Ads 468x60px

.

කහවත්ත කොටකෙතන තරුණියක් නිරුවතින් දිය නානවලු...

ගමේ කාන්තාවන්ට සිදුකළ නිග‍්‍රහයක්ලු...

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ කාන්තාවන් නිරුවතින් ප‍්‍රසිද්ධියේ දිය ස්නානය කරන බවට ගෙන යන ප‍්‍රචාර අසත්‍ය බව ගම්වාසී කාන්තාවෝ අවධාරණය කරනවා.

සති අන්ත පුවත්පතක ද එම පුවත පසුබිම් කරගෙන සමහර විද්‍යුත් මාධ්‍යවලින් ද මේ ගැන සඳහන් කළ බව කොටකෙතන කාන්තාවෝ පිරිසක් පැවසුවා.


‘කොටකෙතන ඝාතන සිදුකළේ කිහිප දෙනයි. මිනීමැරුම්වලට ගමම සම්බන්ධ නැහැ. මේ ගමේ බහුතරයක් අහිංසක ගුණයහපත් අයයි. ගමේ කාන්තාවන් ප‍්‍රසිද්ධියේ නිරුවතින් දිය ස්නානය කරන බවට පැවැසීම ගමේ කාන්තාවන්ට සිදුකළ නිග‍්‍රහයක්. වේදනාවෙන් ඉන්න ගම්වාසීන් අපහාසයට පත්කිරීම සුදුසු නැහැ.’ යයි ලේඛකාධිකාරි හිමියෝ පැවසුවා.
 
කහවත්ත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කහවත්තේ සේනින්ද හිමියෝ පැවැසුවේ කොටකෙතන ගම ගෝත‍්‍රික වනචාරී ගම්මානයක් බවට පත්කරමින් එක්තරා පුවත්පතක් අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවයි.


ප්‍රදේශයේ කාන්තාවන් සඳහන් කළේ කොටකෙතන ගැන පළකරන මාධ්‍ය වාර්තා වගකීමකින් පළ කළ යුතු බවයි. එකම මාධ්‍යයේ වරින්වර විවිධ දේ කියනවා. මොනවා ඇත්තදැයි අපට ප්‍රශ්නයක්. පරස්පර ප්‍රකාශ නිසා අවසානයේ වාසිය ලැබෙන්නේ මිනීමරුවන්ටයි. 

කොටකෙතන පමණක් නොව ලංකාවේ මොනම ගමකවත් කාන්තාවෝ ප්‍රසිද්ධියේ නිරුවතින් දිය ස්නානය කරන්නේ නැහැ. එහෙම ලියලා තියෙන කතා සම්පූර්ණයෙන්ම බොරු. එහෙම පුවත් පළ කිරීම හෙළා දකිමින් අපි බලධාරීන් දැනුම්වත් කරනවා.

කොටකෙතන ඝාතනවල සාක්‍ෂි සම්බන්ධව ගැටලු මතුකරන ඇතැම් ප්‍රකාශ වගකීමකින් වාර්තා කළ යුතු බවද ගම්වාසීහු කිය
නවා.
 
Related Posts with Thumbnails