Ads 468x60px

.

තරුණයෙක් ඌව මහ ඇමැති ශෂීන්ද්‍රගෙන් දවසකට ගංජා සුරුට්‌ටු දෙකක්‌ බොන්න අවසර ඉල්ලලා...

තරුණයාගේ ගංජා බීමේ මානව හිමිකම් උල්ලංඝනය කරලාලු

ඉකුත් අඟහරුවාදා දිනයක ඌව පළාත් ප්‍රධාන ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ මහජන කාර්යාලයට පැමිණි කතරගම තරුණයෙකු අපූරු ඉල්ලීමක් කළේය. 

මේ කතාව ඇසූ ප්‍රධාන ඇමති වරයා අන්දමන්ද වී ඇති අතර ඒ ගැන වැඩිදුර විමසූවිට තරුණයා මහ ඇමතිවරයාට පවසා සිටියේ දිනකට ගංජා සුරුට්ටු දෙකක් අත්‍යවශ්‍ය බවයි. කතරගම පොලිසියේ නිලධාරින් ඊට අවහිර කරන නිසා තමාට දිනකට ගංජා සුරුට්ටුවක් ලඟ තබා ගැනීමේ අවසරය පොලිසියෙන් රැගෙන දෙන ලෙස ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියා.
 
මෙම තරුණයා ලිපියක්‌ ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ කතරගම පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරමින් තම ගංජා බීමට අවහිර කරන බවයි. 

තමාට දිනකට ගංජා සුරුට්‌ටු දෙකක්‌ අවශ්‍ය බවත් කතරගම පොලිසියේ නිලධාරීන් තමන්ට නිතර හිරිහැර කරන බැවින් ගංජා සුරුට්‌ටුවක්‌ ළඟ තබා ගැනීම පිණිස තමාට පොලිසියෙන් අවසර ලබා දෙන ලෙසත් මෙම තරුණයා ප්‍රධාන අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සටහන්ව තිබුණා.

මෙම ලිපිය බලා තරුණයා ඇමැතු ශෂින්ද්‍ර රාජපක්‌ෂ මහතා මේ රටේ සිටින තරුණයන් දුම් පානයෙන් සහ මත් පැන් පානයෙන් ඈත් වෙමින් සිටියදී තමන් මේ වැනි ඉල්ලීමක්‌ කිරීම නීති විරෝධී බැවින් එම නරක පුරුද්ද අත්හැර ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත යොමු කළ හැකි බවත් අවවාදාත්මකව පවසා සිටියා.
 
Related Posts with Thumbnails