Ads 468x60px

.

මේජර්ලාගේ සිට මේජර් ජෙනරාල් දක්වා අධ්‍යාපන මට්ටම ඕ ලෙවල් පමණයි

යුද හමුදාවේ මේජර් තනතුරේ සිටින 90% සහ ඉන් ඉහල කර්නල්,  බ්‍රිගේඩියර් සහ ජෙනරාල් තනතුරු වල සිටින නිලධාරීන් 98% අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූවන් බව හෙලිවේ. 

යුද හමුදාවේ වෛද්‍ය, ඉන්ජිනේරු වැනි බළකායන් වල සේවය කරන වෘත්තික නිලධාරීන් හැරුනු විට අනෙකුත් සියලුම නිලධාරීන් ගේ අධ්‍යාපන මට්ටම අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීහු පවසති. 

ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ පරිපාලන තනතුරු සඳහා විශ්‍රාමලත් බ්‍රිගේඩියර්වරු, ජෙනරාල්වරු පත්කිරීමේ අයොග්‍යතාව පෙන්වා දෙමිනි.

ඔවුන් පවසන අන්දමට සිවිල් පරිපාලන තනතුරු සඳහා යුද හමුදාවේ සිටි උසස් නිලධාරීන් පත් කිරීම මගින් විශ්ව විද්‍යාල උපාධිධාරී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවේ.


මේ දක්වා සිවිල් පරිපාලන තනතුරු සඳහා පත් කොට තිබෙන හමුදා නිලධාරීන් ගෙන් 99% ක ගේ මූලික අධ්‍යාපනය අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් වන අතර මෙම අධ්‍යාපන අඩුව වසා ගැනීම සඳහා මෙම නිලධාරීන්ට මිලිටරි ඇකඩමි මගින් විවිධ ඩිප්ලෝමා නාමධාර ප්‍රධානය කරති. 

මෙම ඩිප්ලෝමා නාමධාර අධ්‍යාපනික වශයෙන් කිසිදු කඩයිමක් සටහන් නොකරයි. පරිපාලන තනතුරු දරන  ඕ ලෙවල් පමණක් සමතුන් වන මෙම හිටපු හමුදා නිලධාරීන් ගේ කාර්‍යාල කාර්‍ය සහායකයන් සමහරක් උසස් පෙළ සමතුන්  වීමද ඔවුන් යටතේ පරිපාලනයේ නියුතු බොහෝ නිලධාරීන්  උපාධිධාරීන් වීමද බොහෝ ගැටලු ඇති කර තිබේ.

මේ දක්වා  සිවිල් පරිපාලන තනතුරු සඳහා පත් කොට ඇති  හමුදා නිලධාරීන්ගේ අධ්‍යපන සුදුසුකම් ජනතාවට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  නිලධාරීන් අභියෝග කරති.


- දර්ශනි විලමසුරිය
 
Related Posts with Thumbnails