Ads 468x60px

.

ඇනකොන්ඩා ගිල වැමෑරූ ඇනකොන්ඩාවියගේ ජීවිතයත් අවදානමක...

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන යේදී පසුගියදා ඇනකොන්ඩා පිරිමි සතාව ගිල දැමූ ඇනකොන්ඩාවිය එම ගොදුර නැවැත වැමෑරීමේදී ඇතිවූ අපහසුතාව හේතුවෙන් ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සත්ත්වෝද්‍යාන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වෙනවා. 

මේ ඇනකොන්ඩා යුවළ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට පරිත්‍යාග කළ කාලයේ පටන් ඔවුන්ගේ ආහාර වේල් වශයෙන් එක් ඇනකොන්ඩා සතකුට කුකුළන් 15 දෙනකු බැගින් දෙදෙනාට සතියට කුකුළන් 30ක් කෑමට ලබාදී තිබෙනවා.

එහෙත් එම සතුන් දෙදෙනාට එසේ ලබාදුන් ආහාර වේල මෑතක සිට විශාල වශයෙන් අඩුකොට සතියකට එක් ඇනකොන්ඩාවකුට කුකුළන්

03ක් බැගින් දෙදෙනාට කුකුළන් 06 දෙනකු ආහාරයට ලබාදීමට සත්ත්ව භාරකරුවන් කටයුතු කර ඇති බවද අප වෙත වාර්තා වෙනවා.

ඒ අනුව ඇනකොන්ඩා යුවළට සතියක ආහාරයට ලැබුණු කුකුළන් 9 දෙනකු අඩුවී තිබෙනවා. එසේ සිදුකර ඇත්තේද සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සිටින පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව බව පවසනවා.

එසේ සමසේ ලබාදෙන ආහාර එක් සතකු ගිල දමනවාද සතුන් දෙදෙනාම ආහාර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට එම භාරකරුවන් පසු විපරමක් සිදු නොකරන බවත් එම සතුන් සිටින කූඩුවට කුකුළන් ඔහේ දමා යන බවටත් පැවසෙනවා.

ඇනකොන්ඩාවන්, පිඹුරන් ආදී උරගයන් ගොදුරක් ගිල දැමීමෙන් අනතුරුව එම ගොදුර දිරවන තෙක් ආරක්ෂාකාරීව සිටින අතර මේ ගැහැනු ඇනකොන්ඩා පිරිමි සතා ගිල දැමීමෙන් අනතුරුව එය දැකබලා ගැනීමට පැමිණි මිනිසුන්ගේ ශබ්දය හා මාධ්‍ය පැමිණ එය රූගත කිරීම සඳහා විදුලි ආලෝකය සහිතව කරනු ලැබූ රූගත කිරීම් හේතුවෙන් එම ඇනකොන්ඩාවිය මහත් අපහසුතාවකට පත්ව තිබෙනවා.


එවැනි කලබලකාරී වටපිටාවක සිටි එම සතා භීතියට පත්වීම හේතුවෙන් ගිල දැමූ පිරිමි ඇනකොන්ඩා සතා නැවතත් වමෑරීමට ලක්කර ඇති බව සත්ත්වවේදීහු පෙන්වා දෙ
නවා.

දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ රාජකාරි කරනු ලබන නිලධාරීන්ගේ තනතුරු ශේ‍ර්ණියෙහි පහළ තනතුර වන්නේ සත්ත්ව භාරකරුය. එම තනතුරට ඉහළින් පිළිවෙළින් සහකාර ආරක්ෂක සත්ත්ව හා ආරක්ෂක සත්ත්ව වෙනුවෙන් සෑම අංශයකටම එම තනතුරු සම්පාදනය ක්‍රියාත්මක වෙයි.


එහෙත් උරග අංශයේ පමණක් එසේ ක්‍රියාත්මක නොවන බවත් සත්ත්ව භාරකරුවන් පමණක් ඔවුන්ගේ සිතැඟි පරිදි එම අංශයේ ක්‍රියාකරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

උරග අංශයේ සත්ත්ව භාරකරුවන්ගේ ක්‍රියාකලාපය සොයා බැලීමට ඉහළ නිලධාරීන් නොමැති බවත්, ඉහළ නිලධාරීන්ද ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණු මත සත්ත්ව භාරකරුවන්ට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩකඩ ලබාදී ඇති බවටද සත්ත්ව උද්‍යානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


සත්ත්ව භාරකරුවන්ගේ ඕනෑම ක්‍රියාවක් පශු වෛද්‍යවරු පවා අනුමත කිරීමේ ප්‍රවණතාවකට උරග අංශයේ ක්‍රියාකාරිත්වය පැමිණ ඇති බවත් පවසන එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරන්නේ පිරිමි ඇනකොන්ඩා සිය ගැහැනු සතා විසින් ගිල දැමීම සහ ගොදුර වමෑරීමෙන් අනතුරුව ඇනකොන්ඩාවියට පැමිණ ඇති ජීවිත අවදානමට උරග අංශයේ සත්ත්ව භාරකරුවන් ඇතුළු නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය ප්‍රබල වශයෙන් බලපා ඇති බවයි.


ඒ පිලිබඳ මව්බිම පුවත් පතේ වීඩියෝව පහතින් 



අපගේ පෙර පුවත පහතින්.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හොඳින් වැඩුණු ඇනකොන්ඩා යුවළ ගෙන් ගැහැනු සතා විසින් පිරිමි සතාව පෙරේදා (19) ගිල දමා තිබෙන පුවත සැම පුවත් පතකම පාහේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුනා.

එහෙත්
එකදු පුවත් පතක වත් ගැහැනු සතා විසින් පිරිමි සතාව ගිල දැමීම පිලිබඳ හේතුව සඳහන් කර තිබුනේ නෑ. මේ සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එකට ගුලිවී සිටි එම ඇනකොන්ඩා
සතුන් කාලයක් තිස්සේ දැඩි ලෙස හිංසනයටත් පීඩනයටත් පත්ව සිටි බවයි.

චෙක් ජනරජයේ සත්වෝද්‍යානයකින් වසර 2004දී මෙම ඇනකොන්ඩා යුවළ දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එන විට එම සතුන්ගේ දිග අඩි 3ක් පමණ වූ බැව් සඳහන් වෙනවා. දිග අඩි 10ක් සහ පළල අඩි 5ක් පමණ වූ කූඩුවක රැඳවූ එම සතුන් මේ වනවිට අඩි 15කට වඩා දිගින් වැඩී තිබෙනවා.

ඇනකොන්ඩාවකු අඩි 35ක් දක්වා දිගට වැඩෙනවා. ඉඩකඩ මදිවීම නිසා එකට ගුලිවී සිටි එම සතුන් හිංසනයටත් පීඩනයටත් පත්ව
තිබෙනවා. ඇනකොන්ඩා ජෝඩුවට ප්‍රමාණවත් ඉඩක් සහිත කූඩුවක් ලබාදෙන ලෙස සේවකයන් විසින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබූ නමුත් බලධාරීන් ඒවා අවධානයට ලක්කර තිබුනේ නෑ.

පීඩනයට පත්ව සිටි ඇනකොන්ඩා ජෝඩුවේ හැසිරීම් නිරීක්ෂණය කළ පශු වෛද්‍යවරියක් එම සතුන් අඩු තරමින් වෙන්කර තබන ලෙසවත් ඉල්ලීමක් කර තිබෙනවා. එයටද ඇහුම්කන් නොදීම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම වූ බැව් සේවකයෝ පවසනවා.



ගැහැණු ඇනකොන්ඩා ව විසින් සිය සහයකයා ගිල ගැනීම (cannibalism) දක්නට ලැබෙනුයේ ගැහැණු ඇනකොන්ඩාවන් අතර පමණි. උන් ආහාරයට ගන්නේ පිරිමි ඇනකොන්ඩාවන් ද පමණක් වීම විශේෂයකි.

සාමන්‍යයෙන් පිරිමි ඇනකොන්ඩා වට වඩා ගැහැණු ඇනකොන්ඩා ප්‍රමාණයෙන් විශාලය. ගැහැණු ඇනකොන්ඩා විසින් සහයකයා ගිල දැමීම සිදුවන්නේ කොල ඇනකොන්ඩා (Eunectes murinus) වර්ගය අතරය.

පහත දැක්වෙනුයේ එවැනි අවස්ථාවක සජීවි ව වීඩියෝ කරන ලද දර්ශනයි.



මෙවැනිම සිදුවීමක් වූ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ඇනකොණ්ඩාවන් දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සත්වයා විසින් සිය පිරිමි සත්වයා ගිල දමා තිබුණු පුවතයි ඉහත සඳහන් වන්නේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙහි සෝවකයෝ පැවසුවේ ගැහැණු ඇනකොණ්ඩාව අඩි එකොළහක් පමණ දිග වන අතර පිරිමි ඇනකොණ්ඩාවා අඩි නවයක දිගින් යුක්ත බවයි.

මෙලෙස ගොදුර ගිල දැමීම හේතුවෙන් අදාළ ගැහැණු ඇනකොණ්ඩාවා ගේ ජීවිතය ද අවධානම් බවයි දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයෝ පවසන්නේ.

ඇනකොන්ඩා ගැහැනු සතා විසින් පිරිමි සතා ගිල දැමීමේ කවුරුත් නොදත් කතාව (වීඩියෝ)
 
Related Posts with Thumbnails