Ads 468x60px

.

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයාට හේමන්ත රන්දුණු පට්ට ආතල් දීම​

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයා බස් වල ජැක් ගැසීමේ සිට තමන් ගේ දුව දූෂණය කිරීම දක්වා බොහෝ දුර ගොස් තිබේ

සෙක්ස් යන​ වචනය සෙවුම් කරන්නන් අතරින් ලාංකිකයන් ලෝකයේ පළමු තැනට පැමිණ තිබෙන ගූගල් වාර්තා කරයි.

පොදු ජනයා ලිංගික අහේනියකින් පෙලෙන විට ලක්ශ්මන් හුලුගල්ල වැනි පුද්ගලයන් එස්ටීඑෆ් කාරයන් මුරට දමා අනියම් බිරිඳ සමග සංසර්ග යේ යෙදෙති. ජාතිය ආගම බේරා ගැනීමට පැමිණි හෙල උරුමයේ උපාසක මහතා බිරිඳගේ යෝනියට බෝතල් ඔබා පර පීඩක ආතල් ගන්නේය​.


දේශපාලකයන් ජනතා මුදලින් සහ බලහත්කාරයෙන් කම් සැප විඳිද්දී පොදු ජනයා බස් රථයේ යන ආච්චිට හෝ හේත්තුව දමති. ශ්‍රි ලාංකිකයා ගේ ලිංගික අසහනය ගැන දන්නා පත්තරකාරයන් ද වරින් වර ලිංගිකත්වය ගැන පට්ට කතා ලියති. 

අලුත්ම කතාව ලියන්නේ දිවයින පුවත් පතේ හේමන්ත රන්දුණුය​. අසම්මත ප්‍රේමයෙන් අන්ධ වූ තරුණියන් දෙදෙනකුගේ කතාව නමින් ඔහු ලියන්නේ යුද හමුදා සෙබලියන් දෙදෙනෙකු අතර ඇතිවූ සමලිංගික සබඳතාවක් ගැන වේ.

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයා සමලිංගිකත්වය යන වචනයට පවා  බිය වෙති. නමුත් ලංකාවේ සමලිංගික හිංසන වැඩිපුරම සිදු වන්නේ පන්සලේ සහ පල්ලියේ බව දැන දැනත් ඒ ගැන නොදන්නා විලාසයෙන් කථා කරති.

ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයාට පට්ට ආතල් එකක් දීමට හේමන්ත රන්දුණු මෙසේ ලියයි.


වෙනම කාමරයක නිදා ගැනීමට ලැබුණු දින රාත්‍රිය චතුරිකාට ඉතාම දීර්ඝ එකක්‌ විය. මධ්‍යම රාත්‍රිය ගෙවී යද්දී කාමරයේ දොර විවෘත වන හඬින් චතුරිකා අවදි වූවාය. එහෙත් අවදි වූ බව නොපෙන්වා ඇය නිසොල්මනේ සිටියාය. 


අඳුරේම කාමරයට ඇතුළු වූ රුව හෙමිහිට චතුරිකාගේ ඇඳට බර වුණේය. ඇගේ මුළු සරුවාංගයම ගැහෙන්නට විය. ඇය නිහඬවම සිදු වන්නේ කුමක්‌දැයි පිරික්‌සන්නට වූවාය. අඳුරු රුව චතුරිකාගේ සිරුර ස්‌පර්ශ කරන්නට වුණේය. 

"කවුද... උඹ. මොනවද කරන්න හදන්නෙ" තවදුරටත් ඉවසාගෙන සිටිය නොහැකි වූ තැන චතුරිකා කෑගැසුවාය. අඳුරු රුව එකවරම චතුරිකාගේ මුව අතින් තද කළාය.  "කෑගහන්න එපා බං මේ මම... ඩිලානි අක්‌කා. මට මහ පාළුවක්‌ දැනුණා. 

ඒකයි උඹව හොයාගෙන ආවෙ. ටිකක්‌ කතා කර කර ඉන්න." අඳුරේම මතු වූ රුව ඩිලානිගේ බව දැනගත් පසු චතුරිකාගේ බිය පහව යන්නට විය. ඩිලානි මොනවාදො කොඳුරන්නට වූවාය. ඇගේ ගොරහැඬි අතැඟිලි චතුරිකාගේ සිරුර පුරා දිව යන්නට වුණේය.  

"අනේ ඩිලානි අක්‌කේ... මේ මොකද කරන්නෙ." චතුරිකා වික්‌ෂිප්ත වූවාය. එදින රාත්‍රිය මහා කාලකණ්‌ණි රාත්‍රියක්‌ ලෙස ගෙවී ගියේය. ඩිලානි ගේ අසම්මත ක්‍රියාවන් හමුවේ චතුරිකා දැඩි ලෙස අසරණ වූවාය. එහෙත් ඒ ක්‍රියාවන්වලට විරුද්ධවීමට තරම් ශක්‌තියක්‌ ඇයට තිබුණේ නැත.

චතුරිකා නමැති සුන්දර තරුණිය තම අසම්මත ක්‍රියාවන් සඳහා ඩිලානි යොදවා ගත්තේ ඒ ආකාරයටය. පසුදා පහන් විය. චතුරිකාට ඩිලානිගේ මුහුණ බැලීමට බැරි තරමට ලැඡ්ජාවක්‌ සිතිණි. එහෙත් ඩිලානිට එය සාමාන්‍ය දෙයක්‌ මෙන් පෙනෙන්නට තිබිණි. "

තවත් තැනක හේමන්ත රන්දුණු මෙසේ ලියයි.


ඩිලානිත් චතුරිකාත් අතර ඇතිවී තිබූ අසම්මත ඇසුර දිනෙන් දින ලියලා වැඩෙමින් තිබිණි.  ඉඩ ලැබෙන හැම විටකම ඔවුහු ඒ අසම්මත ක්‍රියාවන් වල යෙදෙමින් පහත් පෙළේ වින්දනයක්‌ ලැබීමට පුරුදුව සිටියහ. 

අපට හේමන්ත රන්දුණුගෙන් ඇසීමට පැණයක් තිබේ. ඩිලානිත් චතුරිකාත් අසම්මත ක්‍රියාවන්වල යෙදෙමින් පහත් පෙළේ වින්දනයක්‌ ලැබුවා නම් එස්ටීඑෆ් කාරයන් මුරට දමා අනියම් බිරිඳ සමග සංසර්ගයේ යෙදුන හුලා, බිරිඳගේ යෝනියට බෝතල් ඔබා පර පීඩක ආතල් ගත් උපාසක මහතා, රූපාවාහිනී ටෙලි පෙන්වන්න ප්‍රධාන නිළියගෙන් කම්සැප ඉල්ලන ඇමතිතුමා ලැබුවේ කවර වින්දනයක්‌ද ?

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails