Ads 468x60px

.

ඥති නැගණියගේ සෙක්සි ෆොටෝ පෙන්නා ලාබාල තරුණියක ලෙස අඟර දැමූ කත


ඥති නැගණියගේ 
සෙක්සි ෆොටෝ 

ෆෝන් එකටත් 
යවලා.

ලාබාල තරුණියක ලෙස රංගනයේ යෙදෙමින් යුද හමුදා සෙබළකුට විවාහ පොරොන්දු ලබාදී ඔහුගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල්, ත්‍යාග සහ වටිනා දේ ලබාගත් 42 හැවිරිදි කාන්තාවක්‌ පිලිබඳ පුවතක් කඩවත ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම කාන්තාව 28 හැවිරිදි වියේ පසු වූ සිය ඥති නැගණියකගේ ඡායාරූපයක්‌ පාවිච්චි කරමින් යුද හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩ නඟාගෙන තිබෙනවා.

මෙම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස්‌ ඇත්තේ දුරකථන මාර්ගයෙනුයි.
එම කාන්තාව තමාගේ සෙක්සි ෆොටෝ යෑයි කියමින්
හමුදා සෙබළා වෙත තැපැල් කර යවා ඇත්තේ ඥති නැගණියගේ ඡායාරූපයකි.

රූමත් තරුණ කාන්තාවක්‌ වූ එම ඥති නැගණිය මේ කිසිවක්‌ දැන සිට නැත. සැකකාර කාන්තාව මාස ගණනක්‌ තිස්‌සේ හමුදා සෙබළා රවටමින් ඔහුගෙන් මුදල්, වටිනා ඇඳුම් පැළඳුම්, තෑගි ඇතුළු නොයෙකුත් දේ ලබාගෙන තිබේ. රුපියල් ලක්‍ෂයක්‌ පමණ වටිනා ජංගම දුරකථන රීලෝඩ් පවා මෙම කාන්තාව හමුදා සෙබළා ලවා ලබාගෙන තිබේ.

හමුදා සෙබළා සිය ඥතීන් ද සමඟ මෙම තරුණිය සොයාගෙන කඩවතට පැමිණ ඇත්තේ පෙරේදාය. තරුණියගේ ඡායාරූපයක්‌ පෙන්වමින් ප්‍රදේශ වාසීන්ගෙන් තොරතුරු ලබාගත් හමුදා සෙබළා එම තරුණියගේ නිවසට ගොස්‌ ඇත.

මාස ගණනක්‌ තිස්‌සේ තමන් ප්‍රේම කළ තරුණිය විවාහක දෙදරු මවක්‌ බව හමුදා සෙබළා දැනගෙන ඇත්තේ එම නිවසට ගිය පසුවය. සැකකාර කාන්තාව විසින් කාලයක්‌ තිස්‌සේ කරගෙන ගිය වංචාව පිළිබඳව නොදැන සිටි මෙම රුවැති ඥති නැගණිය දැඩි ලෙස කලබලයට පත්වී ඇත.

පසුව හමුදා සෙබළා මේ පිළිබඳව කඩවත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය හමුදා සෙබළා රවටා ඔහුගෙන් මුදල් ලබාගත් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර කාන්තාව සිය ඥති නැගණියගේ නැන්දණිය ලෙස රංගනයේ යෙදෙමින් අවස්‌ථා කීපයකදීම හමුදා සෙබළා මුණගැසී මුදල් ලබාගෙන ඇති බව ද හෙළි වී ඇත්තේ ඉන් පසුවය.

ඡායාරූපයේ සිටින්නේ සිය ඥති දියණියක බව කියමින් ඇය මෙම හමුදා සෙබළා රවටා ඇත. සැකකාර කාන්තාව දුරකථන මාර්ගයෙන් හමුදා සෙබළා සමඟ සම්බන්ධ වී ඇත්තේ 28 හැවිරිදි තරුණිය ලෙස රංගනයේ යෙදෙමින්ය. 


එම කාන්තාව පොලිසිය මගින් ඊයේ (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails