Ads 468x60px

.

කළුබෝවිල රෝහලේ සැත්කමක් වැරදී මාහාචාර්ය වරයෙක් මියයයි...

හේතුව ප‍්‍රතිජීවක මඟින් ශරීරය පුරා විහිදුණු ආසාදන තත්වයක්

කුඩා බඩවැලේ මැද කොටස හිල් වෙලාලු... 

සැත්කම සිදුකර ඇත්තේ වෛද්‍ය තේජල විජේරත්න මහතා... 

කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී තරබාරු බව අඩු කිරීම සඳහා ලැපරස්කොපි ක‍්‍රමයට සිදු කරන ලද Sleeve gastrectomy සැත්කම කින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රජීව ජයසිංහ මහතා මිය ගිය ගොස් තිබෙනවා.

තරබාරු වැඩිකම අඩුකර ගැනීමට ආමාශයේ කොටසක් ඉවත් කර කුඩා කොට මැසීමෙන් තරබාරු බව අඩුවන බවත්, ඒ ක‍්‍රමය අනුගමනය නො කර ලැපරෙස්කොපි උපකරණ මඟින් විවෘත සැත්කමකින් පරිබාහිරව සිදුරු තුනක් විඳ සංවෘතව සිදු කළ සැත්කම හේතුකොටගෙන කුඩා බඩවැලේ මැද කොටස හිල් වීමෙන් පසුව ඇති වූ බැක්ටීරියා ආසාදන තත්ත්වයක් නිසා පෙබරවාරි 19 වැනි දා මහාචාර්යවරයාගේ මරණය සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සැත්කමෙන් පසුව ඇති වූ ආසාදනමය තත්ත්වයක් හේතුකොටගෙන මහාචාර්ය ජයසිංහ මහතා මියගිය බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා.


යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව සැත්කම සඳහා රෝහලට ඇතුළත් ව ඇති මහාචාර්යවරයා රෝහල් 25 වැනි වාට්ටුව හෙවත් මහාචාර්ය ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම සැත්කම සිදුකර තිබෙනවා.

මෙම සැත්කමෙන් පසුව මහාචාර්යවරයා ශල්‍ය අංශයේ දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති අතර ආසාදන තත්තවය මැඩලීම සඳහා ප‍්‍රබල ප‍්‍රති ජීවක ද ලබා දී තිබෙනවා.

ප‍්‍රතිජීවක මඟින් ශරීරය පුරා විහිදුණු ආසාදන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට නො හැකි වී ඇති අතර මේ හේතුවෙන් මහාචාර්යවරයාගේ මරණය සිදු වූ බව ද එම ආරංචි මාර්ග පවසනවා.

වෛද්‍ය මොහාන් ද සිල්වා මහතා මහාචාර්ය ඒකකය භාරව කටයුතු කරන අතර සැත්කම සිදුකර ඇත්තේ වෛද්‍ය තේජල විජේරත්න මහතා සමඟ තවත් වෛද්‍යවරයෙක් බව ද වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails