Ads 468x60px

.

එක්නැළිගොඩ ප්‍රංශයේ සිටින කතාව අමුලික බොරුවක්...


නාලක දේවේන්ද්‍රන්, 
යුරෝපා සංවිධායක, 

එක්සත් ජාතික පක්ෂ 
- පැරිස් සංවිධානය

කොළඹ රාජකීය විද්‍යාල යෙන් මුලික අධ්‍යාපනය හැදෑරු නාලක දේවේන්ද්‍රන් ව්‍යාපාර අධ්‍යනය පිලිබඳ උපාධි ධාරියෙකි. 

වෘත්තීයෙන් මානව සම්පත් කළමණාකරුවෙකු වූ ඔහු කෙටි කලක් කොළඹ ජාතික රහස් තොරතුරු කාර්යාංශයේ පරීක්ෂක යෙකු ලෙසද සේවය කළේය. දැනට ප්‍රංශයේ වෙසෙන නාලක එක්සත් ජාතික පක්ෂ - පැරිස් සංවිධානයේ පුරෝගාමියෙකි. මේ වන විට ඔහු එම සංවිධානයේ යුරෝපා සංවිධායක ලෙස කටයුතු කරයි. මේ ඔහුත් සමඟ කල කතා බහක්.

එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය ආරම්භ වෙන්නේ කොහොමද ?

සෝමසිරි වීරසිංහගේ සභාපතිත්වයෙන් 2006 දී තමයි එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය ආරම්භ වුණේ. මුල්ම ලේකම් රාජ් ප්‍රනාන්දු මම ප්‍රධාන සංවිධායක. ලංකාවේ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වුනු සිරිකොතේ සහ ප්‍රංශ ආණ්ඩුවේ ලියාපදිංචි වීමෙන් තමයි මේ සංවිධානය අපි ගොඩ නැගුවේ.


විදේශ ශාඛා පිහිටු වීමේදී සිරිකොතේ ව්‍යවස්ථාවට අනුව නිලතල පිළි බඳව මාර්ගෝපදේශයන් ලබාගෙන, ප්‍රංශ රජයේ අනුමැතියට අනුව එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය ගොඩනැගුවේ. 

අපිටම කියල වෙනම ව්‍යවස්ථාවක් ද තියෙනවා. ඒ අනුව තමයි සාමාජික යන් බදවා ගන්නේ. සංවිධානය තව දුරටත් යුරෝපය තුළ පුළුල් කිරීමේ අරමුණින් මෙවර නිලවරණයේදී අපි යුරෝපා සංවිධායක ධුරයක් පිහිටුවනවා.

එක්සත් ජාතික පක්ෂ- යුරෝපා සංවිධානයක්  ප්‍රංශයේ කටයුතු කරනවා නේද ? ඇයි මේ සංවිධාන දෙකක් ? මොකක්ද මේ බෙදීම?

සිරිකොත මහා ලේකම් තිස්ස අත්තනායක පෙන්වාදී ඇති පරිදි එකම නගරයක ශාඛා සංවිධාන එකකට වඩා තියෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ ඇත්තටම ඉන්න සාමාජික සංඛ්‍යාව අනුව. 


පැරිසියේ  ශ්‍රීලංකා  නිදහස් පක්ෂයේ පවා ශාඛා සංවිධාන දෙකක් තියෙනවා. එකක් ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ සහෝදරයෙකුත් අනෙක ඇමති මෙත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකුත් මෙහෙයවන. එහෙම වුණා කියල ඔවුන් අතර අවුලක් නැහැ. සහයෝගයෙන් වැඩ කරනවා කොහොමත් එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේනේ වහන්නේ

මම දන්න විදිහටඉතාලියේ වෙරෝනා නගරයේ විතරක් එක්සත් ජාතික පක්ෂ ශාඛා සංවිධාන 12 ක් විතර තියෙනවා . ඒ අනුව පැරිසියේ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා නැහැ. එත් සිරිකොත මුලස්ථානයේ වගකීමක් දරණ කිසිම එක්සත් ජාතික පක්ෂ යුරෝපා සංවිධානයක්වත් යුරෝපා සංවිධායකයෙක් වත් පත් කරලා නැහැ. 

තියෙන්නේ පැරිසියේ සිට ලියන්නන්ගේ ඒකපාර්ශික වාර්තා විතරයි. අපි දැන් ආරම්භ කරන්න හදන වැඩ පිළිවෙල තමා මුළු යුරෝපයේම තියෙන එක්සත් ජාතික පක්ෂ ශාඛා අතර සහජීවනයක් , සම්බන්ධිකරණයක් ඇතිකරන්න.

ඔක්කොම එක මධ්‍යස්ථානයකට ගේන්න හරියට අම්බ්‍රෙල්ලා ඔර්ගනයිශේෂන් එකක් වගේ. එවැනි එකමුතුවකින් තමයි අපි යුරෝපයේ කරන වැඩවල ඒකාබද්ධතාවයක් ඇති වෙන්නේ ඒක පක්ෂ සමාජිකත්වයටද උද්දීපනයක් ලබාදෙනවා. 

එවිට මේ රාජපක්ෂ ආණ්ඩුව පරදවන්න අපේ සහයෝගය හා ශක්තිය වැදගත් වෙනවා. මේ තත්වය හොදට අවබෝධ කරගත්තේ වත්මන් එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ .

එක්සත් ජාතික පක්ෂය තුළ පැවති නායකත්ව අර්බුදය , කල්ලි හා කණ්ඩායම් වල ගැටුම් පිලිබදව පැරිස් සංවිධානයේ ස්ථාවරය ..?

 
එක්සත් ජාතික පක්ෂ - පැරිස් සංවිධානය කාගෙවත් අනුගාමිකයෝ නොවේ. අපි කිසිම පුද්ගලයෙකුට, කල්ලියකට, කණ්ඩායමකට ගැති නැහැ. පක්ෂය තමයි අපිට වැදගත්. පක්ෂයේ නිලබලයෙන් පත්වෙලා තියෙනවා ජාතික නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඒ වගේම නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා කරු ජයසූරිය. 


ඉතින් අපි පක්ෂයේ උපදෙස් මත තමයි කටයුතු කරන්නේ. නැතුව පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අපි නැහැ. එත් පක්ෂයෙන් යුරෝපයේ සංචාරයට එන ඕනෙම කෙනෙක් කිසිම භේදයක් නැතුව අපි පිලිගන්නවා.

ප්‍රංශයේදී ක්‍රියාකාරී අනෙකුත් ලංකික දේශපාලන හා කණ්ඩායම් සමග ආණ්ඩු විරෝධී පොදු වැඩපිළිවෙලක් ගැන අදහසක් නැද්ද ?

කිසිම බාධාවක් නැහැ එකතුවෙලා වැඩ කරන්න එහෙම අපි ඉතිහාසයේ වැඩ කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වුණු සරත් ෆොන්සේකා සිරගත කර සිටියදී ඔහු නිදහස් කරන ලෙස බල කරමින්, ඒවගේම පොලිස් අත්අඩංගුවේ සිටි ජේ වී පී එකේ ලංකා පත්තරේ චන්දන සිරිමල්වත්ත නිදහස් කරන ලෙසත්, අතුරුදන් කල ලංකා ඊ නිවුස් එකේ ප්‍රගීත් එක්නැලිගොඩ ගැන හෙළි කරන ලෙසත්, රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව, පැරිසියේ ක්‍රියාත්මකවන අනෙකුත් දේශපාලන පක්ෂ සමග එක්ව අපි උද්ඝෝෂණ සංවිධානය කළා. 


ඒ කිසිම කොන්දෙසියක් නැතිව. ෆොන්සේකා වෙනුවෙන් අපි ජිනීවා පවා ගිහින් උද්ඝෝෂණය කළා. අවශ්‍යතාවයක් ඇති වුනොත් පොදුවේ වැඩ කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. කොහොමත් අපේ උත්සාහය යුරෝපයේ අනෙකුත් රටවල් ද දැනුවත් කරලා පොදු වැඩපිළිවෙලකට යන්න.

යුරෝපයේදී  ශ්‍රීලංකාවට අදාලව දේශපාලනයක නිරතවීමේදී  දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන ක්රියකරත්වයන් මග හැරිය නොහැකියි. ඉතින්!දෙමළ ඩයස් පෝරාව සම්බන්ධයෙන් ඔබ සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කළොත්..

 
මුලින්ම කියන්න ඕනෙ අපේ පක්ෂය එක ජාතියකට විතරක් සිමා වුනු එකක් නෙමේ. ඩි. එස් සේනානායක මේ පක්ෂය නිර්මාණය කලේ සියලුම ශ්‍රී ලංකික ජාතීන්ගේ එකතුවක් විදිහට. එක තමයි ඒකට එක්සත් ජාතික පක්ෂය කියලා නම් කලේ. 


අපේ පක්ෂය ජාතිවාදී විදිහට වැඩ කරන්නේ නැහැ, මගේ තාත්තා දෙමළ ජාතිකයෙක්. මාව පැරිස් සංවිධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව තමයි යුරෝපා සංවිධායක ධුරයට පත් කලේ. මම හිතන්නේ ඒ පෙන්නුම් කලේ හොඳ ආදර්ශයක්. 

දෙමළ ජාතික සන්ධානය පවා අපේ ආණ්ඩුවක කැබිනට්ටුවට එක් කරගත යුතු බව නායකත්ව මණ්ඩලයේ ප්‍රධානි කරු ජයසූරිය පසුගියදා ප්‍රකාශ කරලා තිබුණා. ඒ අනුව අපි කියන්නේ දෙමළ ඩයස්පෝරවත් එක්ක සංවාදයක්  ආරම්භ කිරීම අවශයි කියලා. 

එකෙන් කියන්නේ නැහැ අපි ඔවුන්ගේ අදහස් අනුමත කරනවා කියලවත්, ඒවාට විරුද්ධයි කියලවත්. පැරිසිය කියන්නේ එල්,ටී.ටී. ඊ එකේ යුරෝපා මුලස්ථානය, ඒ වුනත් අපි අවසන් යුද්ධය අවස්ථාවේ ලංකාවට එරෙහිව දෙමළ ඩයස්පෝරාව ගෙනගිය වැඩපිළිවෙලට එරෙහිව අපේ පක්ෂයේ මතය අනුව වැඩ කළා.

දැන් එම තත්වයන් වෙනස් වෙලා. ඉදිරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගන්නා වූ  ඕනෑම තීන්දුවකට  දෙමළ ඩයස් පෝරාව සමග ඍජුව කථාකරන්න පුළුවන් පසුබිමක්  සැකසීම ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන්  වැදගත්.

ප්‍රංශයට පැමිණෙන ශ්‍රී ලංකික සංක්‍රමණිකයන්  සම්බන්ධයෙන්  ඔබලාට වැඩපිලිවෙලක් තියෙනවද ?

ඇත්තටම අපි එක්සත් ජාතික පක්ෂ - පැරිස් සංවිධානය හුදු දේශපාලන පක්ෂ ශාඛාවක් ලෙස පමණක්ම කටයුතු කරන්නේ නැහැ. සුභ සාධන, අධ්‍යාපනික, විනෝදාත්මක හා ක්‍රීඩා වැඩසටහන් ද අපේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සංවිධානය කරනවා.


එක ප්‍රංශයේ ශ්‍රී ලංකික ප්‍රජාව අතර සුහදතාවය වර්ධනයට වැදගත්. ශ්‍රි ලංකාවේ පවා සුභසාධන කටයුතු සිදු කරනවා. විශේෂයෙන් ප්‍රංශයට පැමිණෙන ලාංකික සංක්‍රමනිකයන්ගෙන් අපේ පක්ෂයට සම්බන්ධ අයට අපි අවශ්‍ය ලියකියවිලි මගින් සහයෝගය ලබා දෙනවා. 

එහිදී අපි විශේෂ සොයා බැලීමක් කරනවා ඔහු හෝ ඇයට  ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙනවද, පක්ෂයේ සාමාජිකයන්ද, කියන කාරණා සම්බන්ධයෙන්. 

ඒ වගේම අපේ සංවිධානයෙන් ලබා දෙන ලිපි  නිල ලියවිල්ලක් ලෙස සලකන්නැයි අපි ප්‍රංශ ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම  අපි ලබාදෙන ලිපි විශේෂිත ආරක්ෂක ක්‍රමයකට සකසා ලබාදෙන්නේ. ඒ මගින් හැකිවෙනවා ව්‍යාජ ලිපි ලේඛන ලබා දෙන්නන් හදුනාගන්න.

ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සැඟවී සිටින බවට ආණ්ඩුවේ දේශපාලඥයෙකු කියන කතාව ගැන ඔබේ අදහස ?

ඔය කතාව අමුලික බොරුවක්. ප්‍රංශයේ විශාල ශ්‍රී ලංකික ප්‍රජාවක් නැහැ, හැමෝම හැමෝ ගැනම දන්නේ නැති වුණාට එක්කෙනෙක් දෙන්නෙක් හරි දැනගන්නවා  පක්ෂ පාට භේදයක් නැතුව අනොන්‍ය සහයෝගයෙන් තමයි මෙහෙ කවුරුත් ඉන්නේ. 


ඉතින් කොහොමද ප්‍රගීත් එක්නැලිගොඩ විතරක් මේකේ හැංගිලා ඉන්නේ, එහෙම ඉන්න සෝමවංස අමරසිංහ ටත් බැරි වුණා. අරුන්දික ප්‍රනාන්දු කිව්වේ ප්‍රංශේ හැමෝම දන්නවා කියලා.එහෙම හමුවුණු අය නම් මෙහෙ නැහැ. එත් මේ බොරුව නැවත නැවත කියන්නේ අරුන්දික විතරයි. ඒ කියන්නෙත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා .

සංවාද සටහන - අතුල විතානගේ
 
Related Posts with Thumbnails