Ads 468x60px

.

මරණාසන්න මොහොතේ ප්‍රභාකරන් ගේ පුතුගේ ආන්දෝලනාත්මක පින්තුර අන්තර්ජාලයේ...

ප්‍රභාකරන්ගේ පුතුගේ අන්තර්ජාලයට නිකුත් කර ඇති ජායාරුප මගින් ඔහු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇති බවත් ඉන්පසු ආහාර ලබා දීමෙන් අනතුරුව වෙඩි තබා ඇති බවත් වාර්තා මේ වනවිට සැකසෙමින් පවතිනවා. 

මෙම ජායාරුප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග යුද්ධයේ අවසාන සමයේ සිදුවූ හමුදා මෙහෙයුම් පිලිබඳ ගැටළුවක් මතුවන බව අන්තර්ජාතික විශේෂඥයින් පවසා සිටිනවා.


මෙයට පෙර බාලචන්ද්‍රන්ගේ වෙඩි වැදුන සිරුරේ ජායාරුප පෙන්වා දෙමින් චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය මගින් චෝදනා කලේ වෙඩි පහරවල් ඉතා ලගින් සිට තබා ඇති බවයි. 

එවිට රජයේ වගකිව යුතු පාර්ශව වලින් එයට පිළිතුරු සපයා තිබුනේ දෙපාර්ශවය අතර සිදුවූ වෙඩි තැබීමකින් බාලචන්ද්‍රන් මියගොස් ඇති බවයි. 

ඒ අනුව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නායක වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ 12 හැවිරිදි පුතුවූ බාලචන්ද්‍රන් වෙඩි වැදී
මියයාමට ප්‍රථම ගත් ජායාරුප කිහිපය ලබන මාර්තු මස මානව හිමිකම් කොමිසමේ ප්‍රදර්ශනය වන චිත්‍රපටයක පෙන්වීමට සුදානම්කොට ඇති අතර එහිදී මේ පිළිබඳව තවත් ජායාරුප හා විග්‍රහයන් ඇතුළත්වීමට නියමිතයි.

එය ශ්‍රී ලංකාවට මානව හිමිකම් සැසියේදී දැඩි අවාසියක් වීමටද හේතුකාරණා වන බවට මත පලවී තිබෙනවා .
ම ජායාරුප පෙළ පහතින් බලන්න.

 
Related Posts with Thumbnails