Ads 468x60px

.

දරුවන් දහයක් බඩට ගත් (අ) වාසනාවන්ත අම්මා


දරු කළල 
දහයක
මිනිස් 

දුවක්

දරු කළල දහයක් තම කුසේ තබාගැනීම සත්ව ලෝකයේ බොහෝ විට අප දැක ඇත්තේ බල්ලන්ගෙන් හා පූසන්ගෙනි. එහෙත් මිනිස් දුවක එලෙස දරුවන් දස දෙනෙකු කුසේ හොවා ගෙන ඇති දැඩි කිරීම පුදුම දනවන පුවතක් ම වේ.

එහෙත් ඉන්දියාවේ රේවා නගරයේ සන්ජේ ගාන්ධි අනුස්මරණ රෝහලට පැමිණි ගැබිණියකගේ කුසේ දරුවන් දස දෙනෙකුගේ කළල තිබී ඇති බව වාර්තා වේ. රෝහලට පැමිණෙන විටත් අන්ජු කුස්වා නම් විසි අට හැවිරිදි මේ මව දරුවන් 09 දෙනෙකු අතර මගදී ප්‍රසූත කර තිබුනි.


අවසන් දරුවා රෝහල තුළදී ප්‍රසූත කළත් අවාසනාවකට කුසෙන් ඉපිදුනු අවසන් දරුවා මෙන්ම අනෙක් 09 දෙනාම මළ දරුවන් දස දෙනෙකු ලෙස බිහිවිය.

මෙය ලෝකයේ සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් වන අතර එකක් සන්ජේ ගාන්ධි රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය එස්.කේ.පතක් , මේ සිදුවීමට පසුබිම් වූ හේතුව පිළිබඳ ව තවමත් නිරීක්ෂණය කරමින් සිටින අතර, අධිමාත්‍ර ඖෂධ භාවිතය ඊට හේතුවක් විය හැකි බවයි.

එම මවගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ “ගැබ් සරු කිරීමේ”(IVF) ප්‍රතිකාර කිසිවක් ඇය විසින් ගෙන නැති බවයි.

වෛද්‍යවරු ඇගේ කුස තුළ එක් කලලයකට වඩා ඇති බව සොයා ගැනීමෙන් පසු ඉන් කළල කිහිපයක් විනාශ කොට එක් කලලයක් රැක ගැනීමට යෝජනා කල අවස්ථාවේ අන්ජුගේ සැමියා ඊට විරෝධය පළ කොට ඇති බවද පැවසෙන්නේ.

ප්‍රසූත කරන ලද සියලු දරු කලල ගර්භාෂය තුළ ම මියගොස් තිබුණ අතර සති දොළහක නොමේරූ කලලයක් ද විය.

 
 
Related Posts with Thumbnails