සිට ටෙලිකොම් සබඳතා වලින් හැර අන් කිසිඳු අන්තර්ජාල සබඳතාවකින් පිවිසිය නොහැකි බවට වාර්තා වී තිබෙනවා. 

මෙය සැබෑ ලෙසම තහනම් කිරීමක්ද නැතහොත් එහි තාක්ෂණික දෝෂයක්ද යන්න අදාල වෙබ් අඩිවිය නිසියාකාරව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනය පහතින්

පෙරේදා දිනයේ (20) සවස් කාලයේ සිට ගොසිප්9 වෙබ් අඩවියට Mobitel, Hutch, Etisalat අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ පිවිසීමට නොහැකි විය. ගොසිප්9 ෆේස්බුක් පිටුව ඔස්සේ අප සමග අදහස් හුවමාරු කරගත් බොහෝ දෙනා අප වෙත එම තත්ත්වය තහවුරු කළේය.

එමෙන්ම ඊයේ රාත්‍රියේදී අපට ලැබුණු තොරතුරු වලට අනුව සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් හට අප වෙබ් අඩවියට වැට බැඳීම සඳහා නියෝග ලැබී තිබුණි.

ඒවායින් Mobitel, Hutch, Etisalat ඊයේ දිනයේම ක්‍රියාත්මක වූ අතර Telecom, Lankabel, Dialog සඳහා අද උදෑසන පටන් ක්‍රියාත්මක වුනි. නමුත් සවස වනවිට ටෙලිකොම් වලින් පමණක් වෙබ් අඩවිය නැරඹිය හැකි විය.


මේ තත්ත්වය මත පාඨකයන් හට වෙබ් අඩවියට පැමිණීමට නොහැකි හෙයින් අපගේ ෆේස්බුක් පිටුව ඔස්සේ කල හදිසි දැනුවත්කිරීමකින් පසුව gossip9.com නාමය වෙබ් අඩවියෙන් ඉවත්කොට gossip9news.com යන නාමය භාවිතයට ගන්නා ලදි.

නමුත් පැය කිහිපයක් තුලදී Etisalat හා Mobitel තුලින් gossip9news.com යන නාමයද තහනම් විය. එබැවින් අප දැන් gossip9news.blogspot.com යන නාමය භාවිතයට ගෙන තිබේ.

ඒ අනුව ගොසිප් 9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි.

අප වෙබ් අඩවියට මෙලෙස බාධා පැමිණවීම පිළිබඳව අප තුල ඇත්තේ කණගාටුවකි. රටේ බොහෝ මාධ්‍යයන් අන් ඇයගේ න්‍යාය පත්‍රයන්ට යටවී ක්‍රියාකරන සමයක අසාධාරණයට එරෙහිව, මුදල් හා වෙනත් පරමාර්ථ වලින් තොර වූ ස්වාධින පුවත් සේවාවක් ලබාදීමට අප කටයුතු කර ඇත්තෙමු.

සරත් ෆොන්සේකාට රජය මඟින් අසාධාරණයක් වූ බව අපට හැඟුණු බැවින් අප ඔහු වෙනුවෙන් පෙනී සිටියෙමු. ලංකාවේ පොලීසියෙන් හා රජයේ මැති ඇමතිවරුන්ගෙන් ජනතාවට වූ අසාධාරණ කම්, රජයේ බලගතු පුද්ගලයන්ගේ කුපාඩිකම්, වංචා, දූෂණ නම් ගම් සහිතව නොබියව අපි හෙළි කළෙමු.

වෙනත් මාධ්‍ය විසින් කතා නොකරන, රටේ කතා කල යුතු දේ ගැන අප ඔබට සංවාද විවර කර දුන්නෙමු. ගොසිප් වෙබ් අඩවියකට වඩා එහාට යමින් විශ්වය පිළිබඳ නවතම සොයාගැනීම හා විද්‍යා දැනුම ඔබ හා බෙදා ගත්තෙමු.

ඒවාට ලැබෙන පාඨක ඔබගේ ප්‍රතිචාර එවෙලේම අනුමත කිරීමට දිවා රාත්‍රී කාලය කැප කළෙමු. අප වෙබ් අඩවිය තුළ පාඨක ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත්, ඒවා අනුමතවීමට ගතවූ කාලයත් ලංකාවේ කිසිදු වෙබ් අඩවියක නොවූ විරූ තරම්ය. ඒ කිසිවක් අපට ලැබුන නිසා නොවේ.

දිනකට 290,000කට ආසන්න හිට්ස් ලබමින් ඉතා කෙටි කාලයක් තුළදී ගොසිප්9 ලැබූ ජනප්‍රියතාව ඇලෙක්සා ශ්‍රේණිගතකිරීම මඟින් දැකගත හැකිය. අප සමඟ ඔබේ ඇති සම්බන්ධතාවය වඩා ශක්තිමත් කරගැනීමට අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
www.facebook.com/gossip9news


කතෘ සටහන
මෙම වෙබ් අඩවිය යම් අකාරයකින් තහනම් කර ඇත්නම් මෙරට මාධ්‍ය දඩයම කොතරම් වේගවත්ද යන්න අප සිතාගත යුතුය.


ගොසිප්9 වෙබ් අඩවිය තහනම් කරලාද..?
 
Related Posts with Thumbnails