Ads 468x60px

.

පෘථිවියේ ගැටීමට එන ආකාශ වස්තුන් පිපිරවීමේ අභ්‍යවකාශ මෙහෙයුමක්...

ඇස්ටරොයිඩ වලින් පෘථිවිය ආරක්ෂා කිරීම කලක් තිස්සේ අභ්‍යවකාශ විද්‍යාඥයන් සැලසුම් කරන දෙයකි. 

මෙය උත්සන්න වූයේ පෙබරවාරි 15 වනදා රුසියාවේ චෙල්යා බින්ස්ක් විල අවට ප‍්‍රදේශයේ සිදුවු ඇස්ටරොයිඩ පිපිරුමකින් පුද්ගලයන් 1200 ක් පමණ තුවාල ලබා දේපල හානිද සිදුවූ පසුය. 

මෙවැනි විශාල ගැටුමක් 1908 සයිබීරියාවේ වර්ග සැතපුම් 800 ක පමණ ප‍්‍රදේශයක් විනාශ කර තිබෙනවා.

යුරෝපය හා ඇමරිකාව අතර ඒකාබද්ධ මෙහෙයුමක් මගින් පෘථිවියේ ගැටීමට එන අභ්‍යවකාශ වස්තු වැලැක්විය හැකි බව පෙන්වීමට 2022 දී අභ්‍යවකාශ යානයක් ඇස්ටරොයිඩයක හැප්පීමට සූදානම් වෙනවා.

ඇස්ටරොයිඞ් ගැටීම් හා උත්ක‍්‍රමණ ඇගයීම් මෙහෙයුම (AIDA) නම් මේ ව්‍යාපෘතිය මගින් පහර දීමට සැලසුම් කරන්නේ ඩිඩිමොස් නම් ඇස්ටරොයිඩ පෘථිවියට සැතපුම් මිලියන 6.5 ක් දුරින් පිහිටන අවස්ථාවෙහිදීය. 

මාධ්‍ය හමුවකින් යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මේ බව නිවේදනය කළා. එහි අධ්‍යයන කලමනාකරු ඇන්ඩි‍්‍රයස් ගැල්වෙස් කියා සිටියේ AIDA යනු ඇස්ටරොයිඩ ව්‍යාපෘතියක්ම නොවන අතර විවිධ ව්‍යාපෘති සඳහා වේදිකාවක් බවයි. AIDA පර්යේෂකයන් ජෝන්ස් හොප්කින්ස් සර්සවියේ ප‍්‍රායෝගික භෞතික විද්‍යාගාරය සමඟ එක්ව මේ සඳහා කටයුතු කරනු ඇත.

මීටර් 800 හා මීටර් 150 කොටස් දෙකකින් යුත් ඩැඩිමොස් හි කුඩා කොටසට රෙකට්ටුවකින් ගැටීම ඇතිකර තවත් රොකට්ටුවකින් සහ පෘථිවිය මත දුරේක්ෂ වලින් එය නිරීක්ෂණය කරනු ඇත. පෘථිවියට තර්ජනයක් නැති ඩිඩිමොස් හි මෙම ගැටීම මගින් පොලවට බලපෑමක් ඇති නොවන බව විද්‍යාඥයෝ පවසනවා.

 
Related Posts with Thumbnails