Ads 468x60px

.

චණ්ඩි නදීෂාගේ අඩුවෙන් ආවරණය වූ වැඩියෙන් නිරාවරණය වූ ඇඳුම කාගේ පවර් එකක්ද..?

නදීෂාගේ අඩුවෙන් ආවරණය වූ වැඩියෙන් නිරාවරණය තියරිය...

යසට හිටපු නදීෂාට අසුහාරදාහට නැඟලා තිබුනලු...

හැඩකාර, කටකාර, විසේකාර නදීෂා කලහකාරී කියලා හිතන්නවත් පුළුවන්ද? අපි නොදන්න නදීෂාගේ ඒ අසාමාන්‍ය හැකියාව පසුගිය දවසක ඇය දෙනෝදාහක් ඉදිරියේ රඟ දැක්වූවා... 

ඒ ජාතික රූපවාහිනියේදී ඒ ජවනිකාව දැකපු සමහරු හිතුවේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් කියලා. තවත් සමහරු හිතුවේ වේදිකා නාට්‍යයක පෙර පුහුණුවීමක් කියලා.

රූපවාහිනී සංස්ථාවේ වහල හෙල්ලෙන්නට යක්ෂාවේෂ වූ නදීෂා කෑගැසුවේ ඉහිලුම් නොදෙන කෝපයෙන්ලු... අහිංසක නදීෂාගේ යක්ෂයා හිස් මුදුනට නග්ගලා තියෙන්නේ රූපවාහිනී බලධාරීන්. 


රූපවාහිනී උදෑසන වැඩසටහනක් වූ නුග සෙවණට වෙළෙඳ සමාගමක සන්නාම තානාපති කෙනෙක් විදියට ආව නදීෂාගේ අඩුවෙන් ආවරණය වූ වැඩියෙන් නිරාවරණය වූ ඇඳුම දැකපු බලධාරීන් ඒ ගැන ඇයට අවවාද කරලා.... යසට හිටපු නදීෂාට අසුහාරදාහට නැඟලා තියෙන්නේ ඊට පස්සේ...

අපට ආරංචි වුන විදිහට සිද්ධිය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

ගෘහණියන්ගේ ප්‍රියතම වැඩසටහනක් වූ රුපවාහිනියේ දිනපතා විකාශනය වන නුග සෙවන වැඩසටහනට එක්තරා රුව වඩවන නිෂ්පාදනයක සන්නම් තානාපතිනිය ලෙස එම නිෂ්පාදනය පිලිබඳ වර්ණනා කිරීමට නදීෂා හේමමාලි පැමිණ තිබෙනවා.

නමුත් ඇය ඇඳසිටි ඇදුම් මගින් ඇයගේ බොහෝ අගපසඟ නිරාවරණය වී තිබු හේතුවෙන් එම වැඩසටහනේ නිසි බලධාරින් විසින් නදීෂා එම වැඩසටහනට එක්කරගැනීම ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

එය ඇසීමත් සමග කෝපයට පත්වූ නදීෂා නුග සෙවන වැඩසටහනේ නිලධාරීන්ට බැන වැදී තිබෙනවා. මෙයට පෙර අප නදීෂා පිලිබඳ හෙලිකල පරිදි ඇයගේ මෙම ගෝරනාඩුවට ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බලයද මනා පිටුවහලක් වී තිබෙනවා.

ඒ අනුව එම සිදුවීම පිලිබඳ ඒ මෝහතේම එම දේශපාලනඥයා දැනුවත් කර ඇති අතර රුපවාහිනි නිලධාරීන්ට බැන වැදී ඇත්තේ "අපිට ළමාසාරි ඇඳගෙනද එන්න කියන්නේ?" යනුවෙනි. 


කෑගහලා බෙරිහන් දීලා විතරක් නෙවෙයි ඒ මොහොතේම ඇය වගකිවයුතු තැන්වලටත් ඒ බව දැනුම්දීලා... 'කාගේ පවර් ද මන්දා...' සිද්ධිය දුටු නුදුටු හැමෝම කියන්නේ ඒ වගේ කතාවක්...
 
Related Posts with Thumbnails