Ads 468x60px

.

කිසිදු මාධ්‍යයකට අදහස් පළකිරීමෙන් වැළකී සිටි ඇමති මෛත්‍රිපාල හදිස්සියේම අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුයේ ඇයි.?

මම කිසිම බලපෑමක් කෙළේ නැහැ... 

ඩී.අයි.ජීට මං කිව්වේ ඕනෑ විදියට පරීක්ෂණ කර ගන්න කියලයි... 

ඒ දරුවත් බලන්න මම රෝහලට ගියා.. 
ඔහු කීවේ අංකල් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා...

ඒත් මට ගැහුව අය මම දන්නවා මං මේතාක් අනුන්ගේ රෙදි ගලවා නෑ - මෛත්‍රිපාල කියයි.

කල්කුඩා මුහුදු වෙරළේදී පසුගියදා තමාගේ පුතා ඇතුළු පිරිසක් හා මඩකළපුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතා අතර ඇති වු බව කියන ගැටුම සම්බන්ධයෙන් තමාට එරෙහිව මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර හා මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් කොළඹ පෞද්ගලික නිවසේදී අද 27 වනදා මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා

පාසිකුඩා පුත්තුන්ගේ සිද්ධිය පිළිබඳව මේ දක්වා කිසිදු මාධ්‍යයකට අදහස් පළකිරීමෙන් වැළකී සිටි සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන අද දහවල් කොළඹ සිය නිවසට මාධ්‍යවේදීන් ගෙන්වා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

ඔහු එහිදී වැඩිමනක් කියා සිටියේ ඒ සිද්ධිය ගැන හෝ පුතාගේ ක්‍රියාව ගැන හෝ නොව තමා අගමැති වෙන්න සිටියා යයි පුතා වෙරළේදී වහසිබස් දෙඩූ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා ගැනයි. ඇතැම් මාධ්‍ය මගින් දේශපාලන වාසි සලකා මේ සිද්ධිය ගැන කරුණු විකෘති කර වාර්තා කර තිබෙන බව ඔහු පැහැදිලි කලා.

ඔහු කියා සිටි අදහස් මෙසේය.

පාසිකුඩා මුහුදු වෙරළේදී දෙපිරිසක් අතර සිද්ධවුන ගැටුමේදී මගේ පුතා මගේ තාත්තා තමයි මේ රටේ මීළග අගමැති කියමින් කරපු පහරදීම ගැන වාර්තාව මං පිළිගන්නෙ නෑ. මං අගමැති තනතුර පරිත්‍යාග කළ කෙනෙක්. 2004දී චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණ විසින් දුන් ලිපියක් පෙන්නල අගමැති තනතුරට ලක්ෂ්මන් කදිරගාමර් පත්කරන්න වෙලා කිව්වා.

ඒකෙ තිබ්බ ජාති භේද ඇති විය හැකි නම් අනුර බණ්ඩාරනායක මහතා එම තනතුරට පත් කරන්න සහෝදරයා පත් කිරීම ජනාධිපතිනියට ගැටලුවක් නම් මෛත්‍රිපාල සිරිසේන වන මාව එම තනතුරට පත්කරන්න කියලා. ඒත් එම අවස්ථාවේදී මට අගමැති තනතුර එපා කියල මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබාදෙන්න කියල මං දැන්වුවා.මේ ආකාරයට මං එදා අගමැති තනතුර පරිත්‍යාග කළා. මං රාජකාරී කරන්නේ තනතුරු බලාගෙන නෙවෙයි.

අගමැති තනතුරට ආසාවක් තිබුණා නම් එදාම එම තනතුර භාරගන්නට තිබුණා. නමුත් රටේ අවශ්‍යතාවය සලකා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර භාරදෙන ලෙස එදා මං යෝජනා කළා.මං වැඩ කරන්නේ ප්‍රතිපත්තියක් දර්ශනයක් ඇතිවයි මං ආණ්ඩුව වෙනුවෙන් එදත් අදත් හෙටත් ඉන්නවා.දැන් කල්කුඩා සිද්ධිය රහසක් නොවෙයි. නමුත් මෙවැනි සිද්ධීන් රජයට, ජනාධිපතිවරයාට පවා හොඳ තත්ත්වයක් නොවෙයි.

මේක නිසා මගේ ජීවිතයට කිසියම් අනතුරක් දැනෙනවා. මගේ පුතා පමණක් නොවෙයි මේ රටේ ඉන්න සෑම දරුවෙකුම මගේ පුතා හා සමානයි.

එම සිද්ධිය වූ අවස්ථාවේදී රෝහලට ගොස් නියෝජ්‍ය පොලිස්පති වරයාගේ පුත්‍රයාගේ සුවදුක් බැලීමටත් මං ගියා. අවශ්‍ය ප්‍රතිකාර කරන ලෙසට රෝහල් බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. මට කාගෙන්වත් පලිගැනීමට අවශ්‍ය නෑ ..මං මේතාක් අනුන්ගේ රෙදි ගලවා නෑ නහී වේරෙන වේරානී යන බුද්ධ වචනයට අනුව මං වැඩ කරනවා.





 
Related Posts with Thumbnails