Ads 468x60px

.

රොෂාන් - දිනක්ෂි පෙම්වතුන් කියන කතාව ඇත්තක්ද...?

දිනක්ෂි මගේ පෙම්වතිය නෙවෙයි - රොෂාන් රණවන  

ජනපි‍්‍රය නළු රොෂාන් රණවන හා ජනපි‍්‍රය නිළියක වන දිනක්ෂි පි‍්‍රයසාද් අතර හාද කමක් ඇති බවට වන රාවයක් මේ දිනවල කලා කේෂත‍්‍රයේ ලැවුගින්නක් සේ පැතිර යමින් තිබෙනවා.

පසුගිය 14 වැනිදා පැවැති වයි එෆ්. එම් මගින් පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සංවිධානය කල වයි එෆ්. එම් රෙඩ් හොට් පාටි උත්සවය සඳහා කලා ක්‍රේෂ්ත්‍රයේ පෙම්වතුන් ද පැමිණ සිටියා. ඒඅතර මේනක හා නෙහාරා රුවන් හා ෂෙරිල් ද දක්නට ලැබුනා.


තවද ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන රොෂාන් රණවන හා ජනප්‍රිය යොවුන් නිලි දිනක්ෂි ප්‍රියසාද් ද පැමිණ සිටියා. ඔවුන් දෙදෙනා එකට සිටි ජායාරුපයක් අල්ලමින් වෙබ් අඩවියක පල කල ප්‍රවෘතියක දැක්වුයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවයි.

රොෂාන් පවසන්නේ තමා නොදැනුවත්ම දිනක්ෂි තමාගේ පෙම්වතිය වී ඇති බවකි. කෙසේ වුවද දිනක්ෂි හා තමාගේ පටලැවිල්ලක් නැති බවත් පවසන රොෂාන්, දිනක්ෂි තමාගේ හොඳ යාළුවෙක් බවත් පවසා තිබෙනවා.


වැලන්ටන් සාදය ගැන රොෂාන් පවසන්නේ, තමාට හා පූජාට එම සාදයට ඇරයුම් ලැබී තිබුණු බවත්, පූජා එම සාදයට නොආ බවත් ඊට දිනක්ෂි සහභාගිවී සිටි බවයි. එහිදී දෙදෙනා නර්තනයේ යෙදුනු අතර, එකිනෙකාට විහිළු කරගත් බවත්, එසේම හොඳට විනෝද වූ බවත් රොෂාන් සඳහන් කරනවා.

ඒත් මේ පැතිර ගොස් ඇති කතාවේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා අප රොෂාන් රණවන සම්බන්ධ කරගත්තේ මෙලෙසින්. පහතින් දැක්වෙන්නේ රොෂාන් රණවන විසින් අප වෙත දැක්වූ ප්‍රතිචාරයයි.

රොෂාන් ඔබත් දිනක්ෂිත් පෙම්වතුන් කියන කතාව ඇත්තක්ද?

කිසිසේත්ම නැහැ.මට එක 100% වගකීමෙන් කිව හැකියි.මේක වයි එෆ්.එම් මගින් සංවිධානය කල උත්සවයක්. ඔවුන් මට කිවා දිනක්ෂි සමග මෙයට සහභාගී වන්න කියා. ඒ සඳහා අප දෙදෙනාටම ඔවූන් මුල්‍යම ගෙවීමක් සිදු කලා.

මෙවැනි බොරු කතා ප්‍රචාරය කිරීම ඇත්තටම කනගාටුවට කරුණක්. මට විශ්වාසයි ජනතාව දන්නවා අප කව්රුන්දැයි කියා.



Dinakshi Priyasad
 
Related Posts with Thumbnails