Ads 468x60px

.

මහ රෑ රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වූ භූත දුම්රිය එංජිමේ රියෑදුරු කතා කරයි.


අපිටත් ලොකු 
අභිරහසක්‌

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පසුගිය පස් වෙනිදා ස්වයංක්‍රීයව ධාවනය වී තිබුණු පුවතක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවා.

එම දුම්රිය එංජිම රත්මලානට ධාවනය වීමේ සිද්ධිය පිළිබඳව වැඩ තහනමට ලක්‌වූ දුම්රිය රියෑදුරු ඩබ්ලිව්. සුමනරත්න මහතා දුරකථන යෙන් සම්බන්ධ කර ගනිමින් වසර 27 ක්‌ තිස්‌සේ දුම්රිය දෙපාර්ත මේන්තුවේ සේවය කළ තමාගේ සේවය අත්හිටුවා තිබීම පිළිබඳව කනගාටුවෙන වන අතර එම දුම්රිය එංජිම ඉබේ ධාවනය වීම පිළිබඳව මෙසේ පැවසුවා.

දෙමටගොඩ දුම්රිය යාඩ් එකෙන් තෙල්ගසා තිබූ මෙම දුම්රිය එංජිම දුම් රිය ධාවනාගාරය තුළ මම ස්‌ථානගත කළා. එදා රාත්‍රි 10.30 ට මමත් දුම්රිය සහායකත් එංජිමේ යතුර H.L.S. ධාවනාගාරයේ ඒ මොහොතේ

ඩියුටි කළ පුද්ගලයාට භාර දුන්නා. ඉන් එහා වෙච්ච දේවල් මා කියන්න දන්නේ නැහැ. එංජිම ඉබේ ධාවනය වීමේ සිද්ධියට මගෙත් දුම්රිය සහායකයාගෙත් සේවය තහනම් කරලා.

ඇයි දෙයියනේ එම සිද්ධියට අපි වග කියන්නේ කොහොමද? අපි භාර දීපු යතුර ධාවනාගාරයේ තිබියදීත් මෙම එංජිම මෙසේ රියෑදුරු නැතිව මහ රෑ ධාවනය වුණේ කෙසේ දැයි කියා අපිට ලොකු අභිරහසක්‌. ඒ වගේම කාටත් මෙම සිද්ධිය ලොකු අභිරහසක්‌. 

අපේ නොසැලකිල්ල මත මෙම එංජිම මේ විදියට ධාවනය වුණා නම් ඒක වෙන්න තිබුණේ අපි නිවසට යන මොහොතේමයි. පැය දෙකකටත් පස්‌සේ මහ රෑ දුම්රිය එංජිම රියෑදුරුද නැතිව ධාවනය වුණේ කොහොමද කියලා අපිටත් ප්‍රශ්නයක්‌.

මේ අතර මෙම එංජිමට අයත් යතුරට සමාන සෙසු එංජින් වලද තිබෙන ඒවා පොදු යතුරු බවද කෙසේ වෙතත් මෙය කාර්මික දෝෂයක්‌ මත සිදු නොවූ එකක්‌ බවට ස්‌ථිර වශයෙන් කිව හැකි බවද දුම්රිය දෙපාර්ත මේන්තුවේ ප්‍රකාශකයෙකු අප කල විමසීමකදී තව දුරටත් පැවසුවා.

අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5දා මහරෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා.
මහ රෑ රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වූ භූත දුම්රියේ අභිරහස මෙන්න.
 
Related Posts with Thumbnails