Ads 468x60px

.

ආචාර්ය පියසේන රතුවිතාන හා දිවයින පුවත්පත..

ලංකාවේ බොරුව යනු නීතිගත කොට ඇති සත්‍යයි...

ව්‍යාජ  ආචාර්ය උපාධි තමන්ගේ නමට එකතු කර ගැනීම දැන් විලාසිතාවක් බවට පත් වෙමින් තිබේ. 

වෙබ් අඩවි වල ඇති බොරු විශ්ව විද්‍යාල මගින්ද  ඉන්දියාවේ තොසේ කඩ වල අටවා ඇති ආචාර්ය උපාධි විකුණන සිල්ලර කඩ වලින් ද ආචාර්ය උපාධි මිලට ගත් බොහෝ දෙනෙකු දැන් ජාතියට අවවාද අනුසාසනා දෙන දැනමුත්තන් බවට පත් වෙමින් සිටිති.  

ඒ අතර දිවයින ලක්බිම, රැජින වැනි පුවත්පත්වල පත්තරකාරයන්ද මේ ඊනියා විද්වතුන් ගේ ප්‍රලාප හිරිකිතයක් නැතිව පල කරති. මේ සඳහා ඔවුන්ට බුරියානි අරක්කු සමග කීයක් හෝ මිට මෙළවෙන බව සැබෑ වුවත් බොරුව සමාජගත කිරීම මගින් මගින් සමාජයට සිදුවන අයහපත ගැන නොසිතති.

මිට පෙර රැජින පුවත්පතේ මාධ්‍යවේදිනියක් ආචාර්ය ප්‍රවීන් ජයමහ නමැති හොරෙකු වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙමින් බොහෝ මිනිසුන් අමාරුවේ දැමුවේය. අන්තිමේදී මේ සෙල්ලම ඉවර වුයේ ප්‍රවීන් ජයමහ පොලිස් අත්අඩංගුවට පත් වීමෙනි. 


නමුත් තවමත් බොරුකාරයන් සමාජය රවටමින් සිටිති. ඔවුන් මෙසේ නිරුපද්‍රිතව සමාජ රවටමින් සිටින්නේ වගකිවයුත්තන්ට පිදේනි  දීමෙනි.

උදාහරණයක් ලෙස කොතලාවල ජාතික අරක්ෂක විද්‍යාපීඨයේ දේශන පවත්වන ආචාර්ය එච්. ආර්. එස් කීර්තිසිංහ නමින් පෙනී සිටින පුද්ගලයාට කිසිදු ආචාර්ය (PHD) උපාධියක් නැති නමුත්  ව්‍යාජ ලෙස එංගලන්තයේ , ඇමරිකාවේ, බෙල්ජියමේ හා ඉන්දියාවේ අධ්‍යාපන ආයතන වල සහතික සකසා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට ලබා දී තිබේ.  


එමගින් බාහිර දේශකයෙකු ලෙස ඔහු කොතලාවල ජාතික අරක්ෂක විද්‍යාපීඨයේ සේවය කරයි. මෙම බොරුව ඔහුට කල හැක්කේ ජෙනරාල් උභය මැදවලගේ ආවරණය නිසාය. 

එසේම ව්‍යාජව MICP , FICP  යන බොරු උපාධි තමන්ගේම පුණ්‍ය ආයතනයෙන් තමන්ටම ලියවාගෙන සිටින ලංකාවේ ශාස්ත්‍රීය ලෝකයේ කූට සක්විති යන කුප්‍රකට කිරුල දරා සිටින නොම්මර එකේ බොරු කාරයෙකු වන ඩී .එස්  රණවක තමන්ගේ බොරුව කරගෙන යන්නේ මාධ්‍යවේදීන්ට, පොලිස් නිලධාරීන්ට සහ විවිධ ආයතන ප්‍රධානීන්ට මුල්‍ය අල්ලස් මෙන්ම ඔහුගේ පුණ්‍ය ආයතනයෙන් බොරු උපාධි පිරිනැමීම මගිනි.

දැන් අලුත්ම ප්‍රවණතාවය දිවයින පුවත් පත මගින් හිටපු කෙන්දර කාරයෙකු වන පියසේන රතුවිතාන ආචාර්ය පියසේන රතුවිතාන බවට ඔසවා තැබීමයි. 


අඩුම ගන්නේ දිවයින පුවත් ප්‍රධාන කතුවරයාට පියසේන රතුවිතාන ගේ ආචාර්ය උපාධිය ලැබුණු විශ්ව විද්‍යාලය හෝ ලැබුණු අන්දම ගැන ඇසීමටවත් සෙවීමටවත් මොලයක් තිබී නැත. 

ජාතියට මාර්ගෝපදේශනය දෙන්නේ මෙවැනි පුවත් කතුවරු වීම ගැන පුදුම නොවන්න. ලංකාවේ බොරුව යනු නීතිගත කොට ඇති සත්‍ය වේ.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails