Ads 468x60px

.

අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5දා මහරෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා.



පුදුම හිතෙන 
සමාන සිද්ධි 
දෙකක්



සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ
දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි
එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ


රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්‍රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී තිබෙනවා. මෙම සිදුවීම් දෙක අතර පුදුම සහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරනවා.

මෙයට වසර සියයකට පෙර 1913 දෙසැම්බර් 05දා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වී
තිබෙනවා. දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටයි.

ස්වයංක්‍රීයව දුම්රිය ධාවනය වූ දින දෙකම එකම දින වීම තවත් විශේෂ ත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට කොටුව දෙසට ධාවනය වී

තිබෙනවා. මෙම සිදුවීම් දෙකෙහිදීම කිසිම පුද්ගලයකුට කවරාකාරයක හෝ අනතුරක් සිදු නොවීම ද විශ්මයජනක සිදුවීමක් ලෙස දුම්රිය සේවකයෝ දක්වනවා.

මුල්වරට දුම්රිය ඉබේ ධාවනය වූ අවස්ථාවේ එය කැලණිවැලි මාර්ගයේ සිට මාළිගාවත්ත, මරදාන පසුකර කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හින්දු කෝවිල ආසන්නයේදී නැවතී ඇති බව වාර්තා වෙනවා. එහිදී එම දුම්රිය මඟ දෙපස නවත්වා තිබූ බඩු කරත්තවල හැපෙමින් කිලෝමීටර් 3.5 පමණ ගමන් කර
තිබෙනවා.

 එදා “සත තුනේ දිනමිණ” සිද්ධිය වාර්තා කළේ මෙහෙමයි.


 
Related Posts with Thumbnails