Ads 468x60px

.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ආනන්ද සමරසේකර භූමිකාව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ආනන්ද සමරසේකර භූමිකාව ගැන බොහෝ කරුණු හෙලි වෙමින් පවතී. සමහර කරුණු සාධක සහිතව පෙන්වා දෙන්නේ අධිකරණ වෛද්‍ය ක්ශේත්‍රයේ සිදුවන අක්‍රමිකතා පිලිබඳව කළකිරීමට පත් වී සිටින අවංකව රාජකාරී කරන අධිකරණ  වෛද්‍යවරුන් පිරිසකි. 

ඔවුන් පෙන්වා දෙන අන්දමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර යනු තම රාජකාරී බලතල උපයෝගී කර ගනිමින් අයථා ලෙස විවිධ වාසි ලබාගත් පුද්ගලයෙකි. 


මෙම අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ වෛද්‍ය ආනන්ද සමරසේකර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපතිව සිටි කාලයේ වෛද්‍යවරියක් ලෙස සේවය කල ඔහුගේ බිරිඳට
දුෂ්කර ප්‍රදේශ වලට ලැබූ ස්ථාන මාරුවීම් වලක්වා දිගින් දිගටම කොලඹ රෝහල් වල පමණක් සේවය කිරීමට ඔහුගේ බලතල භාවිතා කල බවයි. 

එසේම වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් දී තිබෙන සමහර අධිකරණ වෛද්‍ය තීන්දු පිලිබඳව බරපතල සැක මතුබවන බවද  ඔවුහු පෙන්වා දෙති. පසුගිය කාලයේදී  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයයේ 11 වැනි සැකකරු වන්නේ දුමින්ද සිල්වායි. 

ඔහුගේ මොළයට සිදුවී ඇති බරපතල තුවාල නිසා අසාධ්‍ය තත්වයකින් සිටින බවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ වාර්තා මගින් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් උසාවියට දැනුම් දුන්නේය.

වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ වාර්තා අනුව දුමින්ද සිල්වා ගේ මොළයට වෙඩි පහරක් නිසා බරපතල තුවාල සිදුවී තිබුණි. නමුත් ඇප ලබාගත් දුමින්ද සිල්වා කිසිම රෝගී තත්වයක් නොපෙන්වා රෝහලින් පිටවී ගියේය​. 


මේ වන විට දුමින්ද සිල්වා කිසිම රෝගී තත්වයක් නොමැතිව දේශපාලනයේ නියැලේ. මොලය සහ හිස් කබලට තුවාල වූ රෝගියෙකු නොලබන අන්දමේ සුවයක් දුමින්ද සිල්වා ලබාගෙන තිබේ. 

දුමින්ද සිල්වාට ඇප ලබාදීම සඳහා අසත්‍ය අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට පසුගිය කාලයේ චෝදනා එල්ල කරන ලදි. මෙම චෝදනාවේ ගැඹුරු අර්ථයක් තිබෙන බව අවංකව රාජකාරී කරන අධිකරණ වෛද්‍යවරුන් පවසති.

මේ කරුණු අනුව අපට පෙනී යන්නේ දුමින්ද සිල්වාගේ සහෝදරයා වන ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානී රෙනෝ ද සිල්වාගේ මුදල් වලට මිලදී ගැනීමට නොහැකි පුද්ගලයෙක් ලංකාවේ නොමැති බවයි.

- සමන්ත කෝනාර
 
Related Posts with Thumbnails