Ads 468x60px

.

ලේලියගේ ඡායාරූප ගැනීමට විරුද්ධ වූ නිසා පුතාට පහර දුන්නා - නි:පොලිස්‌පති වෛද්‍යාලංකාර..

"මම ඊළඟ අගමැතිගේ පුතා" කියලා...

ඩී.අයි.ජී. ගේ පුතාට පහර දුන් ඇමැති පුතා ඇප පිට මුදාහරී..

මම ඩීඅයිජීගේ පුතා කියා පහර දුන්නා - ඇමැති පුතාගේ මිතුරෙක්‌.
 
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක්‌ විසින් පෙරේදා (24 වැනිදා) සවස පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දුන් පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

මේ සම්බන්ධයෙන් ඇමැති පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන වාලච් චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබෙනවා.

නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌ පතිවරයාගේ පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිසක්‌ පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී වෙනත් පිරිසක තරුණයකු විසින් ඔවුන් සමඟ දිය නෑ තරුණියන්ගේ දර්ශන ඡායාරූපගත කරමින් සිටින අතරේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ගේ පුත්‍රයා මේ පිළිබඳව එම තරුණයාගෙන් විමසීමේදී "රටේ ඊළඟ අගමැති අපේ තාත්තා" යෑයි පවසමින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට ඔහු පහර දී තිබෙනවා. 


ඒ අතර ඇමැති පුතාගේ මිතුරෙක්‌ "මගේ තාත්තා ඩී අයි ජි කියමින්" ඩී. අයි. ජී. ගේ පුතා ඇමති පුතාට පහර දුන් බවට පරස් පර විරෝධී අදහස් ප්‍රකාශ කර තිබෙනවා

"මම ඩී. අයි. ජී. ගේ පුතා කියමින් නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌ පතිවරයාගේ පුතා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතාට පහර දුන්නා" යෑයි එම අවස්‌ථාවට මුහුණදුන් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතාගේ මිතුරෙක්‌ පැවසුවා.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.

ඇමැතිතුමාගේ පුතා අපේ ඡායාරූප ගත්තා. ඒ අවස්‌ථාවේදී මම ඩී. අයි. ජී. ගේ පුතා උඹ ඇයි අපේ පින්තූර ගත්තේ යෑයි කියමින් ඇමැතිතුමාගේ පුතාට පහර දුන්නා.

"අපි ඔයාලගේ පින්තූර ගත්තේ නෑ" කියල ඇමැතිතුමාගේ පුතා කැමරාවේ ඡායාරූප පෙන්නුවා. ඒත් ඔහු ඇමැතිතුමාගේ පුතාට පහර දුන් නිසා අපේ කට්‌ටියත් ඔහුට පහර දුන්නා. ඉන්පසු ඇමැතිතුමාගේ පුතා පොලිසියේදී කැමරාවෙ ඡායාරූප පෙන්නුවා. පොලිස්‌ නිලධාරීන් පරිගණකයට දාලා ඡායාරූප පරීක්‍ෂා කළා. 

ඒ ඡායාරූපවල ඩී. අයි. ජී. ගේ පුතා හෝ ඔහු සමඟ දිය නාමින් සිටි කිසිවකු සිටියේ නෑ. ඒ අවස්‌ථාවේදී තමයි මම මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමාගේ පුතා කියලා දහම්... පොලිස්‌ නිලධාරීන්ට කිව්වේ. ඒ අවස්‌ථාව වෙනතුරු දහම් කිව්වේ නෑ එයා ඇමැතිතුමාගේ පුතා කියලා.

එම අවස්‌ථාවේ ඇමැති පුත්‍රයා සමඟ සිටි මිතුරන් පිරිසක්‌ ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ඔහු මඩකලපු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ (25 වැනිදා) කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.
"පාසිකුඩා මුහුදු වෙරළේදී ඇමැතිතුමාගේ පුතා මගේ ලේලියගේ ඡායාරූපයක්‌ ගැනීමට යද්දී පුතා ඊට විරුද්ධ වෙලා. ඒ නිසා ඔහුට මෙසේ පහර දී තිබෙනවා" යෑයි පහරකෑමට ලක්‌ වූ තරුණයාගේ පියා වන නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතා ඊයේ (25 දා)  පැවසුවා. ප්‍රසිද්ධියේම මෙම පහරදීම සිදුවී ඇතැයි පැවසූ නියෝජ්‍ය පොලිස්‌ පතිවරයා මේ නිසා තම පුතාගේ හිස මත ගැට මතු වී තිබූ බව ද පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇමැති පුත්‍රයා ඇතුළු 13 දෙනකු පෙරේදා (24 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන වාලච්
චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබෙනවා. 

ඇමැති පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිස නියෝජ්‍ය පොලිස්‌පති වරයාගේ පුත්‍රයා ඇතුළු ඔහුගේ මිතුරන්ට පහරදුන් බවට කල්කුඩා පොලිසියට පැමිණිල්ලක්‌ ද ලැබී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මඩකලපුව රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා තම පුත්‍රයා කොළඹ ජාතික රෝහල වෙත එම අවස්‌ථාවේ තමා විසින් රැගෙන එමින් සිටින බවයි.


තව දුරටත් එම විස්තරය පහතින්

 
Related Posts with Thumbnails