Ads 468x60px

.

සභාපති කපිල විදුලි සෝපානයකදී සේවිකාවකගේ පස්ස මිරිකලා...

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරියකු වන ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර විසින් විදුලි සෝපානයකදී එහි සේවිකා වකට ලිංගික අතවරයක් කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් මස 4 වැනිදා නගර සභා මාසික රැස්වීම අවසන් වී ඉහළ මාලයේ සිට පහළ මාලයකට සෝපානයෙන් එන අවස්ථාවේ නිලධාරියා විසින් ගිණුම් අංශයේ කළමනාකාර සහකාරවරියකගේ පසුපස ප්‍රදේශය

මිරිකා ලිංගික අතවරයක් සිදුකර ඇති බවයි.

එම අවස්ථාවේ ඇය ඔහුට පෙරළා පහර දී ඇති අතර එම අවස්ථාවේ එහි තවත් සේවකයකු හා සේවිකාවකද සිට ඇත. සිද්ධියෙන් පසු ලිංගික අතවරයට පත් කළමනාකරණ සහකාරවරිය මාරුවීමක් ඉල්ලාගෙන නොවැම්බර් පළමුවැනි දින සිට කොළඹ මහ නගර සභාව වෙත මාරු වී ගොස් ඇත. මේ සම්බන්ධයෙන් ජාතික කාන්තා කමිටුව මෙතෙක් කිසිදු විමර්ශනයක් කර නොමැති බව නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මේ අතර මෙම ලිංගික හිංසනයට අදාල නඩුවේ වග උත්තර කරුවකු වන කපිල කුමාර මහතාට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති තනතුරට තරග කිරීමට ඉඩ ලබාදීම පිළිබඳ ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා ලෙස පස්වරක්ම සම්මාන ලබා ඇති පත්මසිරි පෙරේරා ප්‍රධාන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන කමිටුව පසුගිය බදාදා (18දා) ක්‍රීඩා ඇමැතිවරයා මුණගැසී ඔවුන්ගේ විරෝධය ලිඛිතව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අදාළ නිලවරණය දෙසැම්බර් 24 වැනිදා පෙරවරු 10.00ට ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කායවර්ධන ප්‍රවීණයෝ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තුරු නිලවරණය කල් දමන ලෙසය.

විශාල වශයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදු කර ඇති බවත් විගණනය කරන ලද අය - වැය වාර්තාවක්ද ඉදිරිපත් කර නැති බවත් පෙන්වා දෙන ඔවුන් ශ්‍රී ලංකාව පුරා කායවර්ධන ක්‍රීඩා සමාජ 800ක් පමණ ඇතත් නිලවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ කපිල කුමාරට හිතවත් ක්‍රීඩා සමාජ 30 කට අඩු ප්‍රමාණයකට පමණක් බවය.

ඒ පිළිබඳ සාක්‍ෂියක් ලෙස පොළොන්නරුවේ ජෙයරාජ් ෆිට්නස් සෙන්ටර් නමින් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලන සාමාජිකත්වය ලබා ඇති ක්‍රීඩා සමාජයටද මෙවර නිලවරණයේදී ඡන්දය දීමේ අයිතිය අහිමි කර ඇති බවද අදාළ විරෝධතාවට ඇතුළත් කර ඇත. 


එහි ඇති විශේෂත්වය ලෙස සඳහන් කළ හැක්කේ එම ක්‍රීඩා සමාජය රුපියල් 10,000ක සාමාජික ගාස්තු ගෙවා තිබීමය. තවද සූක්‍ෂ්ම සැලසුම් ක්‍රියාත්මක කරමින් බොහෝ ක්‍රීඩා සමාජයන්හී සාමාජිකත්වය අහිමි කිරීමට කරඇති සැලසුම්ද ලිපියට ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.

පැවැති අතුරු කමිටුවේ සභාපති ධුරය කපිල කුමාරට පිළිගන්වා පස්වරක් ම ජාතික අයෝමය ශූරයා ලෙස සම්මාන ලැබූ පත්මසිරි පෙරේරා සාමාජිකයකු ලෙස පත්කර තිබීම කෙතරම් නම් විහිළුවක් දැයි සඳහන් කරන කායවර්ධන ප්‍රවීණයෝ සභාපති වූ දිනයේ සිට ඔහු ඔහුට අවශ්‍ය දේ පමණක් ක්‍රියාත්මක කළ බවද පෙන්වා දී තිබිණි.

මෙවැනි පහත් මානසික තත්ත්වයක් සහිත පුද්ගලයකුට ක්‍රීඩා පාරිපාලනයක සභාපති තනතුරක් දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගත් ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින සියලුම නිලධාරිනියන් ලැජ්ජා විය යුතු අතර ඇමැතිවරයා මේ පිළිබඳ ගන්නා පියවර පිළිබඳ කායවර්ධන ප්‍රවීණයෝ විමසිල්ලෙන් පසුවෙති.


විදුලි සෝපානයකදී එහි සේවිකාවකට ලිංගික අතවරයක් කරනු ලැබූ බවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ජාතික කාන්තා කමිටුවට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රි විපුල ගුණතිලක මහතා විසින් මෙම පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails