Ads 468x60px

.

යුධ හමුදා බේස්බෝල් කී‍්‍රඩක නෙලංක කරුණාරත්නට ජාත්‍යන්තර සම්මානයක්...

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා සිට 2 වැනිදා දක්වා පාකිස්ථානයේ ලාහෝර් නුවර පන්ජාබ් කී‍්‍රඩාංගණයේ පැවැති 11 වන බටහිර ආසියානු බේස්බෝල් තරගා වලිය නිමා වුයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම රිදී පදක්කම ලබාගනිමින්ය.

පාකිස්ථානය සමග පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 3 - 0 ක් ලෙස තියුණු ජයක් පාකිස්ථාන කණ්ඩායම ලබාගත්ත ද ශී‍්‍ර ලංකා ජාතික බේස්බෝල් කී‍්‍රඩකයින් ගේ දක්ෂතා ඉතා උසස් මට්ටමක පැවැති බව සඳහන් කළ යුතුය.

මෙම තරගාවලියේදී රන් පදක්කම ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබා ගැනීමට නොහැකි වුවද, තරගාවලියේදී කී‍්‍රඩක යින්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් පිරිනැමු විශේෂ සම්මාන 3 න් එකක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකුට හිමි වීමද විශේෂිතය.

ඒ අනුව 11 වන බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ දක්ෂතම කැචර් කී‍්‍රඩකයාට ලබා දෙන ජාත්‍යන්තර සම්මානය හිමි වුයේ යුධ හමුදා

බේස්බෝල් කණ්ඩායමේ කී‍්‍රඩක නෙලංක කරුණාරත්න කී‍්‍රඩකයාටයි.

මෙවැනි ජාත්‍යන්තර සම්මාන 2 ක් මීට පෙර ශී‍්‍ර ලංකා 18 න් පහළ ජාතික කණ්ඩායම් නියෝජනය කළ කී‍්‍රඩකයින් දෙදෙනෙකුට 2005 වසරේදී සහ 2011 වසරේදී ලබා ගැනීමට හැකි වුවද ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයෙකු වෙත මේ ආකාරයේ සම්මානයක් හිමිවු ප‍්‍රථම අවස්ථාව මෙය වනු ඇත.

2006 වසරේ සිට මේ දක්වා ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු නෙලංක කරුණාරත්න මේ වන විට අන්තර්ජාතික බේස්බෝල් තරග 25 කට වැඩි ප‍්‍රමාණයක් සඳහා තම දායකත්වය ශී‍්‍ර ලංකා බේස්බෝල් කණ්ඩායමට ලබා දී ඇත.

1999 වසරේදී ගාල්ල මහින්ද විද්‍යාලයෙන් බේස්බෝල් කී‍්‍රඩාවට අවතීර්ණ වු නෙලංක කරුණාරත්න කී‍්‍රඩකයා 2004 සිට 2009 දක්වා කාලය තුළ ගාල්ල මහින්ද විද්‍යාලයේ සහ සිරිධම්ම විද්‍යාලයේ බේස්බෝල් පුහුණුකරු වශයෙන්ද කටයුතු කොට ඇත. 


2009 වසර තෙක් මහින්ද බේස්බෝල් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ තරගාවලියන්ට සහභාගි වු ඔහු මේ වන විට නියෝජනය කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා යුධ හමුදා කී‍්‍රඩා සමාජයයි. 

2009 වසරේ ශී‍්‍ර ලංකා බේස්බෝල් කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවර පැවැති 8 වන ආසියානු බේස්බෝල් තරගාවලියේ දී දිනාගත් ලෝකඩ පදක්කම ශී‍්‍ර ලංකා කණ්ඩායමක් බේස්බෝල් කී‍්‍රඩාවෙන් ලබාගත් ප‍්‍රථම ජාත්‍යන්තර පදක්කම වේ. 

මෙම පදක්ක ලබාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද නෙලංක  කී‍්‍රඩකයා කටයුතු කොට ඇත. මෙවැනි බේස්බෝල් පසුබිමක් ඇති කී‍්‍රඩකයෙකු වු නෙලංක කී‍්‍රඩකයාට බේස්බෝල් කී‍්‍රඩාවේදී අනන්ත ලෙස ආසාධාරණයන්ට හා පළිගැනීම් වලට ද ලක්වීමට සිදුවිය. 

එහි හොඳම උදාහරණය වන්නේ 2013 වසරේ පැවැති ශී‍්‍ර ලංකා බේස්බෝල් ක්ලැසික් තරගාවලිය කී‍්‍රඩා කිරීමට ශී‍්‍ර ලංකාවේ හොඳම කී‍්‍රඩකයින් 100 දෙනා අතරට මෙම කී‍්‍රඩකයා තෝරා නොගෙන එම තරගාවලියෙන් හිතා මතා ඉවත් කිරීමයි. 

මෙම කී‍්‍රඩකයින් 100 දෙනා සඳහා කණ්ඩායම් 6 ක් නිර්මාණය කළ අතර ඒ කණ්ඩායම් 6 සඳහා අවම වශයෙන් කැචර් කී‍්‍රඩකයින් 6 දෙනෙකු අවශ්‍ය විය. 

නමුත් ශී‍්‍ර ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ නිත්‍ය කැචර් කී‍්‍රඩකයා වන නෙලංක කරුණාරත්නව ශී‍්‍ර ලංකාව තුළ පැවැත්වු එම තරගා වලියෙන් ඉවත් කර වුයේ බේස්බෝල් කී‍්‍රඩාවේ කී‍්‍රඩක පළිගැනීම් වල තත්ත්වය කෙතරම් ද යන්න මුළු ශී‍්‍ර ලංකාවටම හෙළි කරමින්ය. 

නමුත් මේ ආකාරයට නොයෙකුත් අසාධාරණයන්ට ලක්වු මෙම කී‍්‍රඩකයා ඊට සම්බන්ධ වු සියල්ලන්ට තම දක්ෂතාවයෙන් නිහඩව පිළිතුරු දී හමාරය.
 
Related Posts with Thumbnails