Ads 468x60px

.

මන්ත්‍රී මෙල්රෝයි පාසැල් සිසුවිය පාටියේදී බලෙන් සිපගෙන...

නිවෙසක පැවැති සාදයකට සහභාගි වෙමින් සිටි 17 හැවිරිදි පාසල් දැරියක් බලහත්කාරයෙන් සිප වැලඳ ගැනීමේ සිද්ධියක් මත සන්ධාන මන්ත්‍රි වරයකු මේ මස 18 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කොට තිබෙන පුවතක් කැලණිය ප්‍රදේශ යෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙන්නේ කැලණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රි මෙල්රෝයි පෙරේරා නමැත්තා බවයි.


පොලිසිය පැවැසුවේ පසුගිය සතියේ එම ප්‍රදේශයේ නිවෙසෙක පැවැති සාදයකට පැමිණි නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි මෙල්රෝයි පෙරේරා නමැත්තා එම නිවෙසට පැමිණි අසල්වැසි නිවෙසක දැරියක්
මේ සිද්ධියට මැදිකොට ඇති බවයි.

කදාන කපුවත්ත ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකට ඇරැයුම් ලැබ සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා, දැරිය සිප වැලඳ ගැනීම සම්බන්ධයෙන් කදාන පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඊයේ (16දා) මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා පොලිසිය සොයමින් සිටියදී පොලිසියට භාර වී ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඊයේ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එම්. එන්.පී. අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලදී.


සාදය පැවැති නිවෙසේ සිටි පුද්ගලයන් පිරිසකගෙන්ද ප්‍රශ්න කොට පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. කදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails