Ads 468x60px

.

කකුල් පේන්න කොට කලිසමක් ඇදන් ඩිස්කො නටන්න ගිය නිරූපිකාව පරණ පෙම්වතා උස්සලා

තම අලුත් පෙම්වතා සමඟ උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැවැති ඩිස්කෝ නැටුම් සාදයකට සහභාගී වී ආපසු නිවෙස බලා යමින් සිටි ඉනෙන් පහත ප්‍රදේශය නිරාවරණය වන පරිදි ඉතාමත් නුසුදුසු අන්දමේ කොට කලිසම ක් හැඳ සිටි මෝස්තර නිරූපිකාවක් පෙරේදා (14) අලුයම ඇගේ පැරැණි පෙම්වතා විසින් අතරමඟ දී පැහැරගෙන ගොස් ගාල්ල සමණල ක්‍රීඩාංගනය අසළ දමාගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.

විසි හත් හැවිරිදි රූමත් මේ නිරූපිකාව බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ පැමිණ පෙම්වතියගේ මවගේ අවසරය මත ඇය රාත්‍රී ඩිස්කෝ නැටුම් සාදයකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී ඇයගේ පැරැණි පෙම්වතා ද හමු වී ඇති අතර ඇය පැරැණි පෙම්වතා සමඟ කතාබස් කර
තිබෙනවා. එහෙත් ඇගේ වත්මන් පෙම්වතා ඊට විරෝධය පලකර තිබෙනවා. පසුදින (14) අලුයම් කාලයේ ඩිස්කෝ නැටුම් සාදය නිමවීමෙන් පසුව පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ
මෝටර් රථයකින්ඇය නිවෙස කරා රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ පැරැණි පෙම්වතා තවත් පිරිසක් සමඟ යතුරුපැදි කීපයකින් එම මෝටර් රථය පසුපස හඹා යනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කදුරුදූව වර්ණ සංඥා පද්ධතිය අසළ මෝටර් රථය නවතා
තිබෙනවා. එම අවස්ථාවේ පසුපසින් පැමිණි පැරැණි පෙම්වතා සහ වත්මන් පෙම්වතා අතර බහින්බස් වීමක් සිදුවී තිබෙනවා.

එහිදී පැරැණි පෙම්වතා තම පැරැණි පෙම්වතිය ඔසවා යතුරුපැදියේ ඉදිරිපස තබාගෙන ගොස් ගාල්ල සමණල පාලම අසළ ඇය දමාගොස්
තිබෙනවා. එම අවස්ථාවේ ඉතාමත් නුසුදුසු අන්දමේ කොට කලිසමක් ඇය ඇඳ සිටි බව ද වාර්තා වෙනවා.

පසුව ඩිස්කෝ නැටුම් සාදයේ සංවිධායකවරයාට දන්වා ඔහුගේ මාර්ගයෙන් ඇය තම නිවෙසට ගොස්
තිබෙනවා. තම පෙම්වතිය පැහැරගෙන ගිය බවට ඇගේ පෙම්වතා විසින් ගාල්ල වරාය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු වැඩිදුර පරීක්ෂණ සඳහා අක්මීමණ පොලිසියට භාරදී තිබෙනවා.
 
Related Posts with Thumbnails