Ads 468x60px

.

පුත්තලං දොස්තරවරු...

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහිවුනු දොස්තරලා බහුතරය උසස් පෙළ කොට ඇත්තේ පුත්තම් දිස්ත්‍රික්කයෙන් බව පෙනී යයි. 

දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට පුත්තම් දිස්ත්‍රික්කයේ සිසුන්ට හැකිවී තිබේ. 

පුත්තම් දිස්ත්‍රික්කයේ පහසුකම් අඩු නවගත්තේගම, නීල බැම්ම, කරුවල ගස්වැව වැනි ප්‍රදේශ වල පාසල් වල සිසුන් සඳහා මෙහි යම්කිසි සාධාරන බවක් තිබුනද කොළඹට නොදෙවෙනි පහසුකම් තිබෙන වෙන්නපුව,මාරවිල වැනි ප්‍රදේශ වල සිසුන්ට විශ්ව විද්‍යාල වලට සහ වෛද්‍ය පීඨ වලට යාම සඳහා අඩු දිස්ත්‍රික් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ. 

මේ නිසා සාමාන්‍ය පෙළ විභාගය කිට්ටුවෙත්ම කොළඹ පාසල් වලට ගිය සිසුන් බොහෝ දෙනෙකු වෙන්නපුව ,මාරවිල වැනි ප්‍රදේශ වල පාසල් වලට ඇතුලත් වෙති. නැතොත් නාමිකව ඇතුලත් වී කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු කරගෙන යති.

අප විසින් කරන ලද විමර්ශන වලදී සමහර පාසල් සහ මෙන්ම ඇතැම්  කන්‍යාරාම වල නාමික වශයෙන් පවත්වාගෙන ගිය උසස් පෙළ සිසු නාම ලැයිස්තු දක්නට ලැබුණි. 


මෙහි අරුත නම් තෝරාගත් පිරිසකට කොළඹ පුද්ගලික පාසල් වල සිට අධ්‍යාපනය හදාරා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පුත්තම් දිස්ත්‍රික්කය නියෝජනය කිරීමෙන් විභාගයට ලිවීමට ලැබෙන හැකියාවයි. 

මෙය බොහෝ කාලයක් පුරා කරගෙන එන අක්‍රමිකතාවයකි. මෙවැනි විෂමතා ඇති වීම මගින් අනෙකුත් දිස්ත්‍රික් වල සිසු සිසුවියන්ට විශාල අසාධාරණයක් වේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පළමු වසර ට ඇතුළත් කරගන්නා ළමයින් අතරින් අවසානයේ උසස් පෙළින් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 2%ක් පමණ ප්‍රතිශතයකි.දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ අධ්‍යාපනයට දක්ෂතම සිසුන් නොවෙති.


සමහර විට දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා උසස් පෙලට වැඩි ලකුණු  ප්‍රමාණයක් ලබා ගත් කොළඹ , ගාල්ල , මහනුවර වැනි නගරබද දක්ෂ සිසුන් ට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්නේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්වල උසස් පෙලට අඩු ලකුණු ලබාගත් සිසුන් වෙති. 

අධ්‍යාපන දෙපාර්තමේන්තුව කල යුත්තේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්වල අධ්‍යාපනික පහසුකම් නැග්වීම මිසක වැඩි ලකුණු  ප්‍රමාණයක් ලබා ගත් සිසුවා කපා  දැමීම නොවේ. මෙය චිරාත් කාලයක් පුරා පවත්වාගෙන එන මහදැන මුත්තා ක්‍රමයේ ප්‍රශ්න විසඳීමේ කලාවකි.

මේ අතර වාරයේ හොර පාරේ පුත්තලං දොස්තරලා බිහි වෙති, වෘතීමය වශයෙන් මේ පිරිස් තුල කිසිම ගුණාත්මකභාවයක් නැත.අවසානයේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන්නේ අචලා ගේ අත කැපූ,වෙළඳ කලාපයේ චමිළාව දුෂණය කොට තට්ටු හයකින් බිමට තල්ලු කල ,සෙවනගල ඩී එම් ඕ ගේ නිල නිවාසයේ වතුර ටැංකියට කෘමිනාශක දැමු  අමන වර්ගයේ දොස්තරලා වෙති.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails