Ads 468x60px

.

යාලුවෙකුගේ අපලයකට අමල් පෙරේරා කෝටි ගාණක් වටිනා ඇලි කැස්බෑවා ඉස්සු කතාව ඇත්තද

කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස් ථානයේ සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු සුදු කැස්බෑ වකු සොරාගෙන තිබෙන පුවතක් මේ දිනවල විවිධ වෙබ් අඩවි ගණනාවක සංසරණය වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අතුරුදහන්වූ සුදු කැස්බෑවා පිළිබඳව ගායක අමල් පෙරේරාගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි.

ඒ අනුව තම මිතුරකුගේ අපල දුරුකර ගැනීම සඳහා වන කටයුත්තකට යොදාගැනීමට කොස්‌ගොඩ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ සිටියදී අතුරුදන් වූ සුදු කැස්‌බෑවා මීට‍ මාස එක හමාරකට කලින් රුපියල් ලක්‍ෂ 60 කට හෝ 70 කට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවට ජනප්‍රිය ගායක අමල්
පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

සුදු කැස්‌බෑවා අතුරුදන් වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අමල් පෙරේරා මහතා තවදුරටත් මෙසේ පැවසුවා.

ඔය කැස්‌බෑවා මුදලට ඉල්ලූ පලියට හොරකමට සම්බන්ධ යෑයි කියලා කවුරු හෝ මට චෝදනාවක්‌ නැගුවේ නම් ඒක විශාල අසාධාරණයක්‌. මිල ගණන් ඇසූ පලියට හොරකමක්‌ කළා කියලා කාටවත් අහන්නත් බැහැ.

මීට මාස කීපයකට උඩදී මගේ මිත්‍රයා මට කිව්වා එයාට අපල තියෙනවා. පුළුවන් නම් කැස්‌බෑවෙක්‌ සොයලා දෙන්න කියලා. ඒ අනුව මෙම කැස්‌බෑවා රුපියල් ලක්‍ෂ 60 -70 කට ගැනීමට අපි ඇසුවා.

අයිතිකාරයා කියන තරමට ඔය කැස්‌බෑව එච්චර වටින්නේ නැහැ. මොනවා වුණත් මේ කැස්‌බෑවා මිලට ගැනීමේ අදහස එදා අත්ඇරියා. ඔය කැස්‌බෑවා සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවලින් මා දැනගත්තා. එක්‌තරා තරුණ ගායකයෙක්‌ කැස්‌බෑවා මිලට ගැනීමට උත්සාහ ගත්තා කියලා.

ඒත් මගේ නම කිසිම තැනක ලියවිලා නැහැ. කියවිලත් නැහැ. එම නිසා කරුණාකර මගේ නම පළ කරන්න එපා... එය මට කරන සේවයක්‌ ද සහයෝගයක්‌ ද වෙනවා...

කැස්‌බෑවාගේ ප්‍රශ්නයට අහිංසක කලාකරුවකුට ඇඟිල්ල දික්‌ කරන්න කාටවත් බැහැ. පොලිසිය මේ ගැන ඇහුවත් මම කියන්නෙ ඔය ටිකයි. මා වෙනුවෙන් හඬක්‌ නැගීමට ඉදිරිපත් වූ ඔබට ස්‌තුතියි. ඔහු කියා සිටියා.


කිලෝග්‍රෑම් දහයක් පමණ බරක් ඇති දිගින් සෙන්ටිමීටර් 60ක් සහ පළලින් සෙන්ටිමීටර් 39ක් වන මේ දුර්ලභ ගණයේ කැස්බෑවා වෙනත් කැස්බෑවන්ට වඩා වෙනස් වූයේ ඌ සුදු පැහැති ඇලි වර්ගයේ එකෙකුවීම නිසාය.

මෙම කැස්බෑවා ගැන අසන්නට විවිධ අය පැමිණි බවත් මාස එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි තුනහමාරකට ඌ මිලදී ගැනීමට
අමල් පෙරේරා නැමැති ප්‍රකට ගායකයා පැමිණ ඇතත් එම මධ්‍යස්ථාන යේ ප්‍රධානියා දන්වා ඇත්තේ ඌව විකුණන්නට කිසිදු අදහසක් නැති බවකි.

කැස්බෑවන්ගේ බිත්තර ලබාගෙන පැටවුන් බෝ කරන එම සංරක්ෂණ ස්ථානයේ කැස්බෑවන් දහසක් පමණ සිටින අතර මේ ආකාරයේ විරල කැස්බෑවකු හමුව තිබුනේ පළමු වරයටයි.


කැස්බෑ බිත්තර දහසකින් හෝ දස දහසකින් එක් ඇලිබිනෝ හෙවත් සුදු පැටවකු ඉපදීමේ ඉඩකඩ ඇති බවත් සිරුරේ පැහැය ඇති කරන වර්ණක ඌනතාවක් නිසා මෙවැනි සුදු කැස්බෑවන් ඇතිවන බවත් සත්ව වේදීන්ගේ අදහසයි.


කොස්ගොඩ පාසල් මාවතේ පිහිටි මේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ සිටියදී සොරාගත් දුර්ලබ ඇලි කැස්බෑවාගේ නම රෝසිය.
 
Related Posts with Thumbnails