Ads 468x60px

.

ඇනකොන්ඩාවිය ගිල දැමු ඇනකොන්ඩා වමාරලා..


හිසෙ තුවාලයක් 
පමණයි

දෙහිවල ජාතික සත්වෝද්‍යා නයේ හොඳින් වැඩුණු ඇන කොන්ඩා යුවළ ගෙන් ගැහැනු සතා විසින් පිරිමි සතාව ගිල දැමූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

දැන් එහි අලුත්ම ආරංචිය වන්නේ අඩි නමයක් දිග එම ඇනකොන්ඩා ගිල දැමුවැයි කියන අඩි එකොලහක් දිග ඇනකොන්ඩාවිය දෙදිනකට පසු
සිය ගොදුර වමෑරූ බවයි.

මැරී සිටි ඇනකොන්ඩාගේ හිසෙහි තුවාලයක් හැරුණු විට කඳෙහි කිසිදු තුවාලයක් නොමැති බව සත්ව උද්‍යාන ආරංචි මාර්ග අපවෙත පැවසුවා. ඇනකොන්ඩා සත්ව රෝහලේ සීතාගාරයේ සිටින බවත් අපට වාර්තා වෙනවා. 

අපගේ පෙර පුවත පහතින්.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හොඳින් වැඩුණු ඇනකොන්ඩා යුවළ ගෙන් ගැහැනු සතා විසින් පිරිමි සතාව පෙරේදා (19) ගිල දමා තිබෙන පුවත සැම පුවත් පතකම පාහේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුනා.

එහෙත්
එකදු පුවත් පතක වත් ගැහැනු සතා විසින් පිරිමි සතාව ගිල දැමීම පිලිබඳ හේතුව සඳහන් කර තිබුනේ නෑ. මේ සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එකට ගුලිවී සිටි එම ඇනකොන්ඩා
සතුන් කාලයක් තිස්සේ දැඩි ලෙස හිංසනයටත් පීඩනයටත් පත්ව සිටි බවයි.

චෙක් ජනරජයේ සත්වෝද්‍යානයකින් වසර 2004දී මෙම ඇනකොන්ඩා යුවළ දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එන විට එම සතුන්ගේ දිග අඩි 3ක් පමණ වූ බැව් සඳහන් වෙනවා. දිග අඩි 10ක් සහ පළල අඩි 5ක් පමණ වූ කූඩුවක රැඳවූ එම සතුන් මේ වනවිට අඩි 15කට වඩා දිගින් වැඩී තිබෙනවා.

ඇනකොන්ඩාවකු අඩි 35ක් දක්වා දිගට වැඩෙනවා. ඉඩකඩ මදිවීම නිසා එකට ගුලිවී සිටි එම සතුන් හිංසනයටත් පීඩනයටත් පත්ව
තිබෙනවා. ඇනකොන්ඩා ජෝඩුවට ප්‍රමාණවත් ඉඩක් සහිත කූඩුවක් ලබාදෙන ලෙස සේවකයන් විසින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබූ නමුත් බලධාරීන් ඒවා අවධානයට ලක්කර තිබුනේ නෑ.

පීඩනයට පත්ව සිටි ඇනකොන්ඩා ජෝඩුවේ හැසිරීම් නිරීක්ෂණය කළ පශු වෛද්‍යවරියක් එම සතුන් අඩු තරමින් වෙන්කර තබන ලෙසවත් ඉල්ලීමක් කර තිබෙනවා. එයටද ඇහුම්කන් නොදීම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම වූ බැව් සේවකයෝ පවසනවා.



ගැහැණු ඇනකොන්ඩා ව විසින් සිය සහයකයා ගිල ගැනීම (cannibalism) දක්නට ලැබෙනුයේ ගැහැණු ඇනකොන්ඩාවන් අතර පමණි. උන් ආහාරයට ගන්නේ පිරිමි ඇනකොන්ඩාවන් ද පමණක් වීම විශේෂයකි.

සාමන්‍යයෙන් පිරිමි ඇනකොන්ඩා වට වඩා ගැහැණු ඇනකොන්ඩා ප්‍රමාණයෙන් විශාලය. ගැහැණු ඇනකොන්ඩා විසින් සහයකයා ගිල දැමීම සිදුවන්නේ කොල ඇනකොන්ඩා (Eunectes murinus) වර්ගය අතරය.

පහත දැක්වෙනුයේ එවැනි අවස්ථාවක සජීවි ව වීඩියෝ කරන ලද දර්ශනයි.



මෙවැනිම සිදුවීමක් වූ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ඇනකොණ්ඩාවන් දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සත්වයා විසින් සිය පිරිමි සත්වයා ගිල දමා තිබුණු පුවතයි ඉහත සඳහන් වන්නේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙහි සෝවකයෝ පැවසුවේ ගැහැණු ඇනකොණ්ඩාව අඩි එකොළහක් පමණ දිග වන අතර පිරිමි ඇනකොණ්ඩාවා අඩි නවයක දිගින් යුක්ත බවයි.

මෙලෙස ගොදුර ගිල දැමීම හේතුවෙන් අදාළ ගැහැණු ඇනකොණ්ඩාවා ගේ ජීවිතය ද අවධානම් බවයි දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයෝ පවසන්නේ.

ඇනකොන්ඩා ගැහැනු සතා විසින් පිරිමි සතා ගිල දැමීමේ කවුරුත් නොදත් කතාව (වීඩියෝ)
 
Related Posts with Thumbnails