Ads 468x60px

.

ඇමති පුතා පොලිස් පුතාට පහරදීමේ සිද්ධිය දුරකථනයෙන් වීඩියෝ ගත කල පුද්ගලයා මිසින්

ගැටුමේ සුලමුල සොයා පොලිස්‌ කණ්‌ඩායමක්‌ පාසිකුඩා ගිහින්... 

පාසිකුඩා සිද්ධියේදී ඇමැති මෛත්‍රි කිසිම බලපෑමක්‌ කළේ නැතිලු...

වාලච්චන පාසිකුඩා මුහුදු වෙරළේදී ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා සහ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිස අතර හටගත් ගැටුම පිළිබඳව සුලමුල සොයා බැලීමට පොලිස්‌පති වරයාගේ නියෝගය පරිදි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ 26 දා පාසිකුඩා බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව කල්කුඩා පොලිසිය ක්‍රියා කළ ආකාරයත් එම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගේ ප්‍රකාශයන් සටහන් කර ගැනීමට එම විශේෂ පොලිස්‌ කණ්‌ඩායම පියවර ගෙන තිබෙනවා.

ඇමැතිවරයාගේ පුතා විසින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතාට පහරදීමේ සිද්ධිය ඒ අසල සිටි අයෙකු ජංගම දුරකථනයෙන් කැමරාගත කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර එම පුද්ගලයා මෙතෙක්‌ ඉදිරිපත් වී නැතැයි පොලිසිය පවසනවා.

පහරදීමට හේතු වූ බව කියන නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාගේ බිරිඳගෙන් ද පොලිස්‌ කණ්‌ඩායම් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර පොලිසියේ රාජකාරියට හා එහි ඉහළ නිලයන්ට රජය අනිසි බලපෑම් කරන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යමින් වැරැදි අසත්‍ය රූපයක්‌ ලෝකය ඉදිරියේ මැවීමට ඇතැමුන් පහත් උත්සාහයක නිරත වන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරනවා

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතා හා ඔහුගේ මිතුරන් පිරිසක්‌ සහ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුතා අතර පාසිකුඩා වෙරළේදී පසුගිය සෙනසුරාදා ඇති වූ සිද්ධියේදී ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියේ රාජකාරි කටයුතුවලට කිසිදු බලපෑමක්‌ නොකළ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ 26 දා පැවසුවා.

අමාත්‍යවරයා අඩුතරමින් එම සිද්ධිය වූ මොහොතේම තමා හෝ දැනුවත් කිරීමට ක්‍රියා නොකිරීමෙන් අමාත්‍යවරයකු වුවත් ඒ මහතා තුළ තිබෙන නිහතමානිකම අගය කළ යුතු බවද රාජපක්‍ෂ මහතා සඳහන් කරනවා.

පාසිකුඩා වෙරළේදී සිද්ධිය සවස සිදුවී ඇතත් තමා රාත්‍රි 10.30 ට පමණ එය දැනගත්තේ හමුදාවේ බුද්ධි අංශයෙන් තම දුරකථනයට ලද එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් බව සඳහන් කරන රාජපක්‍ෂ මහතා සිද්ධිය ගැන පොලිස්‌පතිතුමාගෙන් තමා විමසූ අවස්‌ථාවේ දෙපිරිස අතර සුළු සිද්ධියක්‌ සිදුවී සමථයකින් විසඳාගැනීමට කටයුතු කෙරෙමින් තිබෙන බව දැනගත් බවද ඔහු පවසනවා.

පසුව රාත්‍රී 11.00 ට පමණ අමාත්‍යවරයා මේ පිළිබඳ තමා දැනුවත් කළ බව පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ වනවිට පොලිසිය තුළ හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේම පාලනයට යටත් වාලච්චේන රෝහල තුළ ඇමැතිවරයා පැය 6 කට අධික කාලයක්‌ ගත කර මේ සිද්ධියට අදාළ පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධාවක්‌ නොවන ලෙස ක්‍රියා කර තිබෙන බව ද පැවසුවා. 

මෙම ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවට දීර්ඝ කාලයක්‌ ඊට ගත කර තිබෙන බව පෙනී යන්නේ යෑයිද කෙසේ වෙතත් පැය 10 කට අධික කාලයකට පසු පොලිසිය නීතියටම අනුව කටයුතු කරමින් අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පිරිස පොලිස්‌ ඇප මත මුදා හැර ඇති බවද පැවසුවා

පොලිසියේම ඉහළ නිලධාරියකු මේ සිද්ධියේ එක්‌ පාර්ශ්වයකට සම්බන්ධ නිසා එම සිද්ධියට යම් බලපෑමක්‌ කිසියම් ලෙසකින් එල්ල වෙතැයි සැකයෙන් අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ එදින රාත්‍රි 11.30 ට පමණ තමා දැනුවත් කළ පසු ඒ පිළිබඳ කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරිවරයා දැනුවත් කිරීමට තමා ක්‍රියා කළ බව ද ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවා

නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතා ගේ ප්‍රශ්න කිරීමට ලක්‌ව ඇති අමාත්‍යවරයාගේ පුතාගේ පාර්ශ්වයෙන් කිසියම් ඡායාරූප ගත කිරීමක්‌ සිදුවූවේ දැයි පිරික්‌සීමේදී එවැන්නක්‌ ඡායාරූප ගත කිරීමක්‌ ඔවුන් අතින් සිදුව නැති බව ද හෙළි වී තිබෙනවා. එහෙත් දෙපිරිස අතර වූ ඒ උණුසුම් වචන හුවමාරුව නිසා උද්ගත වූ ප්‍රශ්නය පොලිසියේදී මෙතරම් දුරදිග නොයා විස¹ගත හැකිව තිබූ බව ද හෙතෙම පැවසුවා.

පොලිසිය නීතිප්‍රකාරව අමාත්‍යවරයාගේ පුතා ඇතුළු මිතුරන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගන්නා තෙක්‌ අමාත්‍යවරයා පැය ගණනක්‌ රෝහලේ සහ පොලිසියේ ගත කර නිහතමානීව ක්‍රියා කර තිබෙන බවත් පොලිසියේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමාට හෝ පොලිස්‌පති වරයාට හෝ මීට පෙර වතාවල හෝ කිසිදු බලපෑමක්‌ කර නැති බවද රාජපක්‍ෂ මහතා සඳහන් කළා.

හෙළුවැලි පින්තූර ගන්න එපා කිව්වාම මෛත්‍රීපාලගේ පුතා ඩී අයි ජී ගේ පුතාට ගහලා..
ලේලියගේ ඡායාරූප ගැනීමට විරුද්ධ වූ නිසා පුතාට පහර දුන්නා - නි:පොලිස්‌පති වෛද්‍යාලංකාර.
ඇමති පුත්‍රයන් බැඳ දමනු....

 
Related Posts with Thumbnails