Ads 468x60px

.

"මම මුද්ද ගත්තේ නැහැ"යෑයි දිවුරා කියද්දීත් පොලිසි ගිය නිසා නදීකා කළුගඟට දිවි පිදූ හැටි...

වැඩ කරන තැනට ගොස්‌ දුවට අපහාස කර තිබුණා...

කරාබු දෙක ගලවා මිතුරියක අත ගෙදරට එවා තිබුණා...

තමන් නොකළ සොරකමකට චෝදනා එල්ල වීම නිසා ලැඡ්ජාවටත් කනස්‌සල්ලටත් පත්වූ 16 හැවිරිදි වන්නිආරච්චිගේ නදීකා ප්‍රියදර්ශනි නමැති තරුණිය ඉකුත් 21 වැනිදා කළුතරින් කළු ගඟට පැන දිවි නසාගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඇයගේ මළ සිරුර කළුතර පාලම අසල රැඳී තිබුණු අතර කළුතර දකුණු පොලිසිය එහි පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවාතරුණියකගේ මළ සිරුරක්‌ පාලම අසලින් හමුවී ඇතැයි ආරංචි වීමත් සමග කළුතර පාලම අසලට එක්‌වූ දහස්‌ සංඛ්‍යාත පිරිස්‌ එකිනෙකා කතාකර පුවත් මවන්නට වුනා.

නදීකාගේ පවුලේ සහෝදර සහෝදරියන් පස්‌ දෙනෙක්‌ ආර්ථික අතින් ඉතාමත් අසරණ තත්ත්වයක සිටින අතර සිය පවුල නඩත්තු කිරීම අරමුණු කරගනිමින් නදීකා සිය පාසල් දිවියට ආයුබෝවන් කියා ඇඟලුම් කම්හලක සේවයට ගොස්‌ තිබෙනවාඉන් අනතුරුව ඇය මෑතකදී ඥති ගෙදරකට ගොස්‌ තිබෙන අතර එහිදී එම නිවසේ තිබූ රන් මුදුවක්‌ සොරාගෙන ඇතැයි ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇය "මම මුද්ද ගත්තේ නැහැ" යෑයි දිවුරා කියද්දී නිවෙස්‌ හිමියන් එය පිළිනොගෙන ඇය පොලිසියට කැඳවාගෙන ගියත් මුද්ද ඇය සොරාගත් බව ඔප්පු කිරීමට නොහැකිවී තිබෙනවාපොලිසිය එම ළාබාල තරුණිය ගෙදර යවන ලෙස අවවාද කර තිබෙනවා.

එම සිද්ධියෙන් පසුව සිහිනයකින්වත් නොසිතු ලෙස තමන්ට එල්ල කළ චෝදනා ගැන කනස්‌සල්ලට පත්වූ ඇය කළුගඟට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඇයගේ මිත්තනිය වූ කර්ලැයින් මහත්මිය හැඬූ කඳුළින් මෙසේ කීවාය. 


දුව හොරෙක්‌ බවට ඥති ගෙදර අය හැඳින්වූවා. දුව පොලිසියට රැගෙන ගියා. වැඩ කරන ඇඟලුම් කම්හලට ගොස්‌ දුවට අපහාස කර තිබුණා. ඒ නිසා දුව කලකිරීමට පත්වී මෙසේ කළුගඟට පනින්න ඇති. ඇයගේ කරාබු දෙක ගලවා මිතුරියක අත ගෙදරට එවා තිබුණා.

ඉකුත් 22 වැනිදා සවස මියගිය නදීකාගේ මව වන හල්කඳවිල රාගලවෙල පදිංචි මොරවකගේ කුසුමලතා මහත්මිය කළුතර උතුර පොලිසියට හා නාගොඩ රෝහලට ගොස්‌ සිය දියණියගේ මළ සිරුර හඳුනාගත්තා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

සිය දහසයවැනි උපන් දිනයට දින තුනක්‌ තිබියදී මෙසේ දිවිනසාගෙන ඇත්තේ පයාගල හල්කඳවිල රාගලවෙල පදිංචි ඇඟලුම් ආයතනයක සේවිකාවක්‌ වු මහන්ති ආරච්චිගේ නදීකා ප්‍රියදර්ශනී නමැති ළාබාල තරුණියකි.


ගැහැනු දරුවන් තුන් දෙනකුගෙන් හා පිරිමි දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක තුන්වැනියා වූ නදීකා පාසල් ජීවිතයට ආයුබෝවන් කියා අඩු වයසින් ඇඟලුම් ආයතනයේ රැකියාවට ගොස්‌ ඇත්තේ පියා අතහැර දමාගොස්‌ ඇති පවුලේ ජීවන බර කරටගෙනය. 

අකුරැස්‌ස ප්‍රදේශයේ අයෙකු වන අජන්ත නමැති ඇගේ පියා මාස හතරකට පමණ පෙර මේ දරුපවුල අතහැර දමා කොහේ හෝ ගොස්‌ තිබේ. පියා දරු පවුල අත හැර යැම නිසා කම්පාවට පත්වීමෙන් වැඩිමහල් පිරිමි දරුවා මන්ද මානසිකත්වයෙන් පෙළේ. පවුලේ බාලම පිරිමි හා ගැහැනු දරුවන් දෙදෙනා පාසල් යති.

පියා දරුපවුල අතහැර යැම නිසා මේ දරු පවුලට උපකාර කරන්නේ මොරටුව ප්‍රදේශයේ ජීවත්වන මවගේ සහෝදරියක්‌ හා මවගේ අම්මා විසිනි. ඔවුන් කරතබා ගෙන සිටින මේ පවුලේ බර ඉසිලීමට කොටස්‌කාරියක වීම සඳහා නදීකා පාසල් ගමනට ආයුබෝවන් කියා පයාගල ඇඟලුම් ආයතනයේ රැකියාවකට ගොස්‌ ඇත.

සිය දියණියගේ හදිසි මරණය ඉවසා දරා ගත නොහැකිව මව බිම වැතිරී විලාප අඳෝනා බස්‌ කියති. නදීකාගේ අක්‌කා අයියා, නංගී, මල්ලී ද සෝ බරිත මුහුණ බිමට නැඹුරු කරගෙන තැන තැන වැටී සිටිති. 


යාන්තමට වත්තම් කරගෙන නැගිටුවා ගත් නදීකාගේ මව වන 37 හැවිරිදි මොරවකගේ කුසුමලතා පෙරේරා මහත්මිය මේ සිද්ධිය වීමට දවස්‌ දෙකකට කලින් ඉරිදා උදේ නදීකා දුව කීවා අම්මේ මම මොරටුවේ පුංචිලාගේ ගෙදර ගිහින් මසුත් එක්‌ක බත් ටිකක්‌ කලා එහේ තියෙන මගේ ඇඳුම් ටිකත් අරන් එන්නම් කියා. ඇය එහේ ගියා. මොරටුවේ ඉන්න මගේ නංගීට ටිකක්‌ සරුයි. ඒ නිසා මේ ගොල්ලන් නිතර එහේ යනවා. මොරටු ගිහින් දුව හැන්දෑවෙ ගෙදර ආවා.

සඳුදා උදේ සිරිත් පරිදි දුව වැඩට ගියා. ටිකක්‌ වෙලා යනකොට මගේ නංගීයි, එයාලගෙ ගෙට යාබද ගෙදර තුෂාරියි අපේ ගෙදර ඇවිත් කීවා. නදීකා දුව මොරටු ගිය වෙලාවේ තුෂාරිලගෙ ගෙදරටත් ගිහින් තියෙනවා. එයාලගෙ කාමරේ තිබුන මුද්දක්‌ නැති වෙලා තියනවා. ඒක අරන් තියෙන්නෙ නදීකා දුවයි කියලා තුෂාරී කියනවාය කියා. අපි ගේ හැම තැනම අවුස්‌සා බලා අන්තිමට දුව වැඩ කරන ගාමන්ට්‌ එකටත් ගිහින් දූගෙන් ඇහුවා.

අනේ අම්මෙ මම කාගෙවත් මුද්දක්‌ ගත්තෙ නැහැ. මම ඒ ගෙදරට ගියේ පුංචිගේ දරුවො ගිය වෙලාවෙ එක්‌කගෙන එන්න ගියා. අපේ නංගී ඒක විශ්වාස කළත් තුෂාරී විශ්වාස කළේ නැතුව දරුවව පයාගල පොලිසියටත් එක්‌ක ගියා. එතනදීත් පොලිසියේ මහත්තුරු පිළිගත්තා මගේ දුව මුද්ද අරන් නැති බව. 


ඒ ගමන ඒ ගොල්ල දුව මොරටුවෙ මෝදර පොලිසියටත් එක්‌ක ගියා සිද්ධිය වුණේ මොරටුවේ නිසා. මේ වෙලාවේ අපේ නංගී කියලා කියනවා ඒ අහිංසක කෙල්ල අරන් නැහැ බං ඒකිව අතහැර දාපන් මං මුද්දෙ වටිනාකම දෙන්නම් කියා. කොහොම වුණත් මොරටුව පොලිසියෙ දීත් දුව කියලා එයා මුද්ද ගත්තෙ නැති බව.

මුලින් ඒ ගොල්ල කීවෙ රුපියල් 50,000 ක්‌ වටිනා මුද්දක්‌ කියා. සැරෙන් සැරේ වෙනස්‌ වෙනස්‌ ගණන් කිව්වා. හැන්දෑවෙ දුව ගෙදර ඇවිත් පසුවදා (අඟහරුවාදා) ද දුව වැඩට ගියා. සවස ගෙදර එන්න පරක්‌කු නිසා එයා එක්‌ක වැඩට යන ළමයෙක්‌ ගෙන් අහන්න මම පාරට ගියා. 


ඒ ළමයා මට දුන්නා තුනට හතරට නවපු කොළයක්‌ " මේක නදීකා දුන්නා. එයාව අහන්න අම්මා ආවොත් දෙන්න කියා......... මම ඉවසුම් නැතිව කොළේ දිග ඇරලා බැලුවා. "දෙයියනේ මේ මගේ දුව කනේ දමලා තිබුන කරාබු කුට්‌ටමනේ" එතන ඉඳලම දුව හෙව්වා. පස්‌සෙ රෑ ටී. වී. එකේ කිව්ව විස්‌තරේට තමයි නාගොඩ ගිහින් දූගේ සිරුර හඳුනා ගත්තෙ.


කොච්චර දුප්පත් වුණත් මගේ දරුවො හරි අහිංසකයි. හොරකම් කරන්නෙ නැහැ. එයා නොසිතපු හොර නාමයක්‌ නිරපරාදේ එයා පිට පැටවීම නිසා ලඡ්ජාවේ එයා මේ වින්නැහිය කරගන්න ඇත්තේ...... යෑයි ඇය යළිත් බිම පෙරළී බෙරිහන් දුන්නාය.

නැති වූයේ යෑයි කියන මුද්ද පිළිබඳව වැඩි දුරටත් සොයා නොබලා එක එල්ලේම අහිංසක නදීකා වෙත චෝදනා එල්ල කරමින් ළාබාල වියේ පසුවන තරුණියක්‌ පොලිසි වෙත ගෙනයමින් කරන ලද අපහාසය නිසා ජීවිතයක්‌ නැතිවීම පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි කණස්‌සල්ලෙන් යුතුව අනේ.......... අපොයි........... කියති. 


ඇයගේ අවසන් කටයුතු ඉකුත් 24 දා හල්කඳවිල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
 
Related Posts with Thumbnails