Ads 468x60px

.

නදීශාගේ සිස්ටම් එක හා නදීෂා නොදන්නා, 'වෙනස් කළ යුතු සිස්ටම් එක'

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණ අපේක්ෂ කයකු ලෙස ඉදිරිපත් වන්නට බලාපොරොත්තුවන ටෙලි නාට්‍ය නිළි නදීශා සම්බන්ධව විවිධ පුවත්පත් මෙන්ම, වෙබ් අඩවිද ,බ්ලොග්ද ඇයගේ දේශපාලන ආගමනය පිළිබඳව විවිධ දෘෂ්ඨි කෝණ තුළින් කතාබහ කර තිබුණා.

එහිදී ඇය මේ සිස්ටම් එක වෙනස් කිරීම සඳහා දේශපාලනයට පිවි සුනු බවක් පවසා තිබෙනවා. සිස් ටම් එක යනුවෙන් ඇය හඳුන් වන්නේ ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි.!

අද කාලයේ දේශපාලනය ගැන හෝ දේශපාලනය ගාවගෙන කලාව කරනවා යැයි කියන බහුතරයකගෙන්, ඇයි ඕවා කරන්නේ කියල ඇසූ විට දෙන ජනප්‍රිය උත්තරය වන්නේ, මේ සිස්ටම් එක අප්සෙට්. ඒක වෙනස් කරන්නයි අපි මෙව්ව කරන්නේ යන්නය.

ඊගාවට සිස්ටම් එක මොකක්ද කියා ඇසූ විට තමන්ටත් නොදැනී තමන් කරන්න හදන තක්කඩිකම එළියට පැනීම සිදුවේ. එහෙත් නදීශා හේම මාලි දේශපාලනයට පිවිසිම ගැන තැනක දෙකක හැර වෙබ් අඩවි හා සමාජ ජාලා වල දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ ඇගේ නිරුවත හා
අදාලවයි. 

ඒ මේ රටේ සිංහල බෞද්ධ කුහක කමේ ප්‍රතිචාරයක් විනා වෙන ඉටි ගෙඩියක් නොවේ. ඒ නිසා ඒ ගැන කිසිදු සැලකිල්ලක් නදීෂා වුව දැක්විය යුතු නැත. එහෙත් නදීෂා නොදන්නා, 'වෙනස් කළ යුතු සිස්ටම් එක' ඇතුළේ ඒ සිදුවන බව නදීෂාට ඡන්දය පාවිච්චි කිරීමට සිතාගෙන සිටින ඡන්දදායකයන්වත් දැන ගන්නේ නම් හොඳය.

ඒ නදීෂාගේ නිරුවත තරම්ම ලස්සන වැඩකි.

ගණිකාවකට වුව මේ රටේ ඡන්දය ඉල්ලීමේ අයිතිය තිබිය යුතුය. දේශපාලනය කිරීමේ අයිතිය දේශපාලනික සංවිධානය වීමේ අයිතිය ඇයට හිමිවිය යුතුය. ඒ අර්ථයෙන් නදීෂා දේශපාලනයට පිවිසීම ගැන කිසිදු ගැටලුවක් ඇත්තේ නැත.

එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ 'නදීෂාගේ දේශපාලනය ' අවසානයේ සේවය කරන්නේ කාටද කියන ගැටලුවය. ඒ තබා ඈ දෙපා තබාගෙන සිටින්නේ කොතනද කියන ගැටලුවය. 

ඒ තක්කඩිකමකින් මෙහා තැනක නවත්වා ගැනීමට නදීෂාට හැකිවේවිද යන්න ඇය භාවිතාවෙන්ම පෙන්විය යුතු නමුත් 'ගොනා හැරෙන්නේ තැඹිලි පැලේට' බව කියන උපහැරණයක් මොකක්දෝ කරුමයකට සිංහල භාෂා සංස්කෘතියේ තිබීම ලොකු අවුලක් වෙන එක නදීෂාට වැලක්විය හැකි නොවන බව ඇය පෙන්වා හමාරය.

නදීශාගේ එම සාකච්ඡාව පහතින්

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිණී නදීෂා හේමමාලි එජපක්‍ෂයෙන් දේශපාලනයට පැමිණීමෙන් පසු ඇය සම්බන්ධව විවිධ පුවත්පත් මෙන්ම, වෙබ් අඩවි ද ,බ්ලොග්ද ඇයගේ දේශපාලන ආගමනය පිළිබඳව විවිධ දෘෂ්ඨිකෝණ තුළින් කතාබහ කර තිබිණි.

ඒවායින් වැඩි හරියක් නදීෂා මේ අවස්ථාවේ බලයේ ඇති දේශපාලනය වෙනුවට විපක්‍ෂ තෝරාගනීම පිළිබඳවත්, කලාකාරිණියක දේහපාලනයට පිවිසීම සහ ඇය ස්ත‍්‍රියක් වීම නිසාත් මේ මාතෘකා අතර කැපී පෙණිනි. සමහරු අපහාස කර තිබුණ අතර සමහර අය ඇය බාරගත් අභියෝගය පිළිබඳව වෙනස් ආකාරයකින් කතාකර තිබිණ.

ලංකාවේ දේශපාලනය තුළ පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයින් ගෙන් උගත් කමක් ඇති ආචාර්ය, මහාචාර්යවරු සිටින්නේ අතළොස්සකි. ආචාර්ය, මහාචාර්ය වූ පමණින් දේශපාලනයට සුදුසු වන්නේද නැත. දේශපාලනය හැදෑරුවාට දේශපාලනයට සුදුසුවන්නේත් නැත. 

විශ්වවිද්‍යාල තුළින් දේශපාලන විද්‍යාව හදාරා පිටතට එන, විශ්වවිද්‍යාල තුළ දේශපාලනය කරණ බහුතරයක්ද දේශපාලන යට පිවිසෙන්නේද නැත. සමාජ සේවය කරන සියල්ලෝම දේශපාලනයට එන්නේද නැත. කලාව කරන සියල්ලලෝම දේශපාලනයට එන්නේද නැත. 

දේශපාලන තීරු ලිපි ලියන, පොත්පත් ලියන විද්වතුන් දේශපාලනයට එන්නේත් නැත. කරන්නේත් නැත. ජන්ද සටන්වලට ඉදිරිපත්වන්නේත් නැත.විවේචනය කරන අය දේශපාලනයට එන්නේත් නැත මඩ ගහන අය දේශපාලනයට එන්නේත් නැත.

ඉතින් මේ සියල්ලෝම දේශපාලනය නොකරන විට කරන්නට එන අය දේශපාලනය කරන්නට උවමනාවෙන් එන්නේ ඒ පිළිබඳ කැමැත්ත ඇති නිසාය.

නදීෂා දේශපාලනයට එන්නේත් ස්ව කැමැත්තෙනි. නදීෂා දේශපාලන පක්‍ෂ සාමාජිකත්වය ගැනීමෙන් සහ දේශපාලනය කිරීමට ප‍්‍රවිශ්ඨ වීමෙන් පසු ඇය සමග ප‍්‍රථම වෙබ් මාධය සාකච්ජාව කරනු ලැබීය. මේ ඇය හා කළ සාකච්ජාවයි.

එජපක්‍ෂයට ඇවිත් ටික දවසක් වෙනවා මොනවද මේ දවස්වල කරන්නෙ?

දේශපාලන විද්‍යාව සහ දේශපාලන කලාව හදාරමින් ඉන්නෙ. දැණුවත් වීම අවශ්‍යයි ඕනෙම දෙයක් නිසියාකාරව කරන්න අවබෝධය දැණුම ඉතා වැදගත්.

ආසනයක් ලැබුනද?

අම්බලන්ගොඩ මගේ ගම. එහෙන් ලැබෙයි කියලා තමා මම විශ්වාස කරන්නෙ.

ගීතා, අනර්කලී වගේ අය කාලයක් තිස්සේ දකුනේ ජනතාවත් සමග කටයුතු කරළා තිබෙනවා ඔයා යන්නෙ අළුතෙන් කොහොමද ඒවට මූනදෙන්නෙ?

අළුත් ද පරණද කියන එක මට ඒ තරම් බලපැමක් වන එකක් නැහැ කියලා මම විශ්වාස කරන්නෙ. අවශ්‍ය වෙන්නෙ තමන් නියොජනය කරන්න හදන ජනතාවගේ කාරණා තේරුම් අරන් ඔවුන් වෙනුවෙන් හරි දෙයක් කරන එකයි. ඉතින් මම කරන දේයි මම කියනදේයි තමයි වැදගත් වෙන්නෙ.

කලාකරුවන් මෙවර පළාත් සභා ජන්දයට වැඩි ප‍්‍රමාණයක් දායක වනවා නේද?

කලාකරුවන් දේශපාලනයට ආවත් දේශපාලනඥයින් දේශපාලනය කරත් කවරු කරත් අපි ජනතාවට සේවයක් නම් කරන්නෙ ඒක කව්රු කරත් ඒකෙ ප‍්‍රථිපල වරප‍්‍රසාද බුක්ති විඳිනනේ රටේ ජනතාව. 

ඉතින් ඒක කලාකරුවෝ ආවත් වෛද්‍යවරු ආවත් සාමාන්‍ය කෙනෙක් ආවත් සිද්ධ වෙන්නේ හොඳක් නම් ඒක විශේෂයක් නෙමේ කියලා මම හිතනවා. අනිත් එක කලාකරුවෙකු කියන්නේ සමාජය සහ මේ රටේ යම් යම් කාරනා පිළිබඳ යම් අවබෝධයක් තිබෙන පිරිසක්. 

ඔවුන්ට මේ රටේ සමස්ථ ජනතාවගේම ආදරය ගෞරවය හිමිවෙනවා. ඉතින් කලාකරුවෙකුට දේශපාලනයට ඒම තරමක් අනෙත් කෙනෙක් එනවට වඩා වෙනස් ආකාරයේ ප‍්‍රචාරයක් තිබෙනවා ජනතාව වෙතින්.

දේශපාලනයට ආවෙ ඇයි?

සමාජ සේවය කරන්න

සමාජයට සේවය කරන්න දේශපාලනය මොකටද?

මම මේ වනවිටත් පුද්ගලික මට්ටමින් සමාජ සේවා කටයුතු කරනවා. නමුත් දේශපාලනය තුළින් ක‍්‍රමානුකූලව යම් වැඩ පිලිවෙක් ඇතුව සමාජ සේවය පුළුල් ආකාරයෙන් විධිමත්ව කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ලංකාවේ සමාජ සේවා කරණ ප‍්‍රසිද්ධ කාන්තා චරිත දේශපාලනය කරන්නෙ නැහැනෙ.

බහුතරයක් එවැනි කාන්තාවන් ව්‍යාපාරික පවුල් වළින් පැවත එන සෘජුව දේශපාලනයට සම්බන්ධ නොවුනත් විවිධා කරායෙන් දේශපාලන ව්‍යාපෘතීන් තුළ ඉන්න අය.

මම සමාජ සේවය කරන්න කැමැතියි ක‍්‍රමානුකූලව කියන එක ඇතුළෙ තියෙන්නෙ ධන පරිත්‍යාගය කියන අදහස පමණක් නොවේ. මේ පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ අරමුණට සහාය දීමත් ඒ තුළ තිබෙනවා

මොකද්ද මේ ඔබ වෙනස් කරන්න සහයෝගය දෙන සිස්ටම් එක?

ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉන් මූලික තැනක් ගන්නවා.මම මගේ පෞද්ගලික දේශපාලන ආකල්ප සහ ප‍්‍රතිපත්ති සමග ගැලපෙන දේශපාලන ප‍්‍රතිපත්ති තිබෙන විපක්‍ෂය තොරාගත්තෙ ඒ නිසා.

එජාපක්‍ෂය බලයට පැමිණියහොත් ඔබ විශ්වාස කරනවද ජනාධිපති ක‍්‍රමය ආහෝසි කරයි කියලා.

පක්‍ෂයේ ප‍්‍රතිපත්ති වලට මම එකගව වැඩ කරනවා. පක්‍ෂය ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඔනෙ කියන පදනමේ පැහැදිලිවම ඉන්නවා. ජනතාව පැහැදිළිවම ඒ සඳහා එජාපක්‍ෂය විශ්වාස කරනවා.

එජපය ප‍්‍රභල වික්‍ෂයක් කියලා ඔබ විශ්වාස කරනවද?

පැහැදිලිවම ඔව් . එජපයේ උගත් ,බුද්ධිමත් ක‍්‍රියාකාරීදේශපාලනයේ නියතු අත්දැකීම් බහුල පිරිසක් සිටින්නේ. ජය- පරාජය, සාර්ථකත්වය- අසාර්ථකත්වය තිබෙන්නේ අද කරන දේ තුළ කියලා කියමනක් තිබෙනවා.ඉතින් අපිට සාර්ථක වෙන්න පුළුවන්.

මීඩියා කොන්ෆරන්ස් එකේදී සමහරු ඔයාව අපහසුතාවට පත් කරන්න හැදුවද?

ප‍්‍රශ්න අහන්න පුළුවන් ඒ නිදහස එයාලට තබෙනවා. පිළිතුරු දීමේ අයිතිය සහ නිදහස අපිට තිබෙනවා. හුගක් අය මට ඒ ගැන හොඳ කිව්වා. දේශපාලනය කරන්න ආවහම විතරක් නෙමේ අද කැම්පස් එකට අළුතෙන් ගියහමත් රැග් කරනවනේ. 

ඒ වගේම අලූතෙන් රැකියාවකට ආයතනයකට ගියත් ටිකක් මුළදි මේ වගේ දේවල් වළට මුහුන දෙන්න වෙනවා. ඒ අවබෝධය මට තිබෙනවා.

කැපිලි කෙටිලි එන්නත් පුළුවන්. ඒක දේශපාලනයෙදි වෙන්න පුලූවන්, කලාවෙදි වෙන්න පුලූවන්. ඕන වෘත්තියකදි එහෙම දේවල් සාමාන්‍ය යෙන් සිදුවෙනවා. ඉතින් මම යහපත් සිහියෙන් යුතුව ඒ හැමදෙයක් දිහාම බලන්න උත්සාහ කරනවා. 

මට කා සමගවත් තරගයක් නැහැ. තරහක් නැහැ . හැමෝ සමගම ඉතා සුහදව කටයුතු කිරීමේ කැමැත්ත සහ උවමනාව මට අවංකවම, පැහැදිලිවම තිබෙනවා.

පක්‍ෂයේ අනිත් ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

හොඳ සහයෝගයක් ලැබෙනවා.

ගීතා කුමාරසිංහ කියලා තිබුණා ඔයා දේශපාලනයට ආව එක ගැන සතුටුයි නමුත් වැරදි පක්‍ෂය ඔයා තෝරගෙන තිබෙන්නෙ කියලා නේද?

මම හිතනවා තමන්ට කැමැති පක්‍ෂයකට ජන්දය දීමේ අයිතිය මේ රටේ ජනතාවට තිබෙනවා කියලා .ඒක කැමැත්ත. මම මගේ ප‍්‍රතිපත්ති දේශපාලනයේ සිටිනවා.

කාලකරුවෙකුට යම්කිසි ප‍්‍රතිරුපයක් තිබෙනවා දේශපාලනඥයින් සම්බන්ධවත් මිනිස්සු තුළ එවැනි ප‍්‍රතිරුප ගොඩ නැගී තබෙනවා. ඔබ පිළිබඳ ජනතාව තුළ ගොඩ නැගී ඇති ප‍්‍රතිරුපය දේශපාලනයෙදි මොන විදිහටද භාවිතා කරන්නෙ?

මෙහෙමෙයි අපි හැම රැකියාවටම ගරු කරන්න ඕනෙ. දේශපාලනය කියන්නේ ඇත්තටම අවංකවම කරනවනම් ශ්‍රේෂ්ඨ සේවාවක්. නමුත් අද අපි ජීවත්වන්නේ පෝස්ට් මොඩන් සොසයිටි එකක. ජනප‍්‍රිය සංස්කාතියට තමා මේ රටේ ජනතාව ගෙ වැඩි කැමැත්තක් තිබෙන්නෙ. 

මෙවන් පසු බිමක ප‍්‍රසිද්ධ චරිත වලට ජනතාව කැමතියි. ඒක එක වෙලාවකට වැරදියි කියලා හිතනවා. මොකද මිනිස්සු බාහිර ප‍්‍රතිරුපයන්ට තමා ගැතිවෙන්නේ අභයන්තර හරයට නෙමේ. ඉතින් එතෙන්දි අපිට වගකීමක් තිබෙනවා හරයක් එකතු කරන්න. 

එහෙම නැතිවුනොත් බාහිර සාධකයන් ඉස්මතුවෙලා හරයන් නැතිවෙයි. දේශපාලන විද්‍යාවත් කලාවත් දෙකම අධ්‍යනය කිරීම ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ කියන මනෝ මූලික කාරණා නිසා. අපිට නැත්තෙ මේ අධ්‍යනය. 

මම කලාවට ආපු මුල්කාලයේදීත් හිතපු දෙයක් සහ ප‍්‍රකාශ කරපු දෙයක් තමා රංගනයට ආවත් අපිට අධ්‍යනයක් හැදැරීමක් තිබෙන්න ඕනෙ කියලා. මම නාට්‍ය හා රංග කලාව උසස් පෙළට කළා. ඒ තුළින් යම් අවබෝධයක් රංගනය ගැන ලබාගන්න පුළුවන් වුණා.

ඔබ ජයග‍්‍රහණය කරයිද?

මම විශ්වාස කරනවා ජයග‍්‍රණය කරන්න පුළුවන් කියලා.

බැරිවුනොත්?

ඒක ගැටළුවක් කරගන්නෙ නැහැ. ජය පරාජය කියන දේ සාර්ථකත්වය අසාර්ථකත්වය කියන දේ සදාකාලික නැහැ .

දේශපාලනයට පිවිසීමට ගත්ත තීන්දුව ගැන කළකිරෙයිද?

නැහැ. මම අභියෝගවලට කැමතියි. මම ජීවිතය ආරම්භ කළේ අභියෝග වළට මුහුණ දෙමින් මම මගේ ඉලක්ක වෙත අසීරුවෙන් හෝ ළගා වන කෙනෙක්. මම අභියෝගාත්මකයි. මගේ ප‍්‍රතිපත්ති මම නැති කරගන්නෙ නැහැ.

ආණ්ඩු පක්‍ෂෙන් ආරාධනා ලැබුනෙ නැද්ද?

ලැබුණා' දැනුත් කතාකරනවා.

එජපයෙන් කාගෙන්ද ආරාධනා ලැබුණෙ?

ඉහළම අයගෙන්

සැහැල්ලූවෙන් හිටපු කාලෙ දේශපාලනය සමග වෙනස් වෙයි නේද?

ජීවිතේ වෙනස් වෙනවා මොහොතින් මොහොත. සමාජයට, රටට වැඩ කරන්න කැපවීම් කරන්න වෙනවා. සැහැල්ලූවෙන් ඉන්න බැරිවෙයි. ඒ ගැන දුකක් නැහැ. අපි කරන්න යන මෙහෙයයි වැදගත්. 

අපි කැපකිරීම් කරන්න සූදානම් වෙළයි මේ තීන්දු තීරණ ගන්නෙ. පක්‍ෂයේ විණය පද්ධතියක් තිබෙනවා. අපි ඒවට ගරු කරන්න ඕනෙ. අපි ඒවා ආරක්‍ෂා කරන්න බැඳී සිටිනවා. මම හිතනවා මම ඒ වගකීම් අවබෝධ කරගෙන මේ ගමන යන්න පුළුවන් කියලා.

ඔයාගෙ ජන්දදායකයෝ විවිධ වයස්වල ඉන්න විවිධ උගත්කම් ඇති විවිධ පන්තීන්ට අයත් අය

ඔව් මට ඒ ගැන හැගීමක් තිබෙනවා. මම අම්බලන්ගොඩින් ජන්දය ඉල්ලනකොට මම කරන කියන දේ පිලිබඳව ඒ ප‍්‍රදේශයේ විතරක් නෙමේ රටේම ජනතාව ඒ දෙස බලා සිටිනවා. 

ජන්දය භාවිතා කරන බොහෝ අය ඔබ කිවූ ආකාරයට විවිධ තලවල අය. ඒ අය පිළිබඳ හොඳ අවබෝදයක් ලබාගැනීම ඉතාම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඉදිරියෙදි කලා නිර්මාණ වලට දායක වෙනවද?

දේශපාලන ජීවිතයත් සමග සිනමා සහ ටෙලි නාට්‍ය කලාව තුළ අලූත් මාවතකට යන්න අපේක්‍ෂාවක් තිබෙනවා.

ඔබ දේශපාලනයට ප‍්‍රවිශ්ඨවනවායැයි වූ ප‍්‍රවෘර්තිය මාධ්‍යතුළ ලැව්ගින්නක් සේ පැතිර ගියා. අන්තර්ජාල බ්ලෝග් සහ වෙබ් අඩවි වල විවිධ දේ ලියැවී තිබෙනවා මේ පිළිබඳව ඔබ දැණුවත්ද?

මේ සියළු ලිපි සහ අන්තර්ජාල වෙබ් අඩවි වළ පළවූ දෑ නිරීක්‍ෂණය කරන්න මට කාලයක් තිබුනෙ නැහැ. නමුත් නොමිනේෂන් දෙන එක වළක්වන්න ජනතාව පිළිබඳව මා කෙරෙහි යම් වැරදි සහගත් ආකල්ප ඇති කරන්න විවිධ මාධ්‍ය විවිධ අය විසින් භාවිතා කරනවා වෙන්න පුළුවන්. 

නමුත් මම විශ්වාස කරනවා මම ගත්ත තීරණය මම වෙනස් කරන්නෙ නැහැ. ඒවගේ ප‍්‍රචාර හෝ අදහස් පිළිබඳව මම සැළෙන්නෙ නැහැ. මන්ද මට අදාළ නොවන නිසා.

ඔබේ ජන්ද බල ප‍්‍රදේශය අම්බලන්ගොඩ වුනොත් මේ වනවිට කව්ද ඥාතීන් ඉන්නෙ ?

මගේ පියාගේ පාර්ශවයේ සියළු අය දැනටත් එහෙ තමා ඉන්නෙ.

ජන්දයකදී කුල පදනම බලපාන බව ඔබ විශ්වාස කරනවද?

ලංකාවේ එවැනි කුල ජන්ද පදනමක් තබෙන බව මා දන්නවා. දකුණෙ විතරක් නෙමේ නේද එවැනි කුල ජන්ද පදනමක් තිබෙන්නෙ ?

ඔබේ කුලයෙ අය ඔබට ජන්දය දෙයි කියන විශ්වාසය තිබෙනවද?

මම කුල ජන්ද පදනම වගේම පොදු ජන්ද පදනම ගැනත් පොදු ජනතාව ගැන විශ්වාසය තබා ඇති කෙනෙක්. ඒ නිසා මම ජනතාවට කියනවා මා කෙරෙහි විශ්වාසය තබන්න කියලා.
 
Related Posts with Thumbnails