Ads 468x60px

.

ඇත්තටම නිල්මිණිගෙ පෙට්ටියට මොකද වුනේ.?

කෙහෙල් කඳක් කඩා වැටුණා වගේ කලන්තේ දාලා ඇදගෙන වැටිලා...

ජනපි‍්‍රය නිළියක් මෙන්ම නිවේදිකාවක්ද වන නිල්මිණි තෙන්නකෝන්ට සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරනු ලබන ගිරිකුල ටෙලියෙදී වූ අකරතැබ්බයක් ගැන අප වෙත වාර්තා වෙනවා.

එම ටෙලියේ නිල්මිණි ‘ඩිංගිරි අම්මා’ නම් චරිතයට පණ පොවන අතර, ‘ඩිංගිරි අම්මා’ මියගිය පසු ඇගේ දරුවෝ ඇගේ මිනිය බදාගෙන හඬන දර්ශනයක් එහි තිබෙනවා.

අදාල දර්ශනය රූගත කිරීමට නිල්මිණිට මිනී පෙට්ටියක සිටීමට සිදුව ඇත. නිල්මිණි පෙට්ටිවල සිටීමට බය බවද පැවසෙනවා.කෙසේ වුවද අදාල දර්ශනය ටෙලියට අවශ්‍යම එකක් බැවින් අධ්‍යක්ෂවරයා නිල්මිණිව වදෙන් පොරෙන් ඊට එකග කරගෙන තිබෙනවා.

පසුව නිල්මිණි අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම අනුව මිනීපෙට්ටියේ සැතැපී තිබේ. මේ අදර්ශනයට අනුව නිල්මිණි පෙට්ටියට දමා මිනිපෙට්ටිය වැසිය යුතුය.

කෙසේවවුද ඒ බව කලින් නිල්මිණිට දැනුම්දී තිබී නොමැති අතර මේ දර්ශනය රූගත කරද්දී පෙට්ටිය වසනවාත් සමගම නිල්මිණි පෙට්ටියේ පියන්ද කඩාගෙන එලියට පැන තිබෙනවා.

එම රූගත කිරීමට අනුව පෙට්ටිය බදාගෙන හඬමින් සිටි ‘ඩිංගිරි අම්මා’ ගේ දරුවන්ට පෙට්ටියේ පියන වැදී තුවාල සිදුවී ඇති බවද පැවසෙනවා.

නිල්මිනි පෙට්ටිය කඩාගෙන එළියට පැන්නද සුළු වේලාවක් යන්නට පෙර කෙහෙල් කඳක් කඩා වැටුණා සේ ක්ලාන්තව යළිත් පෙට්ටිය තුළටම වැටුණු බවද වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails