Ads 468x60px

.

දකුණේ අධ්‍යාපන බලධාරීන් අතින් ගුරුවරු අව භාවිතයට...

මේ වසරේ නොවැම්බර් මස අග භාගයේ දකුණු පළාතට අලුතෙන් ගුරුවරුන් බදවා ගැනීමට පුවත්පත් නිවේදන නිකුත් කොට ඇති නමුත්, දකුණු පළාත් අධ්‍යාපන දෙපා ර්තමේන්තුව දැනට සිටින ගුරුවරුන් ගේ සේවය අව භාවිත කරමින් ඔවුන් වැඩකට නැති අධ්‍යාපන ආයතන වලට යොදවා ගුරුවරුන්ගේ ශ්‍රම ඵලදායීත්වය අපතේ යවමින් ද වැටුප් වෙමින් ද ඇතැම් දුෂ්කර සේවාවල සිටින ගුරුවරුන් පහසු ප්‍රදේශ වලට යොදවා ඔවුන්ගේ දුෂ්කර සේවය ද ආවරණය කරයි.

නමට පමණක් පවතින එහෙත් නිසි ඵලදායීත්වයක් නැති දකුණු පළාතේ ගුරු මධ්‍යස්ථානවල වැඩ නොකර පිංපඩි ගන්නා ගුරුවරු සෑහෙන පිරිස ක් සිටිති. 2013 වසර පුරාම මේ එකදු ගුරු මධ්‍යස්ථානයක්වත් ගුරු පුහුණු සැසි දහයක් සංවිධානය කළේ නැත. 


පැවති සැසි සදහා ද සහභාගී වූ ගුරුවරු ප්‍රමාණය ඉතා සොච්චමකි. සැබෑ තත්ත්වය නම් ගුරුවරු ගුරු මධ්‍යස්ථානවල සැසිවලට එන්නේ නැත.
අධ්‍යාපන බලධාරීන් සැසි වාර්තා කැදවා පිරික්සන්නේ නම් මේවා පෙනේ

ගුරු මධ්‍යස්ථාන සදහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අනුයුක්ත කර සිටින ගුරුවරු වසර පුරා පිංපඩි නිමින් නිකරුණේ කාලය ගත කරති. සිය දරුවන් පාසල් කැටුව යති. නැවත කැදවාගෙන එති. 


තම තමන්ගේ පුද්ගලික කටයුතු කර ගනිති. දහවල 1.30 - 2.00 වෙද්දී ව්‍යාජ වේලා දමා නිවෙස් වලට යති. දුෂ්කර සේවා සදහා යොදවා ඇති ගුරුවරුන්ගේ දුෂ්කර සේවය ද පහසු පෙදෙසකදීම ගෙවී යති. මේවායින් අසාධාරණයට ලක් වන්නේ කවුද?

එක් නිදසුනක් පමණක් ඉදිරිපත් ඉදිරිපත් කිරීම සෑහේ. මොරවක අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වන කළුබෝවිටියන මහා විද්‍යාලයේ සේවය කළ යුතු ගුරුවරයෙක් 2012 වසරේ සිටම උණවටුන ගුරුමධ්‍ය ස්ථානයට අනුයුක්ත කර ඇත්තේ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාය. 


ඔහු උපාධිධාරී ගුරුවරයෙකි. ඔහුගේ දුෂ්කර කාලය පහසු පෙදෙසක (ගාල්ල-උණවටුනේ) ගෙවෙයි. ඔහු වැටුප් ගන්නේ කළුබෝවිටියන විදුහලෙනි. එම පාසලේ සිසුනට සිදුවන අසාධාරණයට වගකියන්නේ කවුද?

අධ්‍යාපන ඇමතිතුමනි, මේවා නිවැරදි කරන්නේ කවදාද?  
 
Related Posts with Thumbnails