Ads 468x60px

.

නිමල් සිරිපාලත් පඹයෙක් විතරයි - බිරිඳ කියයි


බල්ලෙක් නිදහස් 
කරන්න තරම්වත් 
බලයක් නෑ
 
තම ස්වාමි පුරුෂයා අමාත්‍යවරයෙක් වූ නිසා යමක් කරගැනීමට හැකිවේ යැයි සිතුවත් ඔහුට අඩුම තරමේ ආණ්ඩුවෙන් හිරකරගෙන ඉන්න සුනඛයෙක් වත් නිදහස් කරගැනීමට හැකි තරමේ බලයක් නැති බව දැනුයි තේරෙන්නේ. මාධ්‍ය සාකච්ඡාවක් පවතිවමින් එසේ පවසන්නේ වාරිමාර්ග අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බිරිඳ වන සත්ත්ව අවිහිංසා භාරයේ සභාපතිනි අයිරාංගනීද සිල්වා මහත්මියි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ "ශ‍්‍රී ලංකාවේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර කොළඹ නගරයෙන් අල්ලා ගත් සුනඛයන් 280 දෙනා හමුදා වාහනවලින් හලාවත ප‍්‍රදේශයට රැගෙන ගොස් මරා

දලා තියෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝග පවා පිළිනොගන්නා බාහිර බලවේගයක් විසින් පාලනය කරන කොළඹ නගර සභාව අහිංසක සතෙකුට පවා නගරයේ ජීවත්වීමට ඉඩ ලබා නොදෙන තත්වයක් උදාවෙලා.

සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින් සුනඛයන් මැරීම තහනම් කර තිබුණද කොළඹ නගර සභාවට එය පටහැනිවයි කටයුතු කර තිබෙන්නේ.

සියලු සුනඛයන් සුරක්ෂිතව තබා ගනිමින්, සමුළුවෙන් අනතුරුව මුදා හරින බවට නාගරික කොමසාරිස්වරිය අපට පොරොන්දු වෙමින් මේ පිළිබද විමසීමට ගිය අවස්ථා ගණනාවකදී ඇය අපිව රැවටීමකට ලක් කළා.

මගේ ස්වාමි පුරුෂයා අමාත්‍යවරයෙක් නිසා යමක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතුවා. ඒත් කොළඹ නගර සභාව අපට සැලකුවේ ඒ ගැනවත් සිතන්නේ නැතුවයි."

කෙසේ නමුත් මෙම සුනඛයින් ඇල්ලීමේ කටයුතුවල නිරතවී තිබුනේ ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සෘජු මැදිහත්වීම මත යුධ හමුදා නිලධාරීන්ගේද සහායෙනි.
 
Related Posts with Thumbnails