මව ප්රදේශයේ රැස්වීමකට ගොස් නිවෙසට එද්දී තිදරු පියා තම 11 හැවිරිදි වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවීමේ පුවතක් නිකවැරටිය පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට අනාවරණය වුනේ මෙම දැරිවිය මීට වසර තුනකට පෙර සිට පියා විසින් විටින් විට දූෂණයට
ලක්ව ඇති බවයි.
දියණියගේ මව ප්රදේශයේ රැස්වීමකට ගොස් පැමිණි අවස්ථාවේ බාල දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර වැඩිමල් දියණිය සහ ස්වාමියා පෙනෙන්න්නට නොසිටි නිසා ඒ බව සොයා බැලීමේදී නිවෙස
තුළදී මෙම දූෂණය සිදුවී ඇති බව ඇය පැමිණිලි කර තිබෙනවා.
නිකවැරටිය නූගත්පොළ හුළුගල්ල ප්රදේශයේ පදිංචි එම ස්වාමියාගේ බිරිය
ඉකුත්දා (24දා) තම සැමියාට එරෙහිව පැමිණිල්ලක් කාන්තා හා ළමා කාර්යාංශය වෙත
සිදුකර ඇති අතර දැරිය නිකවැරටිය රෝහල වෙත යොමුකොට ඇත. සැකකරු ප්රදේශය අතහැර පලාගොස් ඇත.