Ads 468x60px

.

මහ රෑ රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වූ භූත දුම්රියේ අභිරහස මෙන්න.

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පසුගිය පස් වෙනිදා ස්වයංක්‍රීයව ධාවනය වී තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රියැදුරකු රහිතව ධාවනය වූ එම දුම්රිය එන්ජිම පණ ගන්වා ඇත්තේ ඒ සම්බන්ධ කිසිත් දැනුමක් නොමැති ජනශක්ති ධාවනාගාරයේ සේවය කරනු ලැබූ සේවකයකු විසින් බවයි.

සිද්ධියට අදාළ
දුම්රිය එන්ජිම බාරව සිටි රියැදුරු සහ රියැදුරු සහායක එය ධාවනාගාරය තුළට ගාල්කොට රාත්‍රී 10.30 ට යතුර එම අංශයේ රාජකාරි කළ ෆෝමන් : වැඩ පරීක්ෂක වරයාට භාර දී තිබෙනවා. 

පසුව එය පණ ගන්වා ඇත්තේ දැනට වසර කීපයකට පෙර අලව්වේදී අනතුරකට ලක් වූ දුම්රියේ යතුරකිනි. එම යතුර අදාළ දුම්රිය එන්ජිමේ
යතුරුකටේ රැඳී තිබි ඇත. වැඩ නිමවා ධාවනාගාරය තුළට ගාල් කෙරෙන ෂන්ටින් එන්ජිමක දිනපතාම පාහේ තිරිංග : බ්රේක් - පරීක්ෂා කෙරේ. 

ඒ සඳහා මෙදිනද එන්ජිම පණ ගන්වා ඇති අතර එවිට වේලාව මධ්‍යම රාත්‍රී 12 ට ආසන්නව තිබි ඇත. රාත්‍රී සේවාමුර එම වේලාවට මාරුවන බැවින් ධාවනාගාර සේවකයන් ඒ සඳහා නික්ම ගොස් තේ පානය කොට ආපසු පැමිණෙන විට එන්ජිම අතුරුදන්ව තිබි ඇත. 

ඒ අවස්ථාවේදී මරදාන ඩීසල් ධාවනාගාරයට දුරකථන ඇමතුමක් දී ඇති ජනශක්ති ධාවනාගාරයේ ෆෝමන්වරයා එන්ජිමක් මරදානට පැමිණියේ දැයි විමසා තිබේ. තමන්ට ෂන්ටින් එන්ජිමක අවශ්‍යතාවක් නැතැයි මරදානෙන් ලැබුණ පිළිතුරෙන් කලබල වූ පිරිස එන්ජිමට සිදු වූයේ කුමක්දැයි සෙවීමට පටන්ගෙන ඇත.

ධාවනාගාරයෙන් පිට වූ එන්ජිම මරදාන හරහා කොටුව දෙසට ධාවනය වනු ධාවනාගාරය පසුකළ විට හමුවන අංක 756 සංඥා කුටිය භාරව රාජකාරි කළ නිලධාරියා හෝ නොදැන සිට ඇත. 


දුම්රිය වෘත්තිය සංගම් පෙන්වා දෙන්නේ එම සංඥා කුළුණ පසුකරගෙන දුම්රියක් ඉදිරියට යන්නේ නම් ඒ බව සංඥා කුටියේ ඇති විද්‍යුත් පුවරුවේ රතු පැහැයෙන් පෙන්නුම් කරන බවයි. 

එසේ වූ විට ඉදිරියේ ඇති පැන්නුම් බාදකය මගින් දුම්රිය පීලිවලින් ඉවත් කිරීම සිදුකළ හැකි නමුත් එම ස්ථානවල රාජකාරි සඳහා සේවකයන් යොමු නොකිරීමේ පිළිවෙතක් කාලයක පටන් ක්‍රියාවට නැංවෙන අතර එසේ යෙදවූවත් ඔවුන් රාත්‍රියේ දී අදාළ ස්ථානයන්හි රැඳී නොසිටින බවද සංගම් නියෝජිතයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

ජනශක්ති ධාවනාගාරයේ සිට කොටුව දුම්රිය‍පොළ දක්වා කොටසේ ගමනාන්ත බාධක 4 ක් ඇති අතර පාලක මැදිරිය මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටියා නම් මින් එකකට එන්ජිම යොමු කිරීමට අවකාශ තිබූ බව රියැදුරෝ අවධාරණය කරති. කොටුව දුම්රිය ස්ථානයෙන් පහළට දිවෙන මුහුදුබඩ මාර්ගයේ එවැනි බෆර් එකක් හෝ නොමැති බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

අනතුරක් සිදු නොවීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ එන්ජිම ධාවනය වූ මාර්ගයේ ගාල්ල දෙසට පමණක් දුම්රියක් ධාවනය කිරීමට භාවිතයට ගැනීම නිසා බවද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අවධාරණය කරති.


අයා‍ලේ යන අවස්ථාවේ එන්ජිමේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිතව තිබි ඇති අතර රත්මලාන ප්‍රදේශයේ දී නවතාගෙන ඇත්තේද අත් තිරිංග යොදා ගැනීමෙනි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දුම්රිය සාමාන්‍යාධි කාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර එම කමිටු වාර්තාව ඊයේ (09) දිනයේ දී සාමාන්‍යාධිකාරීවරයාට භාර දී නොතිබුණි. 

මේ අතර වැඩ තහනමට ලක්ව සිටි අදාළ දුම්රිය එන්ජිමේ රියැදුරු ඩබ්.සුමනරත්න හා රියැදුරු සහායක ආර්. ඒ. ඩී. සුනිල් දෙදෙනා ඊයේ නැවත සේවයේ පිහිටුවා ඇති අතර මොවුන් මරදාන ඩීසල් ධාවනා ගාරයට මාරු කොට තිබෙන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.

හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා
 
Related Posts with Thumbnails