Ads 468x60px

.

කැමැත්තක් නැතිව මගේ ඇඟ අල්ලන්න කාට වත් ඉඩදෙන්නෙ නැහැ - සේමිණී


මම දකින දකින 
අය එක්ක 
සම්බන්ධකම් 
පවත්වන 
කෙනෙක් 
නෙමේ.

සේමිණී ඉද්දමල්ගොඩ යනු තරුණ පරපුරේ රංගන ශිල්පිණියන් අතර ජනප‍්‍රිය මෙන්ම කුසලතා පිරිපුන් රංගන ශිල්පිණියකි. 

ඇය සිනමාව මෙන්ම රුපවාහිනිය සහ වේදිකාවේද සම්මානයට පාත‍්‍ර වූ දක්ෂ රංගන ශිල්පිණියක් වන අතර සේමිණී අප සමග කතා බහට එක් වන්නේ ස්ත‍්‍රීත්වයේ ලක්‍ෂණයක් වන සෙක්සි ලුක් එක වැඩි දියුණු කරගනීමට ඇය උත්සාහ කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමටයි.

මේ අප ඇය හා කළ සංවාදයයි.

සේමිණී ජීවිතය කොහොමද?

ජීවිතේ බොහොම සැහැල්ලූයි සුන්දරයි සරලයි.

තරුණ වයසෙදි කාසඳ බැඳපු රංගන ශිල්පිණියක් හැටියට ජනප‍්‍රිය ඔයාට විවාහයෙන් පසුව පේ‍්‍රම සම්බන්ධකම් ඇතිවෙලා තිබෙනවද?


ඔව්... ඇතිවෙලා තිබුනා. පෘථග්ජන මිනිස්සු හැටියට එහෙම දේවල් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොන බැරියර්ස් තිබුනත් ගැල

වෙන්න බැරිවුන අවස්ථා තිබුනා. හැබැයි අපේ සමාජය, සංස්කෘතිය පිළිබඳව හිතනකොට මට වගකීමක් ඇති බව මම හිතුවා.

ඔබේ සැමියා වන දම්මිකට වෙනත් සම්බන්ධයක් ඇති වුනොත් ඔයා කොහොමද ඒකට ප‍්‍රතිචාර දක්වන්නෙ?


මගේ දෙයකදි දම්මික දක්වන ලද ප‍්‍රතිචාරයකට වඩා මම දරුණු වෙනවා ස්වභාවයෙන්ම. ඒක මට කොහොමත්ම දරාගන්න අමාරු කාරණයක්. මම සමාව දෙනවා. මොකද මට, දුවට දම්මිකව ඕනෙ නිසා. දික්කසාදය කට හෝ මිනී මරන්න යන්නෙ නැහැ. ඒ සම්බන්ධය කඩා කප්පල් කරනව. ලේසියෙන් අත අරින්නෙ නැහැ.

සේමිණී ඔයා සෙක්සි කියලා කියනවා... ඔයා සෙක්සිද.?


මෙහෙමයි මම එහෙමයි කියලා මගේ බාහිර රුපයත් ඒකක් බොහෝ අය කියනවා. හිතනවා. මගේ බාහිර ස්වරුපය තුළ එහෙම පෙණුමක් තමා තියෙන්නෙ. මේ නිසා මම වැරැද්දක් නොකළත් මිනිස්සු මම මෙහෙමයි කියලා කියනවා. 


මම මිනිස්සු මම ගැන හිතන තරම් නරක කෙනෙක් නෙමේ. මම දකින දකින හිතෙන හිතෙන අය එක්ක සම්බන්ධකම් පවත්වන කෙනෙක් නෙමේ. අපි ගැන ලියන සමහර අය ඒ විදිහට තමා හුවා දක්වන්න උත්සාහ කරන්නෙ. 

මම හරිම සුහදශීලීව සමාජය ඇතුලෙ වැඩ කරන්න, ගැවසෙන්න කැමති කෙනෙක්. අනවශ්‍ය බලපැම් වලට මම ටිකක් තදින් ඉන්නවා. එහෙම කා එක්ක හරි හිතවත් වෙන්න අවශ්‍ය නම් මම හුගක් දේ ගැන හරිම සැළකිලිමත්. අපි කියන්නේ පස්මහ බැලූම් බලනවා කියලා.

මගේ කැමැත්තක් නැතිව කිසිම කෙනෙකුට අතකින්වත් අල්ලන්න මම කාටවත් ඉඩදෙන්නෙ නැහැ. මම එක බැල්මකින් ඒ කෙනාව එතැනින් පැත්තකට කරනවා. ඒ වගේම තමා ඕනෙනම්, එක බැල්මකින් ගෙන්න ගන්නත් පුළුවන්.

මේ සෙක්සි ලූක් එක ගැන ඔයාට මොකද හිතෙන්නෙ?


මම ඒ පෙනුමට කැමතියි. ඒක වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒක ස්ත‍්‍රීත්වයේ ලක්‍ෂණයක්. ඒක පිනක්.
 
Related Posts with Thumbnails