Ads 468x60px

.

ළගදීම දවසක අලුත් මනමාලි කවුද කියන එක පවසන්න පොරොන්දු වෙනවා - නලීන් පෙරේරා...

නලීන් පෙරේරා ආයෙමත් විවාහ වෙයිද..?
එහෙමනම් ඇය කවුද..?

යන පැනය අපි නලින් පෙරේරාගෙන් විමසා සිටියා එම අවස්ථාවේ ඔහු දුන් පිළිතුරු පහතින්.

"මගේ පවුල දෙකඩ නොවී රැකගන්න මම කාලයක් වෙහෙස ගත්තා. දරුවෝ දෙන්නා ගේ බැදීම් වලින් මාව ඈත් කරන්න බැරි වුණාට දරුවන්ගේ අම්මා එක්ක තියෙන සම්බන්ධතාවය නැතිවෙලා දැන් අවුරුදු 10 යකටත් වැඩියි. දික්කසාද වෙන එකම සහ අවසාන පුද්ගලයා මම නෙවෙයි" කියල ඔහු එහෙම උත්තර දුන්නා.  

කණ්ඩායම් සංගීතය තුළ පෙරළිකාර වෙනසක් සිදුකළ ගායකයෙක් විදිහට නලීන් පෙරේරා හදුන්වන්න පුළුවන්. මේ වසරේ පෙබරවාරි 11 වෙනිදාට මේරියන්ස් සංගීත කණ්ඩායමට අවුරුදු 25 ක් සම්පූර්ණ වුණා වගේම ඔහුගේ ජීවිතයත් දැන් අලූත් වෙලා.

පෙර විවාහයේ දික්කසාදය අපේක්ෂාවෙන් සිටින නලීන් දැන් පෙම්වතෙක්...


දැන් නලීන්ව දකින්න ලැඛෙන්නෙත් නැහැ ඇයි ඒ ?
දකින්න පේන්න එන්නේ නැහැ. අලූත් නිර්මාණ එළියට දැම්මේ නැහැ. ඒ නිසා හැංගිලා ඉන්නවා වගේ හිතෙනවා ඇති ඒත් මම නිහඩ නැහැ.


මේ දිනවල සංගීත කණ්ඩායමේ වැඩ එක්ක කාර්යබහුල වෙලාද ?
මේ වසර අපේ මේරියන්ස් සංගීත කණ්ඩායමට කාර්ය බහුල කාලයක්. දින වෙන් කරගන්න බැරි තරමට අපිට ප්‍රසංග වලට ඇරයුම් ලැඛෙනවා. විදේශිය ප්‍රසංග වලටත් ඒ අතරතුර සහභාගී වෙනවා. ඒ නිසා හරිම කාර්ය බහුලයි. ඒත් හොදින් සතුටින් කාලය ගත වෙනවා.

මේරියන්ස්ට අවුරුදු 25 ක් පිරුණා නේද ?
පෙබරවාරි 11 වෙනිදාට මේරියන්ස් සංගීත කණ්ඩායමට අවුරුදු 25 ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි සමාජ සත්කාර වැඩවලට සම්බන්ධ වෙනවා. මාර්තු 22 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සංගීත ප්‍රසංගයක් පවත්වනවා. එයින් ලැඛෙන සියළු මුදල් මහරගම පිළිකා වාට්ටුවේ පහසුකම් වෙනුවෙන් වෙන් කරනවා. 


කැන්සර් සපෝට් සෙන්ටර් කියලා. මේර්යන්ස් නම අපට ලැබුණෙ හලාවත ශාන්ත මරියා විදුහල නිසයි. ඒ නිසා අප්‍රේල් 28 වැනිදා එම පාසල් භූමියේ ප්‍රසංගයක් පවත්වන්නත් , එහි ගොඩනැගිලි අරමුදලට විශාල මුදලක් වෙන් කරන්නත් අපි තීරණය කළා.

දැන් බිහිවෙන ගීත ප්‍රසංග එක්ක නලීන්ගේ හඩින් බිහිවන ගීත සමාජය ප්‍රතික්ෂේප කරයි. කියන බිය නිසාද නිර්මාණ බිහි නොකරන්නේ ?
අනේ නැහැ. මේ වසරේ අලූත් නිරිමාණ සහ වීඩියෝ මගේ ආදරණිය රසිකයන්ගේ අහන්න දකින්න ලැඛෙයි. මට ලැඛෙන ප්‍රතිචාර එක්ක නම් එහෙම මේ සමාජයෙන් මාව ප්‍රතිෂේප වෙලා කියලා හිතෙන්නේ නැහැ. අනික අපි කවදත් සංගීතය තුළ වෙනසතක් ඇති ඛළ සංගීත කණ්ඩායමක්. ඒ නෙස ඉදිරියේදීත් ඒ විදිහටම දකින්න ලැඛෙයි.

දික්කසාදය කියන එක අද සමාජයේ විලාසිතාවක් වෙලා. ඔබත් දික්කසාදය ලැඛෙන තුරු බලන් ඉන්නවා නේද ?
මගේ පවුල දෙකඩ නොවී රැකගන්න මම කාලයක් වෙහෙස ගත්තා. දරුවෝ දෙන්නාගේ බැදීම් වලින් මාව ඈත් කරන්න බැරි වුණාට දරුවන්ගේ අම්මා එක්ක තියෙන සම්බන්ධතාවය නැතිවෙලා දැන් අවුරුදු 10 යකටත් වැඩියි. දික්කසාද වෙන එකම සහ අවසාන පුද්ගලයා මම නෙවෙයි. 


ඒ නිසා මම කායිකවත් මානසිකවත් විදවන්නේ නැතිව ඇයගේන් වෙන් වෙන්න තීරණය කළා. පවුල රැක ගන්න දෙන්නම වෙහෙසෙන්න ඕනේ. දරුවන්ගේ අම්මට පවුල රැක ගන්න  බැරිනම් මම ඇයි විදව විදව පිස්සෙක් වෙන්නේ. 

මම මේ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියලා ඒ දුක වේදනාව දරාගෙන දෙපැත්තකට වෙලා විදවන්න අවශ්‍යය නැහැ. සමාජයෙන් ඒවා හංගන්නත් බැහැ. මමත් මනුස්සයෙක් . ඒ නිසා ගන්න ඕනේ නිවැරදිම තිරණය මම ගත්තා. ඒ නිසයි නීතියෙන් වෙන් වෙන්න තීරණය කළේ.

දික්කසාදය දරුවන්ට බලපායි කියන වේදනාව පියෙක් විදිහට දැනෙන්නේ නැද්ද ?
තිබුණ ප්‍රශ්න දරුවෝ දෙන්නත් කාලයක ඉදලා දන්නවා. ඒ අයට ඒවා පෙනුනා . දැනුනා. ඒ නිසා දරුවෝ මගේ හිත තේරුම් ගත්තා කියලා මම හිතනවා. දරුවෝ දෙන්නට තියෙන ආදරේ , කැපකිරීම නැතිවෙන්න නම් මගේ හුස්ම නතර වෙන්න ඕනේ. මම ඒ දෙන්නට මේ හැම ප්‍රශ්නයක් ගැනම නිතරම කියලා දෙනවා. 


දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මම උපයන හැම මුදලක්ම වෙන් කරනවා. ඒ අයට ආරක්ෂාව , ආදරය දෙනවා. ඒ නිසා මගේ බැදීම් ඒ අයට නොදැනෙනවා කියන්න බැහැ. මම දරුවන්ට වුණත් කියන්නේ කවදා හරි පවුලක් වුණ දවසට එකට ඉන්න බැරිනම් විදව විදව ඉන්නේ නැතිව වෙන් වෙන්න කියන එකයි. 

මොකද මම පවුල් ප්‍රශ්න නිසා වසර 10 ක් තිස්සේ විදෙව්ව දුක ඒ අය දැක්කා. ඒ නිසා ඒ අය මට වෛර කරන්නේ නැහැ කියලා මම දන්නවා. මම දරුවන්ට හැමදාම ආදරෙයි. මගෙන් අඩුපාඩුව්ක්‍ නොවන නිසා මගේ හිතේ වේදනාවක් නැහැ. 

ඒ වගේම මම මේ ලෝකේ කොහේ හිටියත් හැම දවසකම දරුවන්ට කතා කරලා ඒ අය ගැන බලනවා. ඒ වගේම මම මේ ප්‍රශ්නයේදී කාටවත් ඇගිල්ල දික් කරන්නේ නැහැ. නලීන් පෙරේරා කියන පුද්ගලයාගේ පවුලට එකට ඉන්න බැරි ප්‍රශ්න ආවා. වෙන් වුණා. එච්චරයි.

නලීන් පෙරේරා ආයෙමත් විවාහ වෙයිද ?
අනිවාර්යයෙන්ම ඔව්. දික්කසාදය ලැබුණු ගමන් මම අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.

ඒ කියන්නේ බිරිදකගේ හිස්තැන පුරවන්න ඔබේ ජීවිතයට කෙනෙක් සම්බන්ධයි කියන එකද ?
ආදරණිය හදවතක් මාව තේරුම් ගත්තා. ඇය මාව ආදරයෙන් හොදින් ආරක්ෂා කරයි. මම දැන් සතුටින් ජීවත් වෙන්නේ ඒ ආදරය මතයි. ඒ බව මගේ දරුවෝ දෙන්නා පවා දන්නවා. ඇය අද මගේ පෙම්වතිය. දික්කසාදයෙන් පසුව ඇය මගේ නීත්‍යානුකූල බිරිද කර ගන්නවා.

ඇය කවුද ?
ඡායාරූප එක්කම ඇය කවුද කියන එක මගේ ආදරණිය රසිකයින්ට කියන්නම්. දැනට ඇය කවුද ? මොනවද කරන්නේ ? කියන එක නොකියා ඉන්නම්. ළගදීම දවසක ඇය කවුද කියන එක පවසන්න පොරොන්දු වෙනවා.
 
Related Posts with Thumbnails