Ads 468x60px

.

මිතුරන් බලා සිටියදීම ගලධාරි හෝටලයේ සේවිකාව මිතුරෙකු අතින්ම දූෂණය වූ හේතුව...


“අරයට වැඩියි, ‍
පොඩ්ඩක් 
බලන්න” 

- දූෂණය වෙද්දී 
මිතුරියක් කියලා

මෙරට ප්‍රධාන පෙ‍ලේ තරු පන්තියේ හෝට ලයක් වන කොළඹ ගලධාරි හෝටල යේ කොෆි අවන්හ‍ලේ සේවයේ නිරත සේවක සේවිකාවන් සිය වාර්ෂික විනෝද චාරිකාව සංවිධානය කර තිබුණේ පානදුරේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි එක්තරා හෝටලයකට ගොස් විනෝද වීමටයි.

සිය සේවකයන් වෙනුවෙන් ගලධාරි හෝටල් කළමනාකාරී මණ්ඩලය සැලකිය යුතු මුදලක් මෙම වාර්ෂික විනෝද චාරිකාව සඳහා වෙන්කර හොඳින්
සංවිධානය කරන බවද වාර්තා වෙයි.

සැලසුම් ප්‍රකාරව මෙවර වාර්ෂික විනෝද චාරිකාව සඳහා පානදුරේ හෝටලයට යන්නට කොෆි අවන්හ‍ලේ සේවක සේවිකාවෝ ඉකුත් නොවැම්බර් 03 වෙනිදා උදෑසන හත අට වන විට ගලධාරි හෝටලයට
රැස්වූහ. කළමනාකරුවෙකු ඇතුළු විසිතුන් දෙනකුගෙන් සමන්විත එම කණ්ඩායමට සේවිකාවන් සිව් දෙනෙක්ද ඇතුළත්ව සිටියෝය.

ගලධාරි හෝටලයේ සිට මේ පිරිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත අවුත් පානදුර බලා ගමන් ගන්නේ දුම්රියෙනි. එදා මේ කණ්ඩායම පානදුර හෝටලයට පැමිණෙන විට ඔවුන් පිළිගන්නට එම හෝටලයේ සේවකයන් සැදී පැහැදී සිටියේ මේ අය එහි එන බව කල්තියා දැන සිටි නිසාය. 


මේ කණ්ඩායම වෙනුවෙන් පානදුර හෝටලයේ කාමර දෙකක් වෙන්වී තිබුණි. ඒ ඔවුන්ට විවේක ගන්නට සහ ඇඳුම් ආයිත්තම් තබන්නටය. කාන්තාවන්ට එක් කාමරයක් සහ පිරිමින්ට එක් කාමරයක් වශයෙන් මෙම කාමර වෙන් කර තිබි ඇත.

පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට මේ කණ්ඩායමේ පිරිමින් විනෝද වන්නට පටන් ගන්නේ නාන තටාකය අසල රැස්වී මත්පැන් පානය කරමින් ගීත ගායනා කරමිනි.


තරුණියෝද ඒ අසල සිටිමින් ඔවුන් සමග ගී ගායනා කළහ. පිරිමි ගොඩකට මැදිවී සිටි එම තරුණියන් සිව් දෙනා අතර සිටි එක් තැනැත්තියක් මෙහිදී සැර අඩු මත්පැන් කෑන් එකක් අතට ගෙන එය පානය කරන්නට වූවාය. 

ඒ ඇය මත්පැන් පානය කිරීමට පුරුදු වී සිටි තැනැත්තියක් නිසා නොව පැමිණ සිටින්නේ විනෝදවන්නට වූ බැවින් ඊට අනුගත වන්නටය. ඇය අනුගමනය කරමින් එහිදී තවත් තරුණියක් ද සැර අඩු මත්පැන් කෑන් එකක් විවර කර  බොන්නට ගත්තාය.

මෙහිදී මේ අය නාන තටාකයටද බැස මත්පැන් පානය කරන්නට ගත්තෝය. එහිදී කෙළින් කටින් සිටීමට නොහැකි තරමට මුලින්ම වෙරි වූ බව සඳහන් වන්නේ සැර අඩු මත්පැන් බොන්නට පටන් ගත් පළමු තැනැත්තියය.


තවමත් අවිවාහක මෙම තරුණිය ගලධාරි හෝටලයේ කොෆි අවහන් හ‍ලේ සේවය කළේ  වේටර්වරියක් ලෙසිනි. ඇය මේ රැකියාවට ඇවිත්ද වැඩිකල් නැත. වේටර්වරියක් ලෙස ඇය හෝටලයක සේවයට එන්නේ නැති බැරිකම නිසාය. 


ඒ පියා ජීවතුන් අතර නැති පවුලක සිය මවත් බාල සහෝදරයාත් රැකබලා ගැනීමේ වගකීම ඇයට පැවැරී තිබුණු බැවිනි. ඇය ඇතැම්විට සැර අඩු මත්පැන් පවා බොන්නට ඇත්තේ පවු‍ලේ වගකීම් නමැති බරින් මිදී ඒ මොහොත සැහැල්ලුවෙන් ගත කරන්නට විය හැකිය.

මත්පැන් සැර අඩු වර්ගයක් වූවත් කෙළින් කටින් සිටින්නට බැරි තරමට ඇයට වෙරි වූයේ ප්‍රමාණය ඉක්මවා ඇය එය පානය කිරීම හේතුවෙනි.  අනික ඒ සඳහා ඇයට වැඩි පුරුද්දක්ද නොවූ හෙයිනි.


එහිදී ඇයව වත්තම් කරගෙන රැගෙන යනු ලබන්නේ හෝටලයෙන් ඔවුන්ට වෙන්කර දුන් කාමරයටය. එම කාමරයේ ඇඳක් මත ඇයව නිදි කරවන ඇගේ මිතුරියෝ නැවත විනෝදවීමට තම කණ්ඩායමට එකතු වූහ.


එකී කණ්ඩායමේ සිටි තරුණයන් සිව් දෙනෙකු කිසිවෙකුටත් නොදැනෙන්නට, මෙම බිමත් තරුණිය සිටි කාමරයට රිංගන්නේ ඔය අතරතුරදීය. සිහිමද ගතියෙන් සිටි ඇය නිරුවත් කොට සිව් දෙනා අතර සිටියෙකු  විසින් ඇය දූෂණය කරනු ලබන්නේ සෙසු තිදෙනා බලා සිටියදීය. 


එහිදී ඇයව ඉතිරි තිදෙනා අතින්ද සමූහ දූෂණයකට ලක්වන්නට ඉඩ තිබුණත් එය වැළකෙන්නේ ඇගේ මිතුරියක් හදිසියේම කාමරයට පැමිණීම හේතුවෙනි. ඇය ඒ එන්නේ කාමරයේ තිබූ ඇගේ අත් බෑගය රැගෙන යන්නටය. ඇය එහිදී අත් බෑගය ගෙන කාමරයෙන් ඉවතට ගියා මිස එහිදී සිදුවුණු දෙයක් කිසිවෙකුටත් කියන්නට නොගියාය. 

ඇය කරන එකම දෙය වන්නේ අත් බෑගය රැගෙන කාමරයෙන් පිටතට යන විට “අරයට වැඩියි, ‍පොඩ්ඩක් බලන්න” යනුවෙන් සිය මිතුරිය පෙන්වා එක් අයෙකුට පැවැසීම පමණි. කාමරයේ සිදු වුණු සිද්ධිය මිතුරියගේ කැමැත්තෙන් සිදුවන්නක් යයි ඇය වරදවා සිතාගත්තා විය හැකිය.

තමන් සමග එකට රැකියාව කරන අයෙකු අතින්ම එදා එසේ දූෂණය වීමෙන් පසු ඇය දැඩි මානසික කම්පනයකට පත්ව සිටියාය. ඇයට රැකියාව පවා එපාවී තිබුණාය. සිදුවුණු දේ ගැන ඇය සිටියේ දැඩි කළකිරීමකිනි. 


ඒ ගැන ‍පොලීසියකට කියා ඔවුන්ට දඬුවමක් ලබාදීමට ඇයට වුවමනාවක් තිබුණද මව හෘද රෝගියෙකු වූ බැවින් ඒ ගැන සිතා ඉවසාගෙන සිටියාය. මේවා ගැන මව දැනගත්තොත් ඉන් ඇති වන සිත් වේදනාව නිසා මවට අනතුරක් වනු ඇතැයි ඇය බියවූ නිසාය.

වාර්ෂික විනෝද චාරිකාවෙන් පසු මෙම තරුණිය සේවයට නොපැමිණීම ගැන සොයා බලන්නට මේ අතර ගලධාරි හෝටල් කාර්ය මණ්ඩලය අමතක නොකළේය. පානදුර හෝටලයට ගිය විනෝද චාරිකාව අතර වාරයේ ඇයට මුහුණදීමට සිදුවී ඇති අවාසනාවන්ත සිද්ධිය ගැන ඔවුන් දැනගන්නේ එවිටය. 


නොවැම්බර් 03 වෙනිදා සිදුවූ ඒ සිද්ධිය ගැන හරියටම ඊට දින 25කට පසු කොටුව ‍පොලීසියේ පැමිණිල්ලක් සටහන් වන්නේ ඒ අනුවය. ඒ සඳහා ඇයව ‍පොලීසියට රැගෙන එනු ලබන්නේද ගලධාරි හෝටලයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමක් විසිනි.

කොටුව ‍පොලීසියේ එම පැමිණිල්ල එසේ ලියැවුණද ඇයව දූෂණය වන්නේ පානදුර ප්‍රදේශයේදී බැවින් කොටුව ‍පොලීසිය මගින් එම පැමිණිල්ල ඊට පසුදාම පානදුර ‍පොලීසියට යොමු කරන්නේ විමර්ශන කටයුතු සඳහාය.

පානදුර මූලස්ථාන ‍පොලීසියේ මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටින්නේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරාය. දක්ෂ විමර්ශකයෙකු ලෙස නමක් දිනා සිටින ඔහු අතට කොටුව ‍පොලීසියෙන් පැමිණිලි පිටපත ලැබිමත් සමග ඊට යම් පියවරක් ගන්නට මොහොතක්වත් ප්‍රමාද නොකළේය. 


අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස්  පරීක්ෂක නිශාන්ත කුමාර සමග සිද්ධිය සිදුවූ බව පැවසුණු හෝටලයට ගියේය. ඇයව දූෂණය වී දින ගණනාවක් ගෙවී ගොස් ඇති බැවින් ඒ වන විටත් සාක්ෂි සියල්ල විනාශ වී තිබිය හැකි  බව ඒ වන විටත් මහේෂ් පෙරේරා දැන සිටියේය.

ඒත් සමගම ඇයව අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන්නටද මහේෂ් පෙරේරා වගබලා ගත්තේය. ඇයව දූෂණයට ලක්ව ඇති බව මෙම වෛද්‍ය පරීක්ෂණය මගින්ද තහවුරු කෙරිණි. 


ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පානදුර ‍පොලිසියේ කණ්ඩායම කොටුව පොලිසියට දැනුම් දෙන්නේ ඇය දූෂණය කළ පුද්ගලයාත්, ඊට අනුබල දුන් තිදෙනාත් වහාම අත්අඩංගුවට ගෙන තමාට බාරදෙන ලෙසය. 

එහෙත් කොටුව ‍පොලීසියට අත්අඩංගුවට ගැනීමට හැකිවන්නේ දෙදෙනෙකු පමණි. ඒ අය අතර ඇයව දූෂණය කළ බව පැවසුණු පුද්ගලයාද විය. විවාහකයෙකු වූ ඔහු දරුවන් සිටින පියෙකි.

ඔවුන් දෙදෙනාව කොටුව ‍පොලීසියේ නිලධාරීන් විසින් පානදුර පොලීසියට බාර දෙන විට සෙසු දෙදෙනාද නීතිඥයන් මගින් පානදුර පොලීසියට පැමිණ බාර වන්නේ ‍පොලීසියට කට්ටි පැනීමෙන් පලක් නොවන බව දැන සිටි බැවිනි.  


තමන් සමග එකට සේවය කරන සහෝදර සේවිකාවක දූෂණය කළ සහ ඊට අනුබල දුන් බවට චෝදනා ලත් ඒ සිව්දෙනාම දැන් සිටින්නේ හිරේය. ඒ පානදුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවිනි.
 
Related Posts with Thumbnails