Ads 468x60px

.

දික්‌කසාදය ගන්න ආ තරුණ නළුවා ගයාන්ලු - අතින්, පයින් පහරදුන්නේ ඔහුගේ බිරිඳලු...

රොෂාන් හා චතුරිකාගේද විවාහය බිඳ වැටුනේ ගයාන්ගේ පැමිණීම නිසයි...

දික්‌කසාදය ගන්න ආ තරුණ නළුවෙකුට විවාහක බිරිඳ අතින්, පයින් සහ සෙරෙප්පු වලින් පහරදුන් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. එම විස්තරය මෙතනින්.

දික්‌කසාද නඩුවක්‌ සඳහා මහර කඩවත අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි තරුණ ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවකු වන ගයාන් වික්‍රමතිලකට ඔහුගේ විවාහක බිරිඳ අතින්, පයින්, කුඩයකින් සහ සෙරෙප්පුවලින් පහරදී තිබෙනවා.

පසුගිය කාලයේ රොෂාන් හා චතුරිකා විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීම නිසයි. ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්‍රමතිලකගේ පැමිණීමයි.

මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබෙනවා. පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබෙනවා.


ඒ අනුව අප පසුගිය පුවතකින් වාර්තා කරනු ලැබුවේ ගයාන් විසින් දරුවන් සඳහා නඩත්තු මුදල් ගෙවීමට එකඟව විවාහය අවසන් කල බවයි. ගයාන් එසේ නඩත්තු මුදල් ගෙවීමට එකඟ වුයේ ගයාන්ගේ බිරිඳ මහේෂි කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව එම පැමිණිල්ල දික්කසාද නඩුවකින් අවසාන වූ අතර පසුගියදා ගයාන් මහර කඩවත දිසා අධිකරණයට පැමිණ ඇත්තේ එම නඩු කටයුතු සදහා සහභාගී වීමටයි. නමුත් අධිකරණ භූමියේදී නොසිතු අයුරින් සිය බිරිඳ වන මහේෂිගේ ප්‍රහාරයකට මුහුණපෑමට ගයාන්ට සිදුවී තිබෙනවා.

අධිකරණයට පැමිණි ගයාන් වෙත මහේෂි විසින් අතින් පයින් කුඩයකින් හා සෙරෙප්පු වලින් නොනැවතී පහර එල්ලකොට තිබෙනවා. ටික වේලාවක් පවතී මෙම ගුටි කෙලිය අධිකාරයේ සිටි බොහෝ පිරිසක් නරඹා ඇති බව අප වෙත වාර්තා වනවා. 



දික්‌කසාදය ගන්න ආ තරුණ නළුවෙකුට විවාහක බිරිඳ අතින්, පයින් සහ සෙරෙප්පුවලින් පහරදීලා
 
Related Posts with Thumbnails