Ads 468x60px

.

කොට්ටාව, නීග්‍රෝධාරාම ගල උඩ පන්සලේ බෝමලුවේ අද්භූත අඩි සලකුණු කාගේද..?

නොපෙනන යමක් ඉවත්ව ගිහින්.

මිනිස් යටි පතුල් වලට සමාන පෙනුමකින් යුක්ත අස්වාභාවික අඩිසළකුණු කිහිපයක් කොට්ටාව, නීග්‍රෝධා රාම ගල උඩ පන්සල ‍ බෝ මලුවේ වැලි මත සටහන් වී තිබෙනු දකින්නට ලැබී තිබෙනවා.

මිනිස් යට පතුලට සමාන හැඩයෙන් යුක්ත වූවත් එම සළකුණු අඩි එකහමාරක් පමණ දිගින් ද අඟල් දහයක් පමණ පළලින් ද යුක්තව පිහිටා තිබෙනවා. මෙම විහාරස්ථානය වසර සියයකට වඩා පැරැණි පූජා බිමකි.මෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේ ඉතා වයෝවෘද්ධ බැවින් කිසිවක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී නැත. 

මෙහි පුද පූජා පැවැත්වීමට පැමිණි ප්‍රදේශවාසියෙක් බෝමලුව පිරිසිදු කර අවසානයේ මෙම අඩි සළකුණු දෙක දැක ඇති අතර කුඩා ළමුන් විනෝදයට ඇන්ද සිතුවමක් යැයි සිතා ඒ ගැන තැකීමක් කර නොමැත.

එහෙත් එදිනම රාත්‍රි හතට පමණ ජනතාව වන්දනාමාන කරන අවස්ථාවේ ක්ෂණිකව දුහුවිලි අවුස්සා ගෙන නොපෙනන යමක් මෙම භූමියෙන් ඉවත්ව යන ගතියක් දැනී බැලූ කළ එම ස්ථානයේ දකුණු කකුලක අඩි සළකුණක් මතු වී තිබෙනු දකින්නට ලැබී තිබෙනවා

මේ වනවිට මෙම අද්භූත අඩි සළකුණු දකින්නට විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බව ආරංචි මාර්ග පවසනවා. පැමිණෙන පිරිසෙන් අද්භූත අඩි සළකුණු මැකී යාවි යැයි යන හේතුවෙන් අඩි සළකුණු වටා ගඩොල්වලින් ආරක්ෂක බැමි යොදා තිබෙන බව පැවසෙනවා. මේ දක්වා පොලිසියෙන් මෙම ස්ථානයට පැමිණ නැති බවයි අපට වාර්තා වන්නේ.
 
Related Posts with Thumbnails