Ads 468x60px

.

ගෑනුන්ගේ සාරිපොටේ මුවාවී විප්ලවාදී දේශ පාලනයට ජෝක්දාන දේශ පාලන පොන්නයන්...


පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් චරිතයක් වූයේ නයි නළගනයි. ඇය කෙතරම් ජනප්‍රිය වීද යත් ඇය පිලිබඳ නොදන්නා අයෙකු මේ වන විට සිටිය නොහැක. 

නයෙකු තම ගෙලේ දමාගෙන උසාවිය ට පැමිණි ඇය පසුව එම නයා සමග මාධ්‍ය සාකච්ඡා පවා පවත්වනු ලැබීය. ලංකාවේ කාන්තාව මහත් පීඩනයට පත්ව සිටිනවා යැයි කෑගහන පැරණි ස්ත්‍රීවාදීන්ට සහ වාමාංශිකයන්ට මගහැරෙන යථාර්ථය වන්නේ මෙයයි. 

ඇත්තටම මේ වන විටත් ස්ත්‍රීන් විසින් පිරිමින්ගේ වෘෂණ කෝෂ දෙකෙන් අල්ලා තම ආධිපත්‍යයට ගෙන අවසන්ය. මේ දේශපාලනිකව පොන්නයන් වී සිටින පිරිමින් නිසා ගෑණුන්ට නයි අල්ලා කරේ දමා ගන්නට පුලුවන් වී ඇත.

මේ සම්බන්ධයෙන් සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින එකදු මහත්තයෙකුට කට අරින්ට නොහැකි වූයේ අහම්බයකින් ද? අව සානයේ ගෑනුන් ඉදිරියේ නයින් අසරණ වන තත්ත්වයකට තත්ත්වය ගමන් කලේය.

ලංකාවේ පුරුෂ ආධිපත්‍ය හමුවේ පීඩාවට පත්ව සිටින ස්ත්‍රීන්ට පැරණී ස්ත්‍රීවාදී කතිකාවේ මූලික තේමාවක් වූයේ පුරුෂ ලිංගය ඉදිරියේ

කාන්තාවන් අසරණ වී ඇති බවයි. නමුත් වර්ථමානය වන විට පුරුෂ ලිංගය කලින් පිහිටි තැනට මේ වන විටත් ජංගම දුරකථනය ආදේශ වී අවසන්ය. 

මේ සම්බන්ධයෙන් සංවෙිදී ස්ත්‍රීවාදීන් හෝ වාමාංශිකයන් ලංකාවේ මේ වන විටත් නැති අතර එහෙම අය ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් සංවාදයකට එළඹේන්න යැයි අපි එකෙන්ම පැනලා අභියෝග කරන්නෙමු.

දෛනික ජීවිතයේ දී අපට මුණ ගැසෙන ඇත්තම ස්ත්‍රිය මුහුණ දෙන පීඩ
ය කුමක් ද? ස්ත්‍රිය විසින් වෙළෙදපොළ ග්‍රහණය කර තිබෙන අතර වෙළෙද පොල විසින් භාණ්ඩය නිෂ්පාදනය කරන්නේම ස්ත්‍රිය ඉලක්ක ගත කරමිනි. එක් විටෙක එය අම්මලා වෙනුවෙන් සහ තවත් විටෙක එය බිරින්දලා වෙනුවෙන් පෙනී සිටියි. මෙය අවබෝධ කර ගන්නට අපි උදාහරණයක් ගමු. 

කාගිල්ස් ෆුඩ්සිටි, කීල්ස් සුපර්, සුපිරි වෙළෙද සැල් වල සිට බැංකූ රක්ෂණ සමාගම්, ඔඩෙල්, මැක් ඩොනල්ස්, කේ.එෆ්.සී. … (මේ ලැයිස්තුව ඔබට අවශ්‍ය නම් තවත් දික්කරගන්නට පුලුවන.) දක්වා සෑම ආයතනයකම ස්ත්‍රිය විසින් නිරූපණය කරන භූමිකාව සම්බන්ධයෙන් මදක් කල්පනා කාරිව අධීක්ෂණය කර බලන්න.

මේ නිසා කාන්තා දිනයේ දී දුක් විදින කාන්තාවන් ගේ අයිතිවාසිකම් පිළිබදව කතා කරන අයට ෂුවර් එකටම පිස්සු විය යුතුය. අපි යෝජනා කරන්නේ ඇත්තටම කැලැන්ඩරයෙන් කාන්තා දිනය කුරෙන් කපා ඉවත් කළ යුතු බවයි.

පසුගිය වසර තිහක කාලයක් තුළ පැවති දෙමළ ජාතික විමුක්ති අරගලය අවසානයේ නිමා කරන්නට සිංහල බෞද්ධ ජාතිවාදී මතවාදය පෝෂණය කළ බහුතරය කාන්තාවන්ය. විශේෂයෙන් නන්දිකඩාල් කලපුවෙන් සුරතාන්තයට පත්ව කුණු ගද ගසන ලේ රස සමග පිරිණු වූ කිරිබත් රස බලන්නට වැඩියෙන් දායකවුයේ කාන්තාවන්ය.


( පසුගිය කාලයේ හියුගෝ චාවේස් ගේ මරණයත් ජනප්‍රිය ආකාරයට අල්ලා ගත් ඇතැම් අය චාවේස් ලෙනින්ට සමාන කලෝය. නමුත් ජාතික විමුක්ති අරගලයක නායකයෙකු වූ චාවේස් මාක්ස්වාදියෙකු නොව බව ලංකාවේ මාක්ස්වාදීන්න් යැයි කියා ගන්නා අය දන්නේ නැත. 

චාවේස් විශේෂයෙන්ම ජාතිවාදයට එරෙහිව සටන් කළ අයෙකි. ඔහු ජාති වාදය පිළිකුලෙන් බැහැර කළ අයෙකි. හාස්‍යයට කරුණ වන්නේ ඔහු ගැන ලංකාවේ දී වැඩියෙන්ම කතා කරන්නේ සහ ඔහුට අවසන් ගෞරව දක්වන්නට පිටව යන්නේ හොදම ජාතිවාදීන් වීමය.)

තවමත් වැඩ බිමේ, කම්හලේ කදුලු වගුරන ගැහැණුන් වෙනුවෙන් පෙනී සිටින අයට ඇත්තටම දැන් ගැහැනුන් හමුවන්නේ සුපිරි වෙළෙදසැල් තුළදීය. අප ජීවත් වන්නේ ධනවාදය නම් මිනිස් සංහතියම නරා වලකට ඇද දමන භයානක සමාජ ක්‍රමයක බව පිළි ගන්නට කිසිසේත්ම කැමති නැත්තේ ද ගැහැණුන්මය. බොහෝ ගැහැණුන්ට අනුව පවතිව ක්‍රමය අවුලක් නැත. 


මෙහිදී සිදු වන ඊළග හාස්‍ය ජනක සිදුවීම වන්නේ පවතින ධනවාදී සමාජයට වඩා උසස් සමාජයක් නිර්මාණය කරන්නට යැයි කියා විප්ලවාදී දේශපාලනය කරන්නට එන බහුතරයක් අය අවසානයේ ගෑනුන්ගේ සාරිපොටේ මුවාවී විප්ලවාදී දේශපාලනයට පෙරළා ජෝක් දාන දේශ පාලන පොන්නයන් බවට පත් කරවන්නට මේ ගැහැනුන්ටම හැකිවීමය.

ඒ අනුව කාන්තා දිනයේ දී අප ඇත්තටම සටන් කළ යුත්තේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ද නැතිනම් කාන්තාව නිසා දැඩි අසහණයට සහ මානසික අසංතුළිතතාවයට පත්ව සිටින පිරිමින්ගේ අයිතිවාසිකම් ගැනද?


අහවල් දිනය කාන්තාවන්ට, අහවල් දිනය ළමයින්ට වැඩිහිටියන්ට යැයි කියමින් කැලැන්ඩරයේ දින තුන්සිය හැටපහම කුමක් හෝ වැදගත් දිනයක් බවට පත්කර ඇත්තේ කවුරුන් විසින් ද? 

මේ දිනවලට විප්ලවාදී ළදරු වලිප්පු සටන්පාඨ ගුගුළාට ධනවාදය වෙනස් කරන්නට පුලුවන් වෙයිද? ධනවාදය පෙරලා දැමීම මේ තරම් සරළ නම් විප්ලවාදී දේශපාලන ව්‍යපාරයක් අවශ්‍ය වන්නේ ඇයි? 

මෙය තමන් විප්ලවාදී වාමාංශික මාක්ස්වාදීන් යැයි කියා ගන්නා අයට හෝම් වර්ක් එකක් ලෙස අපි ලබා දෙන්නෙමු. මේ ලිපිය පැනලා සංවාදයට විවෘත අතර කැමති අයෙකුට හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් අපි කියන්නේ බොරු බව ඔප්පු කරන්නට පුලුවන. ඔබ ඒ අභියෝගය බාර ගන්නට සූදානම් ද?

Lanka Team
 
Related Posts with Thumbnails