Ads 468x60px

.

මට යන්න කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කියපු එකෙක් - ගීතා


ගෑනියක්‌ 
වෙනුවෙන් 
උපවාස කිරීම 
ගෑනු වැඩක්‌

ගැහැනියක්‌ වෙනුවෙන් උපවාස කිරීම ගැහැනු වැඩක්‌ යෑයි බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.

ගීතා කුමරසිංහ මහත්මිය බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ද සමග ඇල්පිටිය නගර මධ්‍යයේදී මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙරේදා (15 දා) සිදුකල මාරාන්තික උපවාසය පිළිබඳව ඇය තව දුරටත් මෙසේ සඳහන් කර සිටියා.

ඔය උපවාසය කරන උදවිය මෙම පළාතට කරපු සේවයක්‌ නැහැ. මේ පිරිසෙන් කෙනෙක්‌ වැලි ජාවාරම් කාරයෙක්‌. මට එක්කෙනෙක්‌ ගණිකා
වෘත්තිය නීතිගත කරන්න කියලා උද්ඝෝෂණ කරපු කෙනෙක්‌. මම හැදුණු වැඩුණු ගම දාලා මට යන්න කියන්නේ මාව ඔය කාට කාටත් අභියෝගයක්‌ නිසයි.

තවත් එකෙක්‌ විනය කඩකරපු එකෙක්‌. මේ අය අතර මගෙන් උදව් ගත්ත කොතෙකුත් ඉන්නවා. මේ උදවියට උපවාස කරන්න රටේ ප්‍රශ්න නැද්ද? අනික මේ උදවිය කවුද? මම කවුද? මම මෙහේ සංවිධායකවරිය.

ගැහැනියක වෙනුවෙන් උපවාස කරන්නේ මේ කට්‌ටියට මාව විශාල අභියෝගයක්‌ නිසයි. මේ උදවිය ගැන මම ජනාධිපතිතුමාටත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටත් පැමිණිලි කරනවා. 


ඔය උපවාසකරුවන්ගේ පැත්ත කවුරුවත් ගන්නේ නැහැ. පක්‍ෂයේ විනය කඩකරපු අය වෙනුවෙන් මම උදව් කළේ නැහැ. ඒ තරහ ඔවුන්ට තිබෙනවා.
 
Related Posts with Thumbnails