Ads 468x60px

.

රාජ්‍ය භාෂා කොමසාරිස් රාජකාරී වේලාවේ බීමතින්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය භාෂා කොමසාරිස් ජේ . ඩී. සී ජයසිංහ රාජකාරී කරන්නේ මත්පැන් ගඳ වහනය වෙමින් බව රාජ්‍ය භාෂා කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පවසති.

මීට පෙරද රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා මීරිගම නගරයේ බීමතින් හතර ගාතයෙන් සිටියදී මීරිගම නගරයේ ත්‍රීරෝද රියැදුරන් කිහිප දෙනෙකු විසින්  මුද්දරගම පිහිටි ඔහුගේ නිවෙසට ගෙන එන ලදී.

රජයට පරිවර්තන සැපයීම, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීම සහ පාරිභාෂිත ශබ්ද මාලා, භාෂා පෙළපොත් සහ ශබ්ද කෝෂ පිළියෙල කිරීම ආදී කටයුතු වලට 1958 දී පිහිටවනු ලැබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරයට මේ තාක් පත් කරනු ලැබුවේ ප්‍රවීණ විද්වතුන් නමුත් සියලුම සම්ප්‍රදායන් කඩා බිඳ දමමින් රාජ්‍ය භාෂා කොමසාරිස් ධුරයට නමගිය බේබද්දෙකු සහ ස්ත්‍රී දූෂකයෙකු පත් කිරීමෙන් එකී ධූරය දෙකේ කොළයට වැටුණු බව රාජ්‍ය භාෂා කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පෙන්වා දෙති. 

ජේ . ඩී. සී ජයසිංහ විසින් 1999 වසරේදී මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය බලහත් කාරයෙන් දුෂණය කිරීම සම්බන්දයෙන් ඔහුට විරුද්ධව චෝදනා තිබේ. 
මෙම සාපරාධි ලිංගික අතවරයෙන් පසුව 1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය කිරීමෙන් දිවි නසා ගත්තාය. ඇයගේ මරණයත් සමගම ස්ත්‍රී දුෂණය යට ගැසීමට ජයසිංහ සමත් විය. 
 
එසේම මොහු තම දරුවන් ගෙන යාම සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී වැඩිහිටි සිසුවියකගේ පියයුරක් මිරිකීම නිසා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කරන ලදී. 
 
මෙම ළමා අපචාර සිද්ධිය ගම්පහ පොලිස් ස්ථානයට දෙමාපියන් විසින් දැනුම් දුන්නද ඔහු එවකට ගම්පහ ප්‍රබල දේශපාලකයෙකු වූ රෙජි රණතුංග ගේ උපකාරයෙන් කිසිදු චෝදනාවක් නොලබා ගැලවී යාමට හැකි විය.
 
ආචාර්‍ය නන්දදේව විජේසේකර වැනි ගෞරවනිය උගතුන් වාඩිවූ පුටුවේ දැන් වාඩි වන්නේ ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර පිලිබඳ චෝදනා ලබා සිටින සුරා ධුර්තයෙකි.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails