Ads 468x60px

.

පාප් තුමාගේ හදිසි ඉල්ලා අස්වීමට හේතුව සමලිංගික ප‍්‍රශ්ණයක්ලු..

වැනි සම්බන්ධකම් පැවැත් වෙන ස්ථාන රැසක්...

ජීවත්ව සිටියදී ඉවත් වූ පලමු පාප්තුමාලු...

සමලිංගික පූජකවරකුගේ අප කීර්තිය 16 වන පාප් තුමාගේ හදිසි ඉල්ලා අස්වීමට හේතුව බවට ඇති කටකතා නිසා එතුමාගේ ඉවත්වීමෙන් පසු කීර්ති නාමයට හානියක් වනු ඇතැයි සැකයක් මතුවී තිබෙනවා
.

ඉතාලියේ ලා රිපබ්ලිකා පුවත්පත වාර්තා කලේ පසුගිය දෙසැම්බරයේ වතිකානුවේ ඉහල පූජක ජාලයක් පිටස්තරයන් හා සමලිංගික සබඳකම් පවත්වනු පමණක් නොව ඔවුන්ට අවමාන තර්ජන කිරීමට පවා ඉඩ දෙන බවට සාක්ෂි ඉදිරිපත් කල පසු පාප්තුමාට එය නොසලකා හැරිය නොහැකි වූ බවයි.


මෙවැනි සම්බන්ධකම් පැවැත්වෙන ස්ථාන ලෙස සවුනාවක්, රූප ලාවන්‍යාගාරයක් සහ ආච් බිෂොප් තුමෙකුගේ නිවසක් ද පෙන්වා දී තිබුණි. පසුගිය කාලය පුරා වතිකානුව පිලිබඳ නොයෙකුත් කටකතා  ඕපාදුප ආදිය මාධ්‍ය මගින් ප‍්‍රචාරය වී තිබෙනවා. වතිකානුවේ යම් යම් අයගේ වැරදි නිසා ඔවුන් ඉවත් කරනු වෙනුවට තමන් ඉවත් වීමට පාප්තුමා තීරණය කල බව අයෙක් රොයිටර් වෙත කියා සිටියේය.


85 හැවිරිදි පාප්තුමා ඉල්ලා අස්වීමට හේතුව ලෙස කියා සිටියේ ශාරීරික සහ මානසික ශක්තිය ගිලිහී යාම නිසා මේ තීරණය ගත් බවයි. මාස ගණනකට පෙර මෙක්සිකෝ හා කියුබා සංචාරයේදී මේ තීරණය ගත්තත් එලි නොකර සිටි බව වතිකානු නිල පුවත්පත වන අයි ඔසර්වේටෝ රොමෝනෝ වාර්තා කලේය.


පාප්තුමාගේ ආගමික ජීවිතය පිලිබඳ කිසිවෙක් සැක නොකලත් එතුමාගේ පාලනය සහ සන්නිවේදන හැකියාව දුර්වල බව ඇතැම් අය කියති. 2010 දී බෙනඩික්ට් පාප්තුමා තමාට ධුරයේ කටයුතු කල නොහැකි වූ විට ඉන් ඉවත්වන බව කියා තිබූ නිසා පොරොන්දු වූ පරිදි ගෞරව සහිතව ඉවත්වීමට එතුමාට හැකි විය. 


වසර 600 කට පසු ජීවත්ව සිටියදී ඉවත් වූ පලමු පාප්තුමා ලෙස සම්ප‍්‍රදායවාදීන්ගේ උදහසට එතුමා ලක් වීමටද හැකියාව ඇත. නමුත් ඉදිරියේදී පත් වන අයට රෝද පුටුවලින් යන ජරාජීර්ණ තත්වයට පත් නොවී ඉවත් වීමට හොඳ ආදර්ශයක් එතුමා ලබා දී ඇත.


මේ අතර ලෝකයා බලා සිටින්නේ 16 වන බෙනඩික්ට් පාප්වහන්සේට විසඳිය නොහැකි වූ ගැටළු විසඳිය හැකි මීලඟ පාප්තුමා කවුරුන්ද යන්නයි.


 
Related Posts with Thumbnails