Ads 468x60px

.

පින්තූරයක කතාව...


ව්‍යාජ සරණාගතයෙකු ලෙස රොෂාන් සමන් රත්නායක බෝට්ටුවෙන් නෝර්වේ පැන නෝර්වේ පුරවැසිභාවය ලබා ගත්තේය​. ඉන්පසු ඔහු හෙල්ගසන් යන නමගෙන පෙනීසිටියේ නෝර්වේ ජාතිකයෙකු ලෙසටය.

යළි ලංකාවට පැමිනෙන රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල් ගසන් ග්‍රීන් ෆීල්ඩ් නම් ආයතනයක් අටවාගෙන දේශපාලකයන්ටද රජයේ නිලධාරීන්ටද අල්ලස් දී වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණුවේය​. 

මොහු විසින් රුපියල් කෝටි ගනනක් ඒ මගින් වංචා කරන ලදි. මොහුව දැනට රුපියල් කෝටියක පෞද්ගලික ඇප දෙකක් මත අධිකරණය විසින් මුදා හැර තිබේ.

විදේශ ආණ්ඩු පවා රවටන මෙවැනි අංකූරන්ට අක්‍රමිකතා කිරීමට අපගේ දේශපාලකයෝ මෙන්ම නිලධාරී පරපුටුවන් ද සහාය දෙති. එමගින් ඔවුන් ද ගානක් සොයා ගනිති. ටයි දමාගෙන සිටියද ඉන්ගිරිස් කථා කලද, විදේශ පුරවැසි භාවය තිබුනද හොරා හොරාමය​. මෙවැනි හොරුන් ගැන ජනතාව අවදියෙන් සිටීම මැනවි.


- අමිල ගුණරත්න
(ඡායාරූපය ලංකාදීප පුවත්පතෙනි)
 
Related Posts with Thumbnails