Ads 468x60px

.

ගොසිප්9 වෙබ් අඩවිය තහනම් කිරීම සම්බන්ධව...

මෑත කාලීනව ලංකාවේ සැඟවුණු පුවත් හෙලිකල ආකර්ශණීය පුවත් වෙබ් අඩවියක් වූ ගොසිප්9 වෙබ් අඩවියට 20 වදා සවස් භාගයේ සිට කිසිඳු අන්තර්ජාල සබඳතාවකින් පිවිසිය නොහැකි ලෙස හදිසියේ වාරණය කිරීමර රජය කටයුතු කර තිබෙනවා. 

මෙය රජය විසින් සැබෑ ලෙසම තහනම් කිරීමක් ලෙස ගොසිප්9 කතෘ මණ්ඩලය අප වෙත  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනය පහතින් 

වසර 3ක කාලයක් ලංකාවේ දේශපාලනික, ආගමික, විනෝදාත්මක, විමර්ශන, අධ්‍යාපනික, නළු නිළියන්ගේ පෞද්ගලික තොරතුරු ආදී කරුණු ගෙන ආ අන්තර්ජාලය තුල තුල ජනප්‍රිය වෙබ් අඩවියක් වූ www.gossip9.com වෙබ් අඩවිය හදිසියේ වාරණය කිරීමර රජය කටයුතු කර ඇත.

gossip9.com වෙබ් අඩවියේ නම gossip9news.com ලෙසත්, ඉන් පසුව www.gossip9news.blogspot.com ලෙස නම් වෙනස් කළද ඒ සියල්ලම අවහිර කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත.

ඒ අනුව ගොසිප්9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි. අප ඒ තීරණයට ගරු කරන්නෙමු.

අප වෙබ් අඩවියට මෙලෙස බාධා පැමිණවීම පිළිබඳව අප තුල ඇත්තේ කණගාටුවකි. රටේ බොහෝ මාධ්‍යයන් අන් අයගේ න්‍යාය පත්‍රයන්ට යටවී ක්‍රියාකරන සමයක අසාධාරණයට එරෙහිව, මුදල් හා වෙනත් පරමාර්ථ වලින් තොර වූ ස්වාධින පුවත් සේවාවක් ලබාදීමට අප කටයුතු කල ඇත්තෙමු. 

නමුත් ඒ සියල්ලටම තිත තැබීමට කාලය පැමිණ ඇති බව අපට සිතේ.

වෙබ් අඩවිය තහනම් කල විට උසාවි ගානේ යාමටත්, මාධ්‍යය නිදහස නැතැයි කියමින් පුවත්පත් වාර්තා පලකරගනිමටත්, ප්‍රොක්සි හරහා වෙබ් අඩවියට පැමිණ පුවත් නරඹන ලෙසත්, වෙබ් අඩවිය තහනම් කල පලිය ගැනීමට දිගින් දිගට පාලන පක්ෂයට දොස් කීමටත් අපට කිසිදු අවශ්‍යතාවයක් නැත. 

එහෙයින් වසර තුනක් වැනි කාලයක් තුලදී ගොසිප්9 පැමිණි ගමන තාවකාලිකව මෙයින් අවසාන වේ. මේ සමගම ගොසිප්9 වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව, ගොසිප්9 SMS පුවත් සේවය, අනෙකුත් සියලු සේවා සේවාවන්හි යාවත්කාල කිරීම තාවකාලිකව නවතා දමනු ලැබේ. 

gossip9.com හෝ gossip9news.com වෙත පනවා ඇති තහනම් රජය විසින් ඉවත් කල දිනයක අප විසින් නැවත පුවත් සේවාව ආරම්භ කරනු ලැබේ.

ගොසිප්9 වෙබ් අඩවිය ලංකාව තුල තහනම් කරයි..
ගොසිප්9 වෙබ් අඩවිය තහනම් කරලාද..?

ස්තූතියි
ගොසිප්9 කතෘ මණ්ඩලය
 
Related Posts with Thumbnails